යාළුවනේ සටන් චිත්‍රපටි බලන්න කැමති ඔයාල වෙනුවෙන් මං ඇරන් ආවේ තවත් සුපිරි චිත්‍රපටයක්. The Four. මෙය ලබාදීම පිළිබඳව විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. මෙය එක්තරා නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වුණු හොං-කොං චිත්‍රපටයක්. හොං-කොන් සහ හොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ, අපි කවුරුත් දන්න කියන සටන් නළු නිළියන් රාශියක් මෙම චිත්‍රපටියට දායක වී තිබෙනවා. සාමාන්‍ය සටන් කලාවෙන් ඔබ්බට ගිය, මානසික ශක්තියේ දියුණුව තුළින් කරන සාම්ප්‍රදායික සටන් කලාවක් තමයි මේ කතාවේ යොදාගෙන තිබෙන්නේ. එහෙම කිව්වට අපේ බාසාවෙන් කීවොත් ගොං-පාට් එකක් එහෙම නෙවෙයි යාළුවනේ. මායාව වුණත් සුපිරියටම නිර්මාණය කරල තියෙනවා. අනිත් එක මෙවැනි දේවල් නැහැයි කියා බැහැර කරන්න අපට බැහැ. මානසික ශක්තිය තුළින් කළ නොහැකි දෙයක් නොමැති බව අපි දන්නවනේ.
කතාව පොඩ්ඩක් කිව්වොත්, මේ කතාව තුළ විවිධ හැකියාවන්ගෙන් යුත් චරිත හතරක් තමයි සංසරණය වෙන්නේ.
ඒ අයගේ චරිත හඳුන්වා දී තිබුණු ආකාරයට සිංහලට පරිවර්තනය කරලා නම් හතරක් ගැටගහගත්තා. දාමරික, ඝාතක, යකඩයා සහ අචින්තා. මේ අය නියෝජනය කරන්නේ දිව්‍ය හමුදාව කියන අංශය. මේ අංශයේ නායකයා තමයි ෂූ ෂිංගෝ. ඔවුන් ප්‍රබල මානසික ශක්තියෙන් හෙබි පිරිසක්. තව අංශයක් තියෙනවා සයවැනි අංශය කියලා. එය ආරක්ෂක අංශයක් වගේ එකක්. මේ දෙගොල්ලම සේවය කරන්නේ එකම රජ කෙනෙකුට. වසර 12 කට පෙර සිදුවූ එක්තරා සමූල ඝාතනයක සුල මුල සොයා යන කතන්දරයක් තමයි තියෙන්නේ.
මෙහෙම කිව්වට කතාව බලන්න පටන් ගත්තම කුතුහලයෙන් යුතුව දිගටම බලන් ඉන්න පුළුවන්. වල්-පල් නෑ. හැබැයි මේ චිත්‍රපටිය මම කලින් ගෙනාපුවා වගේ සම්මාන පිට සම්මාන ලබපු, සුප්‍රසිද්ධ නිර්මාණයක් නෙවෙයි. හොංකොං හින්දද දන්නෑ ඒත්, බලලා රසවිඳය හැකි අපූරු නිර්මාණයක්. අතාත්විකයි, මායාකාරීයි, බහුබූත ගොඩයි, පිළිගත නොහැකියි, අතිෂයෝක්තියක් හැබැයි මෙයත් එක්තරා…. අපූර්වත්වයක්! එය රසවිඳින්න ඔයාලට ආරාධනා කරනවා.
යාළුවනේ මේ චිත්‍රපටියේ යොදා ඇති නම් බොහොමයක්, මම එම අර්ථයට හානියක් නොවන ලෙස අනුවර්තනය කරපුවා. එහි දොසක් ඇත්නම් බාරගන්නම්. මේ චැංචැං චුංචුං වගේ නම් තියෙද්දි සබ් එක දාන මටත් පැටලෙනවා. හොඳයි එහෙනම්, බලලා කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ. ජයවේවා!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| Bluray | x264 | 720p | 880MB
Direct Download
| Bluray | x264 | 720p | 880MB
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
3 thoughts on “The Four 2 (2013) | පළිගැනීම, මායාව සහ වැරදි වැටහීම…”
Meke palabeni kotasath dennako
Patta film aka, 1i 2i dekama beluwa, 3weni akath dannako ikmanatama
ane meke direct link eka weda karanne nane.plz help