MENU

Titans (2018-) [S02 : E09] | වෙන්වීම සහ පසුතැවීම.

ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි කළේ කොහොමද කියන කාරණාව. මුලින්ම නම් කණ්ඩායමේ හැමෝම වගේ ඒකට එකග වෙලා හිටියත් පස්සේ සිද්ධ වෙච්ච දේවල් තනිකරම සිද්ධ වෙන්නෙ ඩික් ග්‍රේසන්ගේ තනි කැමැත්ත අනුවයි කියලා ඔබට දැකගන්න ලැබෙන්න ඇති. ඒ වගේමයි තමයි ටයිටන් සහ ඩෙත්ස්ට්‍රෝක් ආරවුල නිසා අන්තිමේ වන්දි ගෙව්වේ අහිංසක ජෙරිකෝ. ඒ වගේම ඒ සිද්ධියේ සම්පූර්ණ වැරදිකාරයා ඩික්. ඉතින් ඒක තමා ඩික් ග්‍රේසන්ගේ රහස උනේ.

ඒ වගේම තමා මේ හේතුව නිසා ස්ලේඩ් ටයිටන් කුලුනට රිංගලා එකිනෙකා අතර ආරවුල් ඇතිවෙන විදිහේ දේවල් වගේකුත් කළා ඔබ දකින්න ඇතිනේ. ඉතින් ඒක නිසා අන්තිමේ ජේසන් ජීවිතේ නැති කරගන්න උත්සහ කිරීමේදී තමා ඩික් තමන්ගෙ රහස ගැන කිව්වේ. ඉතින් මේ අවුරුදු ගාණක් හංගගෙන හිටිය රහස එලිවීමෙන් ඇත්තටම උනේ ඩික් හිතාගෙන හිටිය දේමයි. ඒ තමයි ටයිටන්ලා යන්න යන එක. පරණ ටයිටන්ලා වගේම අලුත් ටයිටන්ලා යන දෙගොල්ලොම ඩික්ව සහ කුලුන අතැරලා යන්න යනවා. හැබැයි එක් කෙනෙක් යන්නෙ නෑ. ඒ තමා ගාර්. ඉතින් පස්සේ ඩික් පවා කුළුණ අතැරලා යනවා. අන්තිමේ ඉතුරු වෙන්නෙ ගාර් පමණයි.

ඉතින් මේ ආකාරයට ඩෙත්ස්ට්‍රෝක්ගේ වැඩ නිසා විසිරිලා යන ටයිටන්ලට මොනා වෙයිද? මෙහෙම ගිහින් ඒ අය මොන වගේ ජීවිත ගත කරයිද කියලා කට්ටිය බලලම දැනගන්න. එහෙමනම් මං සමුගන්නවා. ඒ වගේම ටයිටන්ස් දෙවැනි කතාසමයේ මගේ වැඩ කොටස මෙතනින් අවසන්. ඔබ සැමට ජය.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 215MB |

Direct Download

| WEB | x264 | SD | 215MB |

HEVC – x265

| WEB | x265 | 720p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Titans (2018-) [S02 : E09] | වෙන්වීම සහ පසුතැවීම.

  • 10 Episode එකත් දෙනකමි ඇගිලි ගනන් කරමි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *