ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Pennyworth” කතාමලාවේ අවසාන කොටසයි. හැබැයි තවමත් නිල වශයෙන් දෙවැනි කතා සමයක් ගැන සඳහන් කරල නැහැ. කොහොමහරි දෙකක් එයි කියල තමයි මට හිතන්නෙ. එහෙනම් ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දු ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලෝර්ඩ් හාවුඩ් හිතාගෙන හිටිය වගේම ඔක්කොම සිද්ධ වෙනවා. ඔහුටත් ජන්දයට පෙනී සිටීමට අවස්ථාවක් හම්බවෙනවා. ඒවගෙම තමා ඇල්ෆ්රඩ් තමන්ගෙ පෙම්වතියව ඝාතනය කරපු කට්ටියගෙ පසුපස හබා යනවා. කොහොමහරි ඔහු ඒ පිළිබදව හොයාගෙන මරණවා. හැබැයි ඉතිං අවාසනාවන්ත ලෙස ඔහුව හිර බාරයට අරගන්නවා මිනීමැරුමක් කිරීම සම්බන්ධයෙන්. ඒවගේම තමයි ඔහුට මේ මිනීමරුම කිරීමට උදව් කරපු කෙනා පවා අසනවා නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු දෙයක් පවසන්නෙ නැහැ. කොහොමහරි අන්තිමට වෙන්නෙ ඇල්ෆීට හිරේට යන්න වෙන එක. ඩේව්බෝයි උත්සහ කරන්නෙ ඇල්ෆීව හිරෙන් පන්වන්න. කොහොමහරි ඔහු සැලැස්ම ක්රියාත්මක කරනවා. ඒවගේම තමයි ඇෆීත් හිරෙන් පැනගන්නවා.
අද කොටස ගැන..
හාර්වුඩ්ව අලුත් නායකයා වශයෙන් නම්කරනු ලැබුනා. ඒ අතරේ දඩයම් කරමින් සිටිය රැජිනව පැහැරගත්තු නිසා දැන් රාජ්ය නායකයකුගේ අඩුවක් තියෙනවා. ඉතින් ඒ පැහැරගත්තු අය රැජින ලව බලෙන් යම් විස්තර පත්රිකාවක් කියවනවා. ඒකෙ තියෙන්නේ හාර්වුඩ්ව නව රාජ්ය නායකයා වශයෙන් පත්කරනවා කියලයි. අපි බලමු ඒකත් කොහොම වෙයිද කියලා ඉතින් ඒ අතරේ ඇල්ෆි රටෙන් පැනයාමට උත්සහ කරනවා . ඒ අර මිනීමැරුම් වලට වසර හතක සිරඳවුවමක් නියම උන නිසා. ඒවගේම තෝමස් සහ මාර්තා කේන් රටෙන් පලායන්නත් උත්සහ කරනවා, මොකද එයාලට මරණ තර්ජන එල්ලවෙලා තියෙන නිසා.
ඉතින් මං මීට වැඩිය කතාකරන්න යන්නේ නෑ.. වැඩිය Spoil කරන්නත් හොඳ නෑනෙ. කොහොම උනත් කතාමාලාව ඉතා හොඳට අවසන් කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්. මොකද හැම කෙනෙක්ගෙන්ම වගේ හොඳ ප්රතිචාරයක් තමයි තියෙන්නේ. දෙවෙනි කතාසමයක් එනවයි කියලා ආරංචියක් තියෙනවා. ඒකත් බලාපොරොත්තු වෙමු නේද ?
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.9GB | Complete S01|
Direct Download
| WEB | x264 | 720p | 290MB |
| WEB | x264 | 720p | 2.9GB | Complete S01|
One thought on “Pennyworth (2019-) [S01 : E10] | රාජ්ය පක්ශපාතීත්වය”
His dark materials sub ekath ikmant dann bro