ඔන්න එහෙනම් 13 reasons why කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මමත් පලවෙනි සීසන් එකේ ඉඳලම ආසාවෙන් බලපු, සෑහෙන්න හිතට දැනුන කතා මාලාවක් තමයි මේක. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා මම නිර්දේශ කරනවා. සබ් එක කරමුද කියලා වැඩේ බාරදුන්න චාමර සම්පත් අයියා ඇතුළු අනික් උපසිරැසි කරන සියළුම දෙනාවත් මතක් කරන ගමන්ම හැරෙමු කතාව දිහාවට..
හැනාගේ මරණයෙන් ආරම්භ උන කතා මාලාව දැන් සෑහෙන අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. අවසානයේදී උනේ හැම දෙනාවම ටික ටික හෝ මොනයම් වැරැද්දකට හරි වැරදිකාරයෝ උන එක.
ඒත් මේ අතරේ උසස් පාසලට සහ හැමෝටම අහන්න ලැබෙන්නේ බොහොම වෙනස්, බලාපොරොත්තු නොවුන විදිහේ ආරංචියක්. ඒ බ්‍රයිස් වෝකර් මියගිහිල්ලා කියන එක. පොලීසිය ඔහුගේ මල සිරුර හොයාගැනීමත් එක්ක තමයි කතාව ආරම්භ වෙන්නේ.
මේ සිදුවීමත් එක්ක මොනවා වෙන්න පුළුවන්ද. මොකද අපි දන්නවා බ්‍රයිස් මැරෙනවා දකින්න සෑහෙන දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. ඒත් මේ වගේ දෙයක් කරන්නේ කවුරු වෙන්න පුලුවන්ද. ජෙසිකා මේ සිදුවීමට කොහොම ප්‍රතිචාරයක් දක්වයිද. මොකද හැමෝටම වඩා බ්‍රයිස්ගේ අවසානයක් දකින්න කැමති කෙනා ජෙසිකා. එතකොට ජස්ටින් මොනවා කරයිද.. එහෙම නැත්නම් බ්‍රයිගේ අවසානයක් දකින්න උවමනා උන වෙන කෙනෙක් කරපු දෙයක්ද මේක..
කොහොම කොරේ පිටට මරේ වගේ උන මේ දෙයින් ආයෙම අළුත් ප්‍රශ්න ගණනාවකට දොරවල් ඇරුණා.. එහෙනම් කතාව බලලම රසවිඳින්න කියන ගමන් මම සමුගන්නවා.. ආයෙම තවත් උපසිරැසියකින් හමුවෙමු.. ජය වේවා..
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.