MENU

The Family Man S01E02 | බෝම්බ ප්‍රහාරයෙ මහමොළකරු හඹා… (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Family Man කතාමාලාවේ දෙවන කොටසයි. ඇත්තම කියනවා නම් හරිම අපුරු කතාවක්. මුල ඉඳල කිසිම කම්මැලි කමක් නැතිව එක දිගට බලල දාන්න හිතෙන කතාවක්. සිසිල අයියට ස්තූතිවන්ත වෙනවා මේකට එකතු කරගත්තට. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේ අන්තිමට දකින්න ඇතිනෙ නාඳුනන එක්තරා මිනිහෙක් ඇවිත් මිනිස්සු ගැවසෙන තැනක බයික් එකක් නවත්තල යනවා. කොහොමහරි මේකෙ බෝම්බයක් අටවලා තියෙන්නෙ. ඉතින් ඔහු සැළසුම් කරපු විදියටම හැමදේම සිද්ධ වෙනවා. බෝම්බෙ පිපිරෙනවා. ඒ අවට සිටින පිරිසක් ඒ නිසා මිය යනවා. බෝම්බය නිෂ්ක්‍රිය කරන්න ගියපු කට්ටිය. මේක TASC ඒකෙ කට්ටියට මඟ හැරිච්ච විදිය ගැන විමර්ෂණය කරනවා. ඔන්න ඔය කරන අතරේ මෙයාලට එක්තරා හෝඩුවාවක් හම්බවෙනවා ගේමින් කම්පැනියක වැඩ කරන තුන් දෙනෙක්ගෙ සැකසහිත ක්‍රියාවන් ගැන. ඒ මොකද කියනවා නම් බෝම්බය පිපිරිලා ආරංචිය පැතිරෙන්නත් කලින්ම මෙයාලා ෆේස්බුක් එහෙක පොස්ට් එකක් දානවා. ඇත්තම කියනවා නම් ඒ පොස්ට් එකෙන් සඳහන් වෙන්නෙ මෙයාලා ඒක සමරනවා කියලා. හැබැයි මේක දාන්නෙ පිපිරිම වෙලා විනාඩි දහයක් ගියාට පස්සෙයි. ඉතින් තිවාරියි කණ්ඩායමයි යනවා මෙයාලව අල්ලගන්න. හැබැයි ඉතින් කලින් සැරේ වගේ නෙමේ මේක කරන්න වෙන්නෙ හිමින් සීරුවේ. මොකද එක්කෙනෙක්ට හරි දැනුණොත් එයාලව අහුවෙලා කියලා ඇත්තම බෝම්බකරුවා කවදාවත් හොයාගන්න වෙන්නෑ. ඉතින් මෙයාලට පුළුවන් වෙයිද මේ තුන්දෙනාවම කිසිම කලබලයක් ඇති නොකර අල්ලගන්න? එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.8GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 130MB |

| WEB | x264 | 720p | 350MB |

| WEB | x265 | 720p | 240MB |

| WEB | x264 | 480p | 1.2GB | Complete S01

| WEB | x264 | 720p | 3.3GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Family Man S01E02 | බෝම්බ ප්‍රහාරයෙ මහමොළකරු හඹා… (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *