MENU

Supergirl [S04 : E22] | අවසානය සහ ආරම්භය..!

ආයුබෝවන් මිත්‍රවරුණි!

ඔන්න ඉතිං සුපර්ගර්ල් අවසාන කතාංගයත් අරගෙන ආව. සෑහෙන ලොකු වෙහෙසක් දරන්න වුණා, මේ අවසාන කතාංගයන් කීපය ඉවර කරගන්න. ඒත් ඉතිං බාර ගත්ත වැඩක් ඉවර නොකර බෑ. පරක්කු වෙලා හරි, දෙතුන් දෙනෙක් වෙනුවෙන් හරි වැඩේ ඉවර කරන්න ඕනෙ. ඉතිං ඒ වගේම කියන්න ඕනෙ, පහුගිය 6 වෙනිදා, සුපර්ගර්ල් පස්වැනි කතාංගය ආරම්භ වුණා. පෙනුණු විදියට මෙතෙක් විකාශය වුණාට වඩා හොඳ මට්ටමේ කතා මාලාවක් බවට පස්වැනි කතා මාලාව පත් වේවි. ඒත් ඉතිං කියන්න කණගාටුයි මෙතැන ඉඳල ඉදිරියට සුපර්ගර්ල් සඳහා මම උපසිරැසි ලබා දෙන්නෙ නැහැ. ඇඩ්මින්වරුන් තීරණය කළා සුපර්ගර්ල් නතර කරනව කියල. එහෙම වුණත් තවත් උපසිරැකරුවෙක් ඉදිරිපත් වුණොත්, මේ සඳහා උපසිරැසි ඉදිරියටත ලබා දේවි. ඒ ගැන ඉතිං සහතික වෙන්න නම් බැහැ. සුපර්ගර්ල් තුළින් අපි නැවත මුණ නොගැහේවි!

පහුගිය කතාංගය බැලුවනම් තේරුම් යන්න ඇති, සුපර්ගර්ල් නොමැරී මැරුණ කියල. රක්ත දියණිය එක්ක සංසන්දනය කළාම, සුපර්ගර්ල් හරියට පොඩි එකෙක් වගේ. එහෙම වුණත් සුපර්ගර්ල් යන්තමින් පණ බේරගත්ත. ඒ වගේම ඇලෙක්ස් තමන් විසින්ම අහිමි වුණු මතකයන් නැවත ලබා ගත්ත. ඒකෙන් පස්සෙ අපි දැක්ක ලෙක්ස් ලූතර්, රක්ත දියණිය මරල, සුපර්ගර්ල් වගේ ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කළා. ඔහොම තමා වුණේ.

අද කතාංගය තුළ, සුපර්ගර්ල් ලෙක්ස් ලූතර්ට එරෙහිව ආකාර දෙකකින් සටන් කරනව. එකක් සුපර්ගර්ල් විදියට. අනික කාරා ඩැන්වර්ස් විදියට. මේ වැඩේදි ලීනා ලූතර්, වගේම ලිලියන් ලූතර් සුපර්ගර්ල් ඇතුළු පිරිසට ලොකු සහයෝගයක් ලබා දෙනව. ඒ සටන අද බලාගන්න පුළුවන් වෙයි! මේ ඔක්කොම මෙහෙම වෙද්දි අවසාන මොහොතේ පස්වැනි කතා මාලාවට දොරටු විවර වෙන්නෙ, ලීනා සුපර්ගර්ල් ගැන ඇත්ත් දැනගෙන. මේ හේතුව නිසාම සුපර්ගර්ල්ගෙ ඉතිහාසයේ දරුණුම හතුරා, ලීනා බවට පත්වේවි කියල ඉස්සරහට බලාගන්න පුළුවන්. ඊට අමතරව ජෝන් ජෝන්ස් හොයාගෙන එන, තවත් අමතර හතුරෙක් පහළ වෙනව. මේ ඔක්කොටම ඉහළින්, ලවායතන් කියන හතුරා හෝ හතුරු සංවිධානය ඇමරිකාව පුරා හිස ඔසවන හැටි බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතිං සමුගන්න අවසර.. ජය වේවා..!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SVA | 270MB |

Direct Download

| HDTV | x264 | SVA | 270MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *