ඔන්න 5යි 6යි කොටස් අරන් ආවා. දන්නෙ නෑ කට්ටියගෙ හිතට ඇල්ලුවද කියලා. කමක් නෑ. පටන් ගත්ත එක ඉවර කරන්න එපැයි. ඒත් ඉස්සරහට වෙන්න තියෙන දේවල් දන්න නිසා මට විශ්වාසෙන් කියන්න පුළුවන් සීසන් 1න් මැනලා මේකෙ වටිනාකම මනින්න බෑ කියලා. ඩවුන්ලෝඩ් ලින්ක් හොයාගන්න අපහසු අය හිටියනම් ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ දාලා තියෙනවා . ඉතින් කලින් කොටස් දෙකෙන් බලන්න ඇතිනෙ නෝමාන් උගුලක් අටවනවා කව්ද ඔත්තුකාරයා කියලා දැනගන්න. මොකද එයාලට සාධාරණ සැකයක් තියෙන නිසා. ඩොනුයි ගිල්ඩටයි සම්පූර්ණ ඇත්ත නොකිව්වත් එමායි අනිත් දෙන්නයි එකතු වෙලා හැමෝමත් එක්ක පැනලා යන්න හදන්නෙ කියලා එයාලට කියනවනෙ. ඇත්ත කිව්වා වගේ නෙවෙයි ඒ දෙන්නා අතරද දන්නෙ නෑනෙ ඔත්තු කාරයා ඉන්නෙ. ඉතින් අන්න ඒ නිසයි නෝමාන් මේ උගුල් අටවන්නෙ. ඩොන්ට කියන්නෙ එයාලා හදපු ලණු තියෙන්නෙ නෝමාන්ගෙ ඇඳ යට කියලා. එතකොට ගිල්ඩට කියන්නෙ ඒක තියෙන්නෙ නාන කාමරේ වහලෙ කියලා. ඔය අතරෙ රෑ ගිල්ඩා ගිහින් සිස්ටර් එක්ක කරන කතා බහට එමා ඇහුම්කන් දෙනවනෙ. එතනදි තහවුරු වෙනවා ගිල්ඩා කියන්නෙ පාවලා දෙන කෙනෙක් නෙවෙයි කියලා. ඔය අතරෙ මමාට දොර යටින් කොල කෑල්ලක් කව්ද දානවා ලණු තියෙන්නෙ නෝමාන්ගෙ ඇඳ යට කියලා. ඉතින් නෝමාන්ගෙ ඇඳ යට ලණු තියෙනවා කියලා එයාලා කිව්වෙ ඩොන්ට. පස්සෙ නෝමානුයි රේයි ලණු තියෙනවද කියලා පරික්ෂා කරලා බලනකොට ගිල්ඩට ලණු තියෙනවා කියලා කියපු තැන ලණු ඒ විදියටම තියෙනවා. ඒත් නෝමාන්ගෙ ඇඳ යට ගිහින් බලනකොට ලණු ටික නෑ. ඉතින් රේයි කියනවා “එහෙනම් දැන් තහවුරුයි ඒ ඩොන් කියලා” කියලා. ඒත් නෝමාන් කෙලින්ම රේයිගෙ පැත්ත හැරිලා කියන්නෙ “එහෙනම් ඔයයි ඔත්තුකාරයා” කියලා. ඒ මොකක්ද වුනේ? රේයි ඔත්තු කාරයෙක් වෙන්න පුළුවන්ද? රේයි කියන්නෙ එමාගෙයි නෝමාන්ගෙයි හොඳම යාළුවා. නිකන්ම යාළුවෙක් නෙවෙයි. පොඩි කාලෙ ඉඳලම එකට ඉන්න යාළුවා. එහෙම කෙනෙක් එයාලට ද්‍රෝහි වෙලා මේ වගේ බරපතල වෙලාවක ඔත්තුකාරයෙක් වෙයිද? ඒ ගැන බලන්න අද ගෙනාපු කොටස් දෙක බලන්න වෙනවා.
එහෙනම් ඊළඟ කොටස් දෙකෙන් (7 සහා 8) මුණ ගැහෙමු.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x265 | 1080p | 2GB | Complete S01 |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| BDRip | x264 | 480p | 30MB | E05 |
| BDRip | x264 | 480p | 30MB | E06 |