MENU

See (2019-) [S01 : E04] | තම ජීවිත බේරාගැනීමට මඟක්..!

පුළුවන් ඉක්මනින් දෙනවයි කියන පොරොන්දුවෙන් ඔන්න එහෙනම් මන් හතරවෙනි එපියත් අරගෙනම ආවා,කතාවේ රේටින්ස් එහෙම තාමාත් හොද මට්ටමක තියෙනවා. දැන් මේ හිට් එකක් වෙලයි තියෙන්නේ. අහන අහන හැම කෙනාම වගේ සී බලනවා. ඉතින් කොහොමද මේකට උපසිරැසි නොදී ඉන්නේ. මේකේ ආස්වාදය අපිට තවත් දෙන්න Apple Tv+ එකෙන් නිල වශයෙන් මේ ළගදී අන්තර්ජාලයට නිකුත් කරලා තිබුණා මේ කතාව දෙවෙනි සමය දක්වා දිගට අරන් යන්න.ඒක හොද නිව්ස් එකක්.

පසුගිය කතාව තුළින්,

ටමාක්ටි ජුන් තම රැජිණිය බාර දුන් කාර්‍යය කරගන්න බැරුව අසමත් වෙනවා. ඒ මායාකරයෝ ටික අල්ලගන්න. ඒ කියන්නේ ජර්මරේල් හා එයාගේ දරුවන් අල්ලා ගන්න. ඒත් එයාට ගමින් ගමට ගියත් ඔවුන් හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා රැජිණිය ඔහුට සියදිවිහානි කරගන්න කියල කිව්වත්, ඇයට ඔහුගෙන් තව රාජකාරි කරගන්න තියෙයි බව දැනගන්නවා. ඔහොම යද්දී කොෆුන් හා හනීවා තම පොත් පත් වල තියෙන දේවල් ඉක්මනින් ඉගෙන ගනිමින් එයාලගේ දක්ෂතා දියුණු කරගන්නවා. මේ ගෝත්‍රයේ එක දරුවෙක් උපදිනවා මේ දරුවා අසනීපයෙන් උපදින්නේ. ඒ මේ ගෝත්‍රයට නැවුම් රුධිරය ඕනෑ කරන බවයි වැඩිහිටියන් පවසන්නේ. එයාලගේ එක් උත්සවයක් තියෙනව. එතනදී පුළුවන් තම සහකාර සහකාරිනියන් හොයාගන්න. මුලදි මෙතැනට යන්න බාබා වෝස් අකැමැති වුණත්, තම බිරිදගේ කීමට මේ ගමන් යන්න යොදාගන්නවා. මෙයාල යද්දී දරුවන්ට කිව්වා එන්න එපා කියල ඒ උත්සවේට යන්න. එයාලගේ වයස සම්පූර්ණ වූවත් දෙමව්පියන් කැමති වුණේ නෑ. එයාලට ඒ උත්සවයෙදී වෙන දේවල් එයාලගේ ඇස් දෙකෙන් දකින්න ලැබෙන එකට. කොහොමහරි මේ දෙන්නා හොරාට මේ තාත්තයි අම්මයි පස්සෙන් ඇවිත් කොෆූන් ස්ලේවර්ස්ලගේ දැහැනට ගොදුරු වෙනවා. මේ බව දැනගත්ත හනීවා අම්මටයි තාත්තටයි ගිහින් කියනවා. එපාර බාබා වෝස් කොෆූන්ව බේරගෙන නැවැතත් හැමෝම නිවහනට එනවා. කතාව ඉවර වෙන්නේ විච්ෆයින්ඩර්ස්ලා මේ අල්කෙනි ගෝත්‍රයේ අය ඉන්න තැනට ඇවිත්.

අද කතාව තුළින්,

අද අපිට බලාගන්න පුළුවන්, මේ විච්ෆයින්ඩර්ස්ලා මේ ගම්මානයට එන ආකාරය. ගම්වාසීන් හැමෝම වගේ හදන්නේ මායාකාරයෝ ටික මෙයාලට අල්ලලා දෙන්න. ඒත් මේ බාබා වවෝස් හා එයාගේ බිරිදයි, දරුවන් දෙදෙනයි එයාගේ යලුවෙකු, තව බෝ කියල ගැහැණු ළමයෙකුයි එක්ක ගඟ පැත්තට යනවා. බාබා වෝස් මේවගේ සිද්දියක් වෙනවයි කියල දන්න නිසාම එයා බෝට්ටුවක් සකස් කරලා තියෙනවා. එයාලට ඒ බෝට්ටුවෙන් විච්ෆයින්ඩර්ස්ලව මගහැරගන්න පුලුවන් වෙනවා. මේ අතරතුර පායාන් හී රැජිණිය මරණයට තැත් කරන්න එයාගේ සභාවේ අය ලෑස්ති වුණත් ඒක කරගන්න බැරි වෙනව. මේ බාබා වොස් එයාගේ කට්ටිය විවේක ගන්න බෝට්ටුව නවත්තලා ඊළග දවසේ ගමන ආරම්භ කරන්න ලෑස්ති වෙනවා. මේ අතරතුර කිසියම් පිරිසක් විසින් මෙයාලගේ අවි ආයුධ ටික හොරකම් කරනවා. එයාලා කවුද කියල බලන්න කතාව බලලම ඉන්නකෝ.

එහෙනම් ඊළඟ එපිට අපේ කවිශල් මල්ලි අරන් එයි. එහෙනම් තවත් උපසිරැසියකින් මාත් එක්ක හම්බවෙමු. ගිහින් එන්නම්.😋
බුදුසරණයි! දෙවිපිහිටයි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | PHOENiX | 380MB |

Direct Download

| WEB | x264 | SD | 380MB |

 x265

| WEB | x265 | 720p | 300MB |

| WEB | x265 | 1080p | 710MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *