MENU

The Walking Dead [S10 : E01] | සීමාව පැනීම!

ආයිබෝවන් යාළුවනේ..!

ඉතිං ඔන්න ටික කාලයක් (අප්‍රේල් වලින් පස්සෙ) බලන් ඉඳල ඔන්න ආයෙත් පරණ පුරුදු සුපිරි කතා මාලාවක් එක්ක එකතුවෙන්න ආයෙත් කාලෙ එළඹිලා. ඇත්තටම වෝකින් ඩෙඩ් දහවැනි කතා මාලාව ආරම්භ වෙන්න තිබුණෙ ඔක්තෝබර් 6 වැනිදා. කොහොමහරි ඉතිං අද සැප්තැම්බර් 30 වෙනිදා ඒකෙ පළවෙනි කොටස නිකුත් වෙලා තිබුණ. මමත් අහම්බෙන් වගේ දැක්කෙ පුරුද්දට වගේ සබ් ගන්න සයිටක් චෙක් කරද්දි. ඉතිං කොහොමහරි ඔන්න ආපු දවසෙම සබ දෙන්න පුළුවන් වුණා. අනිත් සබ් වගේ නෙවෙයි, මේක නම් බලාගෙන ඉන්න සලස්සන්නෙ නෑ කාටවත්. මතක් කරගමු අවසානයට නිකුත් වුණු කතා සමයේ මොකද්ද වුණේ කියල.
9 වැනි කතා සමයෙන්..
9 වැනි කතා සමය සම්පුර්ණයෙන්ම වගේ ගෙවුණෙ මුමුණන්නන් එක්ක. මේ මුමුණන්නන් නිසා අපිට වටිනා චරිත බොහෝ ගණනක් අහිමි වුණා. ඒ අතරෙ මුලින්ම ජීසස්, ඊට පස්සෙ, එනිඩ්, ටාරා, හෙන්රි මරණයට පත් වුණා. මීට අමතරව ජනපදයේ බොහෝ ජීවිත අහිමි වුණා. මේ හැමදේකටම හේතුව වුණේ මුමුණන්නන්ගෙ නායකත්වය දරපු ඇල්ෆා. ඇය මොන තරම් දරුණුද කියල ටාරා, එනිඩ්, හෙන්රි ඇතුළු පිරිසට කරපු දෙයින් හිතාගන්න පුළුවන් වුණානෙ. සිඩ්ඩික් බේරුණේ මිශෝන්ලට පණිවුඩය දෙන්න, ඇල්ෆා ඔහුව නිදහස් කරල එව්ව නිසා. කොහොමහරි අවසානම කතාංගයේ ලොකු කුණාටුවක් නිසා කින්ඩම් සම්පුර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තිබුණ. තද හිම කුණාටුව අස්සෙ පිරිස කොහොමහරි ඇල්ෆාගෙ සීමාවෙන් පැනගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවට ආව. එතන ඉඳල තමයි අද කතාව දිවෙන්නෙ.

අද කොටසින්..

මේ කාලෙ වෙනකොට, ඇල්ෆා තමන්ගෙ සීමාව ලකුණු කරල සෑහෙන කාලයක් ගිහින්. ජනපද කීපයත් දැන් සෑහෙන මට්ටනකින් යථා තත්වයට පත් වෙලා. කොහොම වුණත්, මෙහෙම ඉන්න අතරෙ, RJ නැත්තං මිශෝන්ගේ සහ රික්ගෙ පුතා ගඟේ සෙල්ලම් කරන්න ගිහින් ඇහිඳගෙන ආපු බෙල්ලො බාස්කට් එකක් ඇතුළෙන් ජනපද ඔක්කොම කලබල කරවන සුළු දෙයක්, ජූඩිත් හොයා ගන්නව. එතනින් එහාට මොකක් වේවිද කියන එක බලාගන්න ඔයාලටම බාර කරනව එහෙනම්. ඊලඟ කොටස නිකුත් වෙන්නෙ කවදද කියල දන්නෙ නෑ. ඒ කොටසින් නැවත හමුවෙමු. ජය වේවා..!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 950MB |

Direct Download

| WEB | x264 | 480p | 280MB |

| WEB | x264 | SD | 550MB |

| WEB | x264 | 720p | 950MB |

HEVC – x265

| WEB | x265 | 720p | 400MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Walking Dead [S10 : E01] | සීමාව පැනීම!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *