MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E03| “උඩුමහළට ආ කුමාරයා”

හායි! කොහොමද යාළුවනේ,

රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.

ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.

3 වන කොටස

ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. මතක ද 2 වැනි කොටසේ දි කුමරු යොනග් තේ යොන්ගේ ගෙදර ගියාම වෙච්ච දේ. ඔන්න නැති වුණ යොන්ග් තේ යොන්ග් ආච්චිගේ ඉස්සරහ ඉන්නවා දකිද්දි ආච්චිටත් පුදුමයි. සතුට වැඩි කමකට ආච්චි තමන්ගේ මුණුබුරාව බදාගන්නවා. හැබැයි යොන්ග් තේ මූට නම් සතුටක් නැහැ. එයාගේ ඉස්සරහ මුහුදට වැටුණු කෙනා මෙන්න පණපිටින් එයාගේ ඉස්සරහ. යොන්ග් තේ මූ මොනවගේ දෙයක් කරාවි ද? එයත් ආච්චි වගේ ම මෙයාට රැවටෙයි ද? නැත්නම් බයවෙයි ද? මෙතනින් එහාට ඉතිං ඔයාල ම බලලා දැනගන්නකෝ එහෙනම්. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.

මොකද මෙයාලා මේ ලෝකෙට හුරු නෑනේ. හැබැයි කුමරුට මේ ලෝකේ දී කුමරියව මුණ ගැහෙනවා වගේ ම කුමරු වගේ ම කෙනෙකුත් මුණ ගැහෙනවා. ඒ කොහොම ද? මේ පුනරුප්පත්තියක් ද? ඇයි එයාලා අනාගතේ ට ආවේ? ආයේ ජෝසන්වලට යනව ද? නැද්ද? යන්න පුළුවන් වෙයි ද? එකපාරට ම වැටුණු මේ ගෙදර අයිතිකාරිය කවුද? මේවා තමයි මෙයාලට තිබුණු ප්‍රශ්න. මට හිතනවා ඔයාලාටත් මේ පුශ්න ටික ම මතු වෙයි. ඒවට උත්තර දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්න ම වෙනවා.

එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…

ජය වේවා!
ස්තූතියි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDTV | x264 | 540p | 405MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E03| “උඩුමහළට ආ කුමාරයා”

  • meke thynne “love on a rooftop” kyl ekk episode ekkne “rooftop prince” nme

    Reply
  • Amanda kariyawasam

    මේකෙ love on a rooftop කොරියන් series එකේ episode 3 නේ download වෙන්නේ.roof top prince නෙමේ.සබ් එක හරි.

    Reply
  • Download karanne kohomada.. download wenneh naneh movies wage..

    Reply
  • නිහිදු

    විඩියෝ එක වෙබ් එකෙන් මැකිලා.ආයි දාන්නකෝඒක

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *