මුල ඉදලම මේ ක්ලේ කියන චරිතය හරිම පැටලිලි සහගත චරිතයක්. පළවෙනි කතා සමයෙදී අපි දැක්කනේ එයා හැනාට ආදරේ කරපු විදිය, මන් හිතුවා මේ සීසන් එකේ එයා ගැන හිතන එකක් නෑ කියල. ක්ලේය හැනා ගැන මතක් වෙන්න පටන් ගන්නේ ආනී කියන චරිතයක් එක්ක. බ්රයිස් කියන දුෂිතයගේ ගොදුරක් වුණු හැනාට වුණු දේම මේ ආනී කියන ක්ලේගේ යාලුවට වෙයි කියල තමයි ක්ලේ බය වුණේ. කතාව පටන් ගන්නෙම ක්ලේ බ්රයිස්ට තුවක්කු දික් කරන් මරණ තර්ජනය කරන්න කැමරාවක සටහන් වුණු වීඩීයෝ එකකින්. ඒකෙන් තමයි බ්රයිස් වෝකර්ගේ මරණය ප්රධාන සැකකාරයෙක් විදියට ක්ලේව අහුවෙන්නේ. ඔහොම තමයි පටන් ගන්නේ ඉතුරු ටික එපියෙන් බලලම ඉන්නකෝ.

වැඩිය කතා කරන්න ඕනේ නෑනේ, බලලම ඉන්න එක හොදයි. මේක කරන්න මට කතා කළ රවියට (රවිදු රුක්ෂාන්ට) ස්තූතියි කියන ගමන්, ඊළඟ එපියෙන් හම්බවෙන්නම්.
අවවාදයයි..! වැඩිහිටියන්ට පමණක් සුදුසු කොටස් ඇති බැවින් 18+ පුද්ගලයින් නරඹන්න කියල කියනවා.
Who killed Bryce Walker?
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.