MENU

Titans (2018-) [S02 : E02] | රෝස් විල්සන්…

පසුගිය කොටසින්

මුල් කතාසමයෙ අවසානයට රේචල්ගෙ ඇත්තම පවුල එකතු වුනා. රේචල්ගෙ උදව්වෙන් ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්නත් හැකියාව ලැබුනා. මේ තුන්දෙනාගේ එකතු වීම මේ අයට සතුටුදායක දෙයක් වුනත් අනික් අයට නම් ඒ විදිහේ හොද දෙයක් වුනේ නැහැ. මොකද ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්න රේචල් උදව් කලත් එයාට රේචල් ගැන ඒ හැටි තැකීමක් දක්වපු බවක් පෙනුනේ නැහැ. ඒවගේම කතාව අවසන් වුණේ ඩික්ට තමන් කැමතිම දෙයක් බොරුවක් තුල සාර්ථක කරගන්න දීලා එයාවත් ට්‍රයිගොන්ගෙ පාලනයට අරගෙනයි. ඩික්ගේ යාලුවෝ රේචල්, ගාර් වගේම ඩික්ව බේරගන්න ඇවිත් ඉන්න විත්තිය ට්‍රයිගොන් දැකලා එයා දාලා තිබුණු බාධකය නැති කරලා ඒ අයවත් ගෙන්නගෙන ලගා කරගන්න පුලුවන් බොරුවක් ඇත්ත දෙයක් වගේ පෙන්නලා හිටිය ඔක්කොම අයව ට්‍රයිගොන්ගෙ පාලනයට නතු කරගත්තා. මේ සිදුවීම් පෙල හරියටම Suicide Squad ෆිල්ම් එක අවසානයේ එන්චැන්ට්‍රස් දාපු දහං ගැට ටික වගේමයි.

කොහොමහරි අන්තිමේදී රේචල්වත් පාලනය කරගන්න ලැබුණු ට්‍රයිගොන් තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගත්තම ගාර්ගෙ උදව්වෙන් රේචල්ට ආපහු හරි සිහියට එන්න ලැබිලා ට්‍රයිගොන්ගේ අධාකාරයට අහුවෙලා හිටිය ඩික්ව බේරගෙන තමන්ගේ තාත්තා වෙච්චි ට්‍රයිගොන්ව ආපහු වතාවක් එයා හිටිය දිහාවටම යැව්වා. පස්සෙ ටයිටන්ස් ඉතිරි සාමාජිකයො ටික ට්‍රයිගොන්ගෙ අන්ධකාරයෙන් මිදිලා යතා තත්වයට ආවා. ඔයාලට මේ ට්‍රයිගොන් – රේචල් දෙන්නගේ සම්බන්ධය දැනගන්න කැමති නම් Justice League vs. Teen Titans, Teen Titans: The Judas Contract ඔය ෆිල්ම් දෙකවත් අඩුම තරමේ බලන්න. එතකොට දළ අදහසක් ගන්න පුලුවන්. ටයිටන්ස්ලා ගැන ටීවී එකේ කියද්දී තවත් චරිතයක පුංචි මුහුණුවරක් ලබා දුන්නා. අවසාන හරියෙ ඩික්ට අවස්ථාවක් ලැබුනා බෲස් එක්ක කතාබහ කරලා සැන් ෆ්‍රැන්සිස්කෝවල එක්තරා සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් අරගන්න. ඉදිරියේදී ටයිටන්ස් සාමාජිකයන් මේ ගොඩනැගිල්ල එයාලගෙ පුහුණුවීම් වලට, කට්ටියම එකතු වෙන තැනක් විදිහට පාවිච්චි කරාවි. මොකද මේක තමයිඅපිට මුලින්ම ලයිව්-ඇක්ෂන් සීරීස් එකකින් දැකගන්න ලැබෙන ටයිටන්ස් ටවර් එක වෙන්නෙ.

ඉස්සරහට මේ කතාමාලාව හරහා දැකගන්න පුලුවන් වෙන චරිත ගණනාවක්ම තියෙනවා.

අද කොටසින්

ඩික් ටයිටන්ලගේ ටීම් එකත් අරගෙන සැන් ෆ්‍රැන්සිස්කෝ වලට ආවා මතක ඇතිනේ. එයත් එක්ක ආව අය ටවර් එකට වෙලා පුහුණුවීම් වෙනවා. එතකොට කෝරි වගේම ඩෝනා චිකාගෝ වලට වෙනින් මෙහෙයුමක. ඒවගේම හෑන්ක් හා ඩෝව්න් දෙන්නා නිදහසේ දුර ඈත පලාතක කාලෙ ගත කරන ගමන් ඉන්නෙ. මේ අතරේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලට හැකියාවක් තියෙන අමුත්තෙක් එනවා. ඒ කෙනා කවුද කියලා ඔයාලට අද කොටසින් දැකගන්න ලැබේවි. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්…

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 1GB |

Direct Download

| WEB | x264 | SD | 200MB |

| WEB | x264 | 720p | 350MB |

| WEB | x264 | 720p | 1GB | HQ |

HEVC – x265

| WEB | x265 | 720p | 140MB |

| WEB | x265 10bit | 720p | 180MB | PSA |

| WEB | x265 10bit | 1080p | 420MB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *