කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ The I-Land කතාමාලවේ 5වෙනි කොටස. ඉතින් බලන අය දන්නවා ඇති මේ සිරීස් එක ලිමිටඩ් සිරීස් එකක්. බොහෝ ජනප්‍රිය වුන Lost කතාමාලව වගේ කතාවක් තමා මේකත් කියලා, ඒත් ඒ Lost කතාවට ගහන්න මේකට පුළුවන් කමක් නෑ කියලත් ඔයාලා දන්නවා ඇති. එහෙනම් හැරෙමු කතාව පැත්තට.
පසුගිය කොටසින්
මූලිකවම දූපතේ ඉන්න කට්ටියට එයාලගේ මතකයන් නැවත ආවර්ජනය වෙන්න පටන් ගන්නවා, චේස්ව ගැටගහලා දාල තියෙනව දකින්න ඇතිනේ. එයා බ්‍රෝඩ්ව මැරුවා කියලයි කියන්නේ, ඒත් එක්කම එතනට වෙන දෙන්නෙක් එනවා. එයාලත් පෙන්නන්නේ එයාලට වුනෙත් ඒකමයි කියලා. ඒ වුනාට දන්නවා ඇතිනේ එයාල වෙනම ක්‍රියාවලියකින් ආපු දෙන්නෙක් කියලා. බ්‍රෝඩ්ව මැරුවේ වෙනම කෙල්ලෙක්. අර ආපු කෙල්ලයි කොල්ලයි ඒ කෙල්ලව මරලා දන්නවා. ඒ කෙල්ලව මරලා දාල කියනවා මේ දූපතේ කවුරුහරි මැරුණොත් ඒ කෙනත් මැරෙනවා කියලා. ඒත් එක්කම චේස් පැනලා යනවා. අනික තමයි දූපතේ අය කණ්ඩායම් දෙකකට බෙදිලා වෙන වෙනම මාර්ග වල යනවා. ඔහොම තමා කතාව අවසන් වුනේ.
අද කොටසින්
අද කොටසින් තවත් දුරට දූපතේ අයගේ ජීවිත ගැන තොරතුරු හුගක් දැනගන්න පුළුවන් වෙනවා. දේවල් පේන විදිහට මේ දූපතට ඇවිල්ලා ඉන්න අය හැමෝම අපරාධ කරපු අය කියලා තමයි පෙන්නේ. ඒ වගේම ටේලර් කට්ටිය කියන දේ අහන්නේ නැතුව තිබ්බ එකම පහුරත් අරගෙන පැනලා යනවා. ඒ ගිහින් එයාට ,මොනවා වෙයිද? එතකොට කේසීට එයාගේ මතකයත් එක්ක බොහොම දුක් විදින්නත් වෙනවා, කණ්ඩායම් දෙකේ කට්ටියට මොකද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්.
ඊළග කොටසෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා, ජය වේවා…!!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.