MENU

Mi-sseu-baek (2018) AKA Miss Baek | මිස් බෙක්!

අපි දන්න කාලෙ ඉඳන්ම ළමා අපචාර සහ දූෂණ වගේ දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා. ඒවට නීතියෙන් මොන මොන දඬුවම් දුන්නත් ළමා හිංසනය කියන දේ නිතරම සිද්ද වෙනවා. අපි හුඟක් හිතාගෙන අපි හෙණ අවාසනාවන්තයි.. අපි දුප්පත්.. අපිට අරක නෑ.. අපිට මේක නෑ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ වෙන සමහර දේවල් දිහා බලනකොට තේරෙනව ඇත්තටම අපි මොනතරම් වාසනාවන්තද කියලා. ඉතින් මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ අපි හිතනව වගේ අවාසනාවන්ත ළමයෙක් වටා නෙවෙයි. අපි හිතනවටත් වැඩිය හිංසනයට අඩම්තේට්ටම් වලට මුහුණ දීපු පුංචි ගෑණු ළමයෙක් වටා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

2018 ඔක්තොම්බර් මාසෙ 11 වෙනි දවසෙ තිරගත වුණු මේ චිත්‍රපටියට imdb අගය 6.5 ක අගයක් ලැබිල තියෙනවා. ඒ වගේම තමයි සෑහෙන්න සම්මාන ගණනාවක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. මුළු සම්මාන ගණන 17 ක්! ඒ මොනවද කියල මම කියන්න යන්නෙ නම් නැහැ ඉතින්. කලින් කිව්වත් වගේ සත්‍ය කතාවක් ඇසුරින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. චිත්‍රපටියට හන් ජිමින්, ලී හි ජුන්.. ඇතුළු තවත් නළු නිලියන් රංගනයෙන් දායකත්වය සපයනවා.

එතකොට මිස් බෙක් කියන්නෙ කවුද? මිස් බෙක් කියන්නෙත් පොඩි කාලෙ තාඩන පීඩන වලට ලක්වුණු ගෑණු කෙනෙක්.. මෙයා ඝාතනයකට තැත් කිරීමක් වෙනුවෙන් අපරාද වාර්තා තියෙන කෙනෙක්. හරිම දුක්ඛිත ජීවිතයක් තමයි මෙයා ගත කරන්නෙ. මෙයාට කිසිම කෙනෙක් නෑ.ඉන්නෙ මෙයා ගැන කැමැත්තෙන් ඉන්න එක පොලිස් නිලදාරියෙක් විතරයි. එතකොට කිම් ජි වුන් කියන්නෙ මිස් බෙක්ගෙ ගෙවල් ළඟ ඉන්න පුංචි ගෑණු ළමයෙක්. එයාට ඉන්නෙ තාත්ත විතරයි. අම්ම නෑ. තාත්තගෙ ගෑණු ළමයත් ඉන්නවා. ළමයගෙ තාත්ත කලින් බේබදු කෙනෙක් නිසා එයාට නිවාස අඩස්සියෙ ඉන්න නියම කරලයි තියෙන්නෙ. ඒ කියන්නෙ රස්සාවක් නෑ. ගේම් ගගහ තමයි ඉන්නෙ. එයාගෙ කෙල්ල තමයි රස්සාවක් කරන්නෙ. අනික ළමා ආරක්ෂණ අංශෙන් ගානකුත් එනව දරුව වෙනුවෙන්. ඉතින් මෙයාලත් කාලකණ්නි ජීවිත තමයි ගත කරන්නෙ. ඔක්කොටම වැඩිය මේ ළමයට මේ දෙන්නම සළකන් නෑ. නිතරම ගහනව.. තරහව පිට කරගන්නෙ ළමයට ගහලා. ඇඳුම් හැන්ගර් වලින් ෂවර් එකෙන්.. මේ වගේ හිරිහැර කරල බාත්රූම් එකට දාල දොර වහල තියෙනවා. සමහර වෙලාවට සල්ලි කීයක් හරි දෙනව කාල එන්නයි කියලා.

තවත් එහාට නම් මං කතාව විස්තර කරන් නෑ.. මිස් බෙක් සහ මේ පුංචි කෙල්ල කොහොමද මුණ ගැහෙන්නෙ.. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල චිත්‍රපටිය බාගෙන බලන්න. ඔයාල බලන්න ඔයාලට මොන තරම් වාසනාවන්ත දෙමව්පියොද ලැබිල තියෙන්නෙ කියලා. අදට එහෙනම් ගිහින් එන්නම්..

ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 800MB 

Direct Download

| Bluray | x264 | 720p | 790MB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *