MENU

Scooby-Doo and Guess Who? [S01 : E02] | සිවිල් යුදබිමේ වළලුණු රහසක්!

කොහොමද යාලුවනේ! අද අරන් ආවෙ Scooby-Doo and Guess Who! සීරීස් එකේ දෙවන දිගහැරුම. අද කතාව ගෙතෙන්නෙ සිවිල් යුද්ධ වකවානුවෙ සිදුවූ සිදුවීමක් වටා. මේකෙ අබිරහස් විසඳන කණ්ඩායම් දෙකක් සෙට් වෙනවා. ඒ මිස්ටරි ඉන්කෝර්පරේටඩ් (Mystery Incorporated) සහ ෆන්කි ෆැන්ටම් කෲව් (Funky Phantom Crew) කියන කණ්ඩායම් දෙක. මිස්ටරි ඉන්කෝර්පරේටඩ් කියන්නෙ අපි හැමෝම දන්න ස්කූබි-ඩූ සෙට් එක. ෆන්කි ෆැන්ටම් කෲව් කියන්නෙ වෙන කට්ටියක්. ඒ කට්ටිය ඉන්නෙ The Funky Phantom(1971) කියන කාටුන් සීරීස් එකේ. මේදෙගොල්ලො තරඟෙට මේ සිවිල් යුද්ධෙ අබිරහස විසඳන්න යන එක තමා මේ කතාවෙ තියෙන්නෙ. ඒවගේම මේකෙ අන්තිමටම Speed Buggy(1973) කියන කාටුන් සිරිස් එකේ අයත් එකතුවෙනවා. ඒ හැබැයි අන්තිම මිනිත්තු කිහිපයට විතරයි. මේ කතාව බලන්න යන්න කලින් හැමෝම දැනගෙන ඉන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා.ඒ ටිකත් මේ විදිහට මම කෙටියෙන් ඉදිරිපත් කලා

ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln)
එබ්‍රහම් ලින්කන් කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා. මෙයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වශයෙන් පත්වෙන්නෙ 1861දී. මේ කාලෙදිම තමා ඇමෙරිකාවෙ සිවිල් යුද්ධයත් ආරම්භ වෙන්නෙ.

සිවිල් යුද්ධය (Civil War)
මේ කැප්ටන් ඇමෙරිකා එකේ Civil War එකනම් නෙමෙයි. මේ සිවිල් යුද්ධය ආරම්භ වෙන්නෙ 1861දී. ඒ කියන්නෙ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති සමයෙදී. මේක ඇතිවෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු දිග ජනපද හා දකුණුදිග ජනපද අතර. දකුණුදිග ජනපද 11ක් ඒකාබද්ධ ජනපදය ලෙස සංවිධානයක් හදාගෙන මේ යුද්ධයට එක් වෙනවා. මේක තමා ඇමෙරිකානු ඉතිහාසයේ 10වන දිගුම යුද්ධය බවට පත්වෙන්නෙ. මේක වර්ෂ 4ක් පුරාවටම පැවතුනා.මේක 1865 වර්ෂයේදී නිමාවට පත්වෙනවා. ඒ එකාබද්ධ ජනපදයේ අවසාන මේජර් වරයා වන රොබර්ට්.ඊ.ලී (Robert.E.Lee)ගෙ යටත් වීමත් සමග. ඉන් පසුව දකුණුදිග ජනපද 11 ඒකාබද්ධ ජනපදයෙන් ඉවත් ව නැවත එක්සත් ජනපදයට එකතුවෙනවා.

හැමිල්ටන් සහ බර් (Hamilton & Burr)
වීහැවන්, නිව් ජර්සි වල උප ජනාධිපති ආරොන් බර් සහ රාජ්‍ය භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් කියන දෙන්නා තමයි මේ හැමිල්ටන් සහ බර් ලෙස හඳුන්වන්නෙ. මුන් දෙන්නත් මාර කොකුකාරයො දෙන්නෙක්. මේ දෙන්නගෙ කතාව ඉවර වෙන්නෙ අන්තිමට එකෙක් ජීවිතක්ෂයට පත් වෙලා. ඒක වෙන්නෙ උප ජනපති ආරොන් බර් , හැමිල්ටන් කියන හිටපු භාණ්ඩාගාරයේ ලේකම් වරයාට වෙඩි තියලා තියෙනවා, ඒ හැමිල්ටන් එතැන තිබුනු ගහක බර්ගෙ හිසට හරියටම ඉහලින් තිබුනු අත්තට වෙඩි තියමින් ඉන්නා අතරවාරයේදීයි. බර්ගෙ වෙඩි පහර වැදුනු හැමිල්ටන්ව, විලියම් බේයාර්ඩ් ජූනියර් කියන තැනැත්තා විසින් සිය නිවසට ඔසවාගෙන ගිහින් ප්‍රතිකාර කරලා තියෙනවා. නමුත් පසුවදා උදෑසන ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.

හරි ඔන්න දැන් පුලුවන් කතාව බලන්න පටන් ගන්න.

එහෙනම් ඉතින් ඉක්මනටම ඊලඟ දිගහැරුමත් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා. ඔයාලට සුභ දවසක්..

ජය වේවා..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.3GB | Complete S01|


Direct Download

| WEB | x264 | 720p | 220MB |

| WEB | x264 | 720p | 3.4GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Scooby-Doo and Guess Who? [S01 : E02] | සිවිල් යුදබිමේ වළලුණු රහසක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *