සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, ඔන්න එහෙනම් The I-Land කතාමාලාවේ හතරවන කතාංගය අරගෙන ආවා. එහෙනම් අද කතාවට යන්න කලින් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු.
කලින් කතාවේ දැකගන්න ලැබුණා චේස් ට මේ දූපත ගැන පොඩි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම එයාලාව මේ දූපතට ගෙනාවේ ඇයි කියන කාරණය ගැන. ඉතින් මේ ගැන අනිත් අයගේ අදහස මොකද්ද? ඒ ටික අද කතාවෙන්..
චේස් ඇවිල්ලා කොච්චර වැද වැටිලා කිව්වත් අනික් කට්ටියට මේ ඇත්ත පැහැදිලි කරවන්න චේස් ට බැරි වෙනවා. ඒ අතරවාරයේ තවත් දෙන්නෙක් මතුවෙනවා. එයාලාගේ කතාවත් මෙයාලාගේ කතාවට සමාන වෙන බවයි පේන්නේ. ඒත් චේස් මේ දෙන්නාව විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම එයාලව විශ්වාස කරන්නත් බෑ. එයාලා දෙන්නාව මේ ක්‍රියාවලියට යොදවලා තියෙන්නේ මේ කට්ටිය වැරැද්දක් කළොත් දඩුවම් දීලා යුක්තිය ඉටු කරන්නයි. එයාලා චේස් ඇතුළු කණ්ඩායමට කියනවා කෙනෙක්ව මැරුවොත් ඒ මරපු කෙනාව එයාලා මරනවා කියලා. ඒ වගේම එයාලා තව දෙයක් කියනවා. ඒ තමයි බොහොම ඉක්මනින් එයාලට මතකය එන බවත් ඒ මතකය පාලනය කරගන්න බැරි වෙන බවත් අන්තිමේදි එකිනෙකාව මරාගන්න පෙළඹෙන බවත්. එහෙනම් ඔය කිව්වා මදෑ. ඉතුරු ටික බලලා දැනගමු. එහෙනම් ගිහින් එන්නම්. සුභ දවසක්.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.