ARROW 08 වැනි කතාමාලාවේ 03වැනි කොටසත් සමගිනුයි අපි එහෙනම් හමුවෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලලා ඉමු වෙනදා වගේම කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ මෙහෙයුමක් වෙනුවෙන් හොංකොන්වලට ගියා මතකයිනේ. ඉතින් හොංකොන්වල ඔලිවර්ට ලැබෙන මෙහෙයුම වුනේ විද්‍යාඥවරයෙක්ව හොයාගන්න එක. ඉතින් මේ විද්‍යාඥයාව හොයාගෙන යන කොට දැනගන්න ලැබෙනවා මේ විද්‍යාඥයා ඇල්ෆා ඔමේගා වෛරසය ප්‍රති නිර්මාණය කරන බව. ඇරෝ මුල ඉදලම බලපු කෙනෙක්නම් ඔලිවර් හොන්කොන්වල මෙහෙයුම් කළ කාලය ඔබට මතක ඇති. ඉතින් මේ මෙහෙයුමට ටට්සුගේ උදව්වත් ඔලිවර්ට ලැබෙනවා. ඒ වගේම තමා මේ විද්‍යාඥයව ලබාගන්න ඔලිවර්ට නැවත වරක් චයිනා වයිට් සහ ට්‍රයෑඩ් එක්කලා හැප්පෙන්න සිද්ධ වුනා.
ඉතින් ඔය අතරේ ලෝරල් සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා තමන්ගෙ ලෝකෙට යාගන්න විදිහක් හොයාගන්න. ඉතින් සිස්කෝගේ බ්‍රිච් ඩිවයිස් එක කැඩිලා කියලා හිතන ලෝරල් ඒක හොංකොන්වල ඉන්න කෙනෙක් ළගට ගෙනියනවා හදාගන්න. ලෝරල්ගේ උදව්වට ලයිලාත් යනවා. ඉතින් එතැනදී ලෝරල්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ ලෝකේ පැවැත්මෙන් අතුගෑවිලාම ගිහිල්ලා කියලා. කෙසේ හෝ අන්තිමේ ලෝරල් නැවත ගිහිල්ලා ඔලිවර්ට සහය දෙන්න තීරණය කරනවා. ඉතින් මේ මෙහෙයුම් අස්සේ ටට්සු කියන දෙයක් නිසා ඔලිවර්ට මොනිටර් හාදයා ගැන සැකයක් මතු වෙනවා. ඒ නිසාම මතක ඇතිනේ ඔලිවර් තීරණය කළා නන්දා පර්බාත්වලට ගිහිල්ලා ඒ ගැන විස්තර හොයන්න.
ඒ වගේම තමා පසුගිය කොටසේ අවසානයේ දකින්න ලැබුනා ලයිලා ජෝන්ටත් හොරා මොනිටර් එක්ක වැඩ කරනවා. ඒ වගේම ලයිලාගේ කෝඩ් නේම් එකක් හාබින්ජර් කියලා පසුගිය කොටසින් ඇහෙන්න ඇති. ඉතින් ආරංචිවල හැටියට CRISIS OF INFINITE EARTH වල HARBINGER කියන චරිතයට පණ පොවන්නේ ලයිලා. ඉස්සරහට බලමු ඉතින් ලයිලා හොද කෙනෙක්ද නැද්ද කියලා. හොදයි එහෙමනම් ඔන්න අද ඔලිවර් නැවතත් නන්දා පර්බාත් ගිහිල්ලා. පරණ චරිත ටිකක් අදත් දැකගන්න ලබෙනවා. විශේෂයෙන් තියාව එහෙම.
එහෙමනම් මේ ටික ඇතිවෙයි. ලබන සතියෙත් හමුවෙන බලාපොරොත්තුව ඇතුව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.
Torrents Download
Direct Download
| HDTV | x264 | 480p | 140MB |
| HDTV | x264 | SD | 270MB |
HEVC – x265
| HDTV | x265 | 720p | 210MB |