එහෙමනම් ඔන්න ගෙනාවා THE CAPTURE කතාමාලාවේ හයවන එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියල.
ගිය සතියේ කොටස්වලින් ෂෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ට ඇත්තටම සිද්ධවුණ දේ. ඒ කියන්නෙ හැනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැමදෙයක්ම චාලි ෂෝන්ට කියනවා. හැනා සහ චාලි දෙන්නා ෂෝන්ගෙ නඩුව බාරගත්තු වෙලාවේ ඉදලම ෂෝන්ව යොදාගෙන නිවැරදි කිරීමේ වැඩසටහන එළිදරව් කරන්න දරපු සෑම උත්සහයක් ගැනම සත්‍යය ෂෝන්ට චාලිගෙන් දැනගන්න ලැබෙනවා. ඒ වගේම හැනා මේක කරන්නෙ කාව බේරාගන්නද කියන එකත් දැනගන්න ලැබෙනවා. ඒ කියන්නෙ ෂෝන්ට දැනගන්න ලැබෙනවා හැනා මුල ඉදලම තමන්ව රවට්ටපු බව.
හැනා තමා විසින්ම පැහැරගැනීමේ සිද්ධියක් සැලසුම් කරලා ෂෝන්ව උසාවියට ගෙනිච්චම උසාවියට ඇවිත් වීඩියෝ සාක්‍ෂි ගැන බොරුව එළිදරව් කරන්න හිටියත් හැනා අවාසනාවන්ත ලෙස මිය යනවා. ඉතින් ඒ කාර්යය කරලා දෙන්නෙ ෆ්‍රෑන්ක්. ෆ්‍රෑන්ක්ට තමන්ගෙ වැඩසටහන ඇතුලේ දෙපිටකාට්ටු ඊලයිගෙන් ප්‍රශ්න කිරීම්වලදි දැනගන්න ලැබුනා හැනා ඉන්න තැන. ඉතින් කතාව දැන් අතුරුදහන් කරලා දාන්න බැරි තරමට ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන නිසා ෆ්‍රෑන්ක් තීරණය කළා කතාව ඇත්තක් කරලා ෂෝන්ව වැරදිකරුවෙක් කරන්න. ඉතින් ඒ අනුව තමා හැනාට ජීවිතේ අහිමි වෙන්නෙ.
ඔය අතරේ කේරිත් පැට්‍රික් එක්ක එකතුවෙලා බොහොම වැදගත් සාක්‍ෂි ගණනාවක්ම සොයාගන්නවා ෂෝන් හැනාව මැරුවේ නෑ කියන්න. නමුත් දැන් තියෙන අවාසනාවන්ත සිද්ධිය තමා කේරිව වැඩ තහනමට ලක් කරලා තියෙන එක. ඉතින් කොහොමින් හෝ චාලි ෂෝන්ව පොලිසියට අල්ලලා දෙන්න හදන තැනට ඇවිත් කේරි සහ පැට්‍රික් දෙන්නා ෂෝන්ව බේරගෙන යනවා. ඉතින් ෂෝන්ව පොලිසියෙන් බේරගෙන ගියාට පස්සේ කේරිට අවශ්‍ය වෙන්නෙ තමන් ළග තියෙන සාක්ෂිය පොලිසියට දීලා ෂෝන්ව නිදහස් කරවගන්න. නමුත් ඊට ප්‍රථමයෙන් ෆ්‍රෑන්ක් එක සැලැස්මක් නිර්මාණය කරනවා. ඒ තමයි ෂෝන්ව හොයාගන්නම නැති නිසා ෂෝන් විසින් ෂෝන්ගෙම දුවව පැහැරගෙන යනවා වගේ හදපු වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කරන එක.
ඉතින් කෙසේ හෝ ෆ්‍රෑන්ක්ගේ මේ සැලැස්ම වැඩ කරනවා. ෂෝන් හැංගිලා ඉන්න තැනින් එළියට එනවා. ඉතින් අද අන්තිම කොටසෙන් බලාගන්න ලැබෙනවා නිර්දෝෂී ෂෝන්ට බේරෙන්න හැකිවෙයිද නැද්ද? ඒ වගේම කේරිට මොනා වෙයිද? හැනාගේ සහයකයන්ට අත්වන්නේ කුමන ඉරණමක්ද? එසේම මේ වගේ ප්‍රශ්න ගණනාවකට විසදුම් දෙනවාත් එක්කම තවත් අලුත් ප්‍රශ්න නිර්මාණය වෙන ආකාරය.
ඉතින් පළමු කතාමාලාව මෙතනින් ඉවරයි.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | 720p | 865MB |
Direct Download
| HDTV | x264 | SD | 260MB |