මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගත් ඉන්දියානු කතා මාලාවකි. මෙය අනුවර්තනය කරන ලද්දේ ශ්‍රීධර් රාගවන් විසින්. 2019 අප්‍රේල් 5 වන දින Hotstar සමාගම යටතේ විකාශනය ආරම්භ කරන ලදි. මෙය හින්දි, මරාටි, බෙන්ගාලි, තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා.
criminal justice TV Series එකේ මේ කොටස Once Upon a Night නමින් නම් කොට තිබෙනවා. 46min ක ධාවන කාලයක් සහිත IMDB අගය 8.6 ක් ගත් මේ TV Episode එක Crime, Drama, History ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ TV Series එක අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙන් සිදුවී ඇත. රංගනයෙන් Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff, Madhurima Roy, Anupriya Goenka, Rucha Inamdar යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය සඳහා දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් ආදිත්‍ය ෂර්මා කියන්නෙ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ගැනීමට සිටින අමතර දෙයක් විදියට පාපන්දු සෙල්ලම් කරන සෙල්ලක්කාර තරුණයෙක්. මොහුගේ අක්කාට කැබ් රථයක් තිබෙන අතර මොහු අමතර රැකියාවක් ලෙස මේ කැබ් රථයද හයර් කරනවා. දිනක් පාපන්දු තරඟයක් දිනා එහි සතුට භුක්ති විඳීමට පාටියක් සැලසුම් කර තිබෙන අතර මොහුගේ නිවසේද අක්කාගේ විවාහ සංවත්සර උත්සවයක් පවතිනවා. ආදිත්‍ය යාළුවන් සමඟ පාටියට යෑමට සිටියත් ගෙදර උත්සවය නිසා අක්කාගේ පෙරැත්ත කිරීම මත ඔහුට මේ දිනයේත් කැබ් රථය හයර් කිරීමට සිදු වෙනවා. උදේ කාලයේ කැබ් එක හයර් කොට අවසානයේ හයර් කිරීමට තිබූ හයර් එකත් අවලංගු කරලා පාටියට යෑම සඳහා සැරසෙනවා. ඒත් අතරමගදී කලින් හයර් කිරීමට තිබූ කාන්තාව කැබ් එකට ගොඩ වෙනවා. මින් පසු ආදිත්‍ය සහ මේ යුවතිය අතර සිදු වන්නේ කුමක්ද කියා මේක අරගෙන බලලම තේරුම් ගන්න. ඊළඟ කොටසින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
මම පුබුදු ප්‍රසන්න.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.6GB | Complete S01
Direct Download
| WEB | x264 | 720p | 357MB |
| WEB | x265 | 720p | 3.6GB | Complete S01
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Criminal Justice (2019-) [S01 : E01] | මහ රෑ හමු වූ යුවතිය.. (18+)”
Thankz lot……..