MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E10 | එක් අඳුරු දිනයක්…

10 කොටස

විදුලිය නැති වීගෙන යන නිසත්, ඖෂධ මෙන්ම අනිත් අවශ්‍ය දේ නොමැති නිසත් දැන් රෝහල වහන්නයි යන්නේ. අධ්‍යක්ෂකතුමා තදින්ම කියාහිටිනවා තව දුරටත් රෝහල පවත්වගෙන යන්න දෙන්න බැහැ කියලා. අධ්‍යක්ෂක කැන්ග්ටත් මේ වෙලාවේ කරගන්න දෙයක් නැතිවෙනවා. රජයෙන් දෙන ආධාර මග එනවා වුනත් මාර්ග වල තියෙන අබලන් කම නිසා ඒවා ලැබෙන වෙලාක් ගැන හිතාගන්නවත් බැහැ. ඉතිං මේ හැමදේම නිසා දුකෙන් වුනත් ඇයත් තීරණය කරනවා අධ්‍යක්ෂකගේ කැමැත්තට එකඟවෙන්න. මේ අතරතුර චොන්ග් මින්ව බූසාන් වලට යවන්න ජන්ග් ඩොල්මිත් එක්ක ගුවන් යානයට ගොඩ කරපු වෛද්‍ය ලී හේ සන්ග් ඇතුලු කණ්ඩායම මග එමින් ඉන්නවා. ඒ අතර මගදි ඔවුන් දකිනවා විදුලි කණුවක් පාරට කඩන් වැටිලා තියෙනවා. ඒ අනතුර නිසා එතන හිරවෙලා තියෙන්නේ රෝහලට යන්න ආපු ආධාර පුරවපු වාහනයි. ඉතිං ලී හේ සන්ග් ඇතුලු පිරිස මේ වාහන ටිකත් එතනින් අරගෙන රෝහලට එනවා. ඒත් මේ දේට අධ්‍යක්ෂකතුමා නම් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ..

Direct Download

| HDTV | x264 | 540p | 235MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *