MENU

Carnival Row (2019-) [S01 : E05] | අපකීර්තිමත් ආරාධනය…

මේ අරගෙන එන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඉතින් මේ කොටසත් එක්ක තව කොටස් තුනයි ඉතිරිවෙලා තියෙන්නේ කතාමාාව ඉවරයක් වෙන්න. ඒ නිසා අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

කලින් කොටස ආරම්භයේදී අපේ ෆිල්ස්ට්‍රේට් පොඩිකාලෙ හැදුනු වැඩුනු අනාථ නිවසේ භාරකාරයාව අර අමුතු සතා ගොදුරු කරගන්නවා. කලින් මිනීමැරුම් වල වගේම ඒ මනුශ්‍යාගෙත් අක්මාව ගලවගෙන යනවා, ඉතින් කොහොමහරි ෆිල්ස්ට්‍රේට් ඌ ගිය අඩිපාරෙ ඇවිදගෙන උමං මාර්ගය ඇතුලට යනවා. ගියාට පස්සේ ඔහුට අර අමුතු යක්ශයාව හම්බෙනවා මූනට මූන. එතනදී ඔහු ඒ සතාව ගොදුරු කරගන්න උත්සහ කලත් ඌ එකපාර නොපෙනී යනවා. ඉතින් බලාපොරොත්තු සුන්වී ඔහු ආපහු යනවා. නමුත් ඔහු එතනිස් නොසැලී ඔහුගේ යෙහෙලියක් වන මීමා ගාවට යනවා මේ ගැන දැනගන්න. ඇය ශුද්ධ ඌ කාන්තාවක්. එතනදි ඇය යම් විග්‍රහයක් කරනවා ඩාර්ක් ඈශර් කියලා අඳුරු බලවේගයක් ගැන. ඒ තමයි අර යක්ශයා. ඌ හැදෙන්නේ මැරුනු සහ පණ තියෙන ජීවින් දෙදෙනෙකුගේ එකතුවෙන්. ඒවගේම ඌව පාලනය කරන්න වෙනම පාලකයෙක් ඉන්නව. ඒ කියන්නේ ඒ සතා නිකන්ම නිකන් ජීවියෙක් විතරයි. සම්පූර්ණ පාලනය කිරීම සිදුකරන්නේ පාලකයාට අවශ්‍ය විදිහටයි.

ඉතින් මීමා කියන විදිහට රයික්‍රොෆ්ට් එලෙස අඳුරු බලවේග පිලිබඳ විශේෂඥවරියක් ගාවට යනවා පණැති සහ මියගිය ජීවින් දෙදෙනෙක් රැගෙන. මීමා කිවු පරිදිම අර විශේෂඥවරිය ඒ සත්වයා එකට එකතු කර පණ ගන්නවා. ඒ අතර තුරේ ස්පර්න්රෝස් නිවසේ ඉමෝජන්ගේ ආරාධනය මත අලුත් අසල්වැසියා වන ඇග්‍රේස් මහත්තයා තේ පැන් සංග්‍රහයකට ඇයගෙ නිවසට එනවා. නමුත් ඇය එලෙස ආරාධනා කරන්නේ වෙනත් අදහසක් ඔලුවේ තියාගෙන . නමුත් ඇයගේ එ අදහසට අනුව ක්‍රියාකිරීමට අපොහොසත් වන නිසා ඇග්‍රේස් සහ ඇය අතර බහින්බස්වීමක් දුරදිග ගිහින් ඔහු නිවසින් පිටවෙනවා.

කොහොමහරි සියල්ලට පස්සේ චාන්ස්ලර් තුමාගේ පුත්‍රයාව පොලීසියෙන් හොයාගන්නවා. නමුත් ජෝනාහ් තේරුම්ගන්නවා එදා ඔහුව රඳවාගෙන හිටිය තැනදී ඇහුනු අඩි උස සපත්තු ශබ්දය තමන්ගේ මවගේ සපත්තු ශබ්දයට ඉතා සමාන බව. නමුත් කිසිත් නොකියාම ඔහු ඒ බව සිහිතබාගන්නවා. අපි බලමු ඔහුට මේ බව තහවුරු කරගන්න පුලුවන් වෙයිද කියලා.
එහෙනම් කලින් කොටස ගැන කතාකලා ඇති, අද කොටස ගැනත් පොඩි දෙයක් කියන්නම්.

රෝ එකේ තවත් මිනීමැරුමක් සිද්ධවෙලා තියෙනවා. නමුත් පොලීසිය දිගින් දිගටම අසමත් වෙනව මේ ගැන හොයාගන්න. ෆ්ජිල්ස්ට්‍රේට් දිගටම මේ පිලිබඳව අධ්‍යනය කලත් ඔහුටත් පොඩක් පාදාගන්න අපහසු වෙනවා. ඉතින් අපි බලමු අද කොටසින් ඔහුට මේ ගැන යම් ඉඟියක්වත් ලැබෙයිද කියලා?

එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 210MB |

| WEB | x264 | 720p | 190MB |

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *