MENU

The Silent House (2010) AKA La casa muda | නිහඬ අඳුරු නිවස…

ඔන්න අද ගෙනාවේ Drama/ Mystery/Horror යන කාණ්ඩ වලට අයත් ස්පාඤ්ඤ චිත්‍රපටයක්.මේ චිත්‍රපටය එසේ මෙසේ එකක් නෙවෙයි. මේක Academy සම්මාන උළෙල නියෝජනය කරපු චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නේ සත්‍ය සිද්ධියක්. ඒ නිසාම මේ සිද්ධිය යොදාගෙන ලෝකෙ ගොඩක් භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා.

හරි දැන් කතාව දිහාට හැරෙමු.

IMDB දර්ශකයේ 5.4/10 , 70% google likes සහ කුණු තක්කාලි 🍅 අගය 68% මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මේක ස්පාඤ්ඤ සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නේ උරුගුවේ වල. Release කරල තියෙන්නේ 2010 May 16 . ඒ වගේම $ 6,000 වියදමක් දරලා $ 517,365 ක් උපයාගෙන තියෙනවා.

Gustavo Hernandez කියන සම්මානනීය ස්පාඤ්ඤ අධ්‍යක්ෂකවරයගේ තමයි අධ්‍යක්ෂනය. ඒවගේම තමයි මෙහි රචනා ශිල්පියා Oscar Estevez. එසේම Florencia Colucci, Abel tripaldi, Gustavo Alonso සහ Maria Salazar කියන නලු නිලි පිරිස රංගනයෙන් දායක වෙලා තියෙනවා. 84 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපට කාණ්ඩයට ඉදිරිපත් වෙලා තියෙනවා. සම්මාන සඳහා නිර්දේශිතවීම් 2 ක් මෙම නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මෙම නිර්මාණය මිනිත්තු 86 ක් පුරා දිවයනවා. මේ චිත්‍රපටය ගැන සඳහන් කරද්දි කියන්න ඕන විශේෂම කාරණාවක් තියෙනවා . Canon EOS 5D mark || Digital SLR ජායාරූප කැමරාවකින් දින හතරක් පුරා මේ චිත්‍රපටය රූගත කරල තියෙනවා. ඒ ලාම්පු දෙකක් හා ටෝච් එකක් පමණක් ආලෝකය සඳහා යොදාගෙන.

පවුලක් හුදෙකලා ප්‍රදේශයක තිබෙන නිවසකට පදිංචියට යනවා. ඒ ගෙදර අයිතිකාරය ටිකක් අමුතු මිනිහෙක්. ඒ වගේම ඔහු කියනවා ඒ ගෙදර උඩුමහලට යන්න එපා කියලා. ඒ ගෙදර දවල් කාලෙට පවා ගොඩක් අදුරුයි වගේම පාලුයි.

ඉතින් ඇයි ඒ ගෙදර අයිතිකාරයා එහෙම දෙයක් කිව්වේ ? ඇයි ඒ ගෙදර මෙච්චර අත්භූත ? මේ දේවල් දැනගන්න නම් ෆිල්ම් එක අවසාන වෙනකල් බලන්න. මේ සත්‍ය සිදුවීමේ ඇත්ත දැනගන්න.

ජයවේවා 🤟

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 690MB | 

Direct Download

| Bluray | x264 | 720p | 690MB |

| Bluray | x264 | 1080p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *