කලින් කොටස. ඒ කියන්නෙ පළමු කොටස ගැන කතා කළොත් මතකයිනේ ලයිරා කියන්නෙ අනාථ ළමයෙක්. ඔක්ස්ෆර්ඩ්වල ජෝර්ඩන් විද්‍යාලයේ තමයි මේ ළමයා හැදී වැඩෙන්නේ. අනාථයි කිව්වට ඥාතියෙක් ඉන්නවා, ඒ තමයි වංශාධිපති ඇස්රියෙල්. ඉතින් ලයිරා ජෝර්ඩන් විද්‍යාලයේ සතුටු සාමකාමී ජිවිතයක් ගත කරගෙන ඉන්න ළමයෙක්. නමුත් ලයිරාගේ ජීවිතයේ වෙනස්කම් ඇතිවෙන්න යන්නෙ එක් දිනක් විතරයි. එක දිනයක් සහ හේතු දෙකක්. එනම් ඇස්රියෙල් යම් සොයාගැනීමක් කරන එකත් ලයිරාගේ හොදම මිත්‍රයා රොජර්ගේ අතුරුදහන් වීමත්.
ඉතින් මේ ලයිරාගේ ලෝකය අපේ ලෝකයට සෑහෙන්න සමානයි, නමුත් යම් වෙනස්කම් තියෙනවා. ඇස්රියෙල් උතුරට ගිහිල්ලා සොයාගැනීමක් කරනවා දූවිලි කියලා පදාර්ථයක් ගැන. ඉතින් මේ පදාර්ථය හරහා සැගවුණු ලෝකයන් දකින්න පුළුවන්. නමුත් මේ ලයිරාගේ ලෝකයේ පාලක බලය මෙහෙයවන මහා සභාව ඒ දේවල් තහනම් කරලයි තියෙන්නෙ. කොටින්ම කියනවනම් ඒවා මිත්‍යාදෘෂ්ටික කතාබහ ලෙස නම් කරලා තියෙන්නෙ. ඉතින් මේවන් දේවල් සොයාගන්නෙත් බොහොම බයෙන්. නමුත් ඇස්රියෙල්ට හැකිවුනා ජෝර්ඩන් විද්‍යාලයේ මාස්ටර් සහ පිරිසට මේ ගැන පෙන්නලා විමර්ශනය කටයුතු සදහා මුදල් ලබාගෙන උතුරට යන්න.
ඉතින් ඇස්රියෙල් උතුරට යද්දි ලයිරාව එක්ක යන්නෙ නෑ. ඒ නිසා හිත රිදිලා ඉන්න ලයිරාට ජෝර්ඩන් විද්‍යාලයෙන් යන්න, උතුරට යන්න නව අපේක්‍ෂාවක් ලැබෙනවා. ඒ කෝල්ටර් නෝනාගේ මාර්ගයෙන්. ඉතින් මාස්ටර්ගේ අනුදැනුම යටතේ ලයිරා කෝල්ටර් නෝනා එක්ක යන්න කැමති වෙනවා. හැබැයි යන්න කලින් මාස්ටර් බොහොම වැදගත් දෙයක් ලයිරා අත තබනවා. ඒ තමයි සත්‍යමාපකය. ඉතින් මේ රහසත් එක්ක ලයිරා ලන්ඩනයට යන්න කියලා ඉන්න කොටම තමයි රොජර් අතුරුදහන් වෙන්නෙ. ඉතින් මේ ගොබ්ලර් කියන පිරිස ළමයි පැහැරගන්නවා කියලා තමයි කතාව යන්නෙ. කොහොමින් හෝ ලයිරා රොජර්ව ලන්ඩනයෙන් සොයාගැනීමේ අධිෂ්ඨානයෙන් කෝල්ටර් නෝනා එක්ක ලන්ඩනයට යන්න පිටත් උනා කියලා මතකනේ අන්තිමේට.
ඉතින් අද ඔන්න ලයිරාට සෑහෙන්න වෙනස්කම්වලට හැඩ ගැහෙන්න වෙනවා. වෙනම නගරයක්,ගෙයක්, සංස්කෘතියක් තමයි කෝල්ටර් නෝනා ජීවත් වෙන්නෙ. ඉතින් අපි බලමු සතුටින් ඉන්න කියලා ආව ලයිරාට ඒ දේවල් හමබවෙයිද නැද්ද කියලා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 330MB |
Direct Download
| HDTV | x264 | 480p | 200MB |
| HDTV | x264 | SD | 330MB |
x265
| HDTV | x265 | 720p | 240MB |
One thought on “His Dark Materials (2019-) [S01 : E02] | රහස් එළිදරව්!”
Thama me site eka hadanagmn kiyla. Puluwannam TV series okkoma season ganna pluwan widihata danna. Mata one season 9 episode , eth ehema ganna nane..