MENU

The End of the F***ing World [S02 : E01-E02] | මගේ නම බොනී… (18+)

හරි එහෙනම් මේ සුදානම තවත් අපූරු කතාමාලාවක දෙවැනි කතා සමය ලබාදීමටයි. පළවෙනි කතා සමය ඇවිත් අදට අවුරුදු දෙකක් වෙනවා. ඒවගේම තමයි මේ සමයෙ රේටින් කලින්ටත් වඩා වැඩි වීමක් පෙන්නුම් කරනවා. ”IMDb අගය 8.1” සහ ”කුණු තක්කාලි අගය 91%” වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කතා සමයේදී මතක ඇතිනෙ ජේම්ස් සහ ඇලීසා ක්ලයිව්ගෙ ගෙදරට ඇතුළු වෙලා වෙච්ච හරිය. කොහොමහරි ඔවුන් මේ පිළිබඳ කිසිම දෙයක් දන්නෙ නැහැ. ක්ලයිව් එකපාරටම ඇවිත් ඇලීසාව දුෂණය කරන්න යද්දී ජේම්ස් ඇවිත් ඔහුගෙ බෙල්ලට අනිනවා. ඔහු එතනම මැරිලා යනවා. ඊට පස්සෙ මොවුන් හැංගෙන්න යනවා. හැබැයි ඒ හැමදේම ටික වෙලාවයි තියෙන්නෙ. මොකද පොලිසීයෙ කට්ටිය මෙයාලගෙ පස්සෙන් යනවා. ඒවගේම තමයි අවසානයෙදී ඉවර වෙන්නෙ ජේම්ස්ට වෙඩි වදිනවාත් එක්කමයි. හැබැයි ඔහු මැරුණාද? ඒක මේ වතාවේ බලන්න පුළුවන්. හැබැයි පළවෙනි කොටස පටන්ගන්නෙ එතනින් නෙමේ. අලුත්ම චරිතයකින්. ඒ තමයි බොනී. කුඩා කාලයේ ඉඳලාම ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා. ඒවගේම තමයි ඇය ගාව ඇලීසාගෙ පොටෝ එකක් පවා තිබෙනවා. තව තුවක්කුවකුත්. ඒත් ඇයි? මෙයා ක්ලයිව්ට කලින් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගන්නවා. දන්නවනෙ ඉතින් ආදරේක තරම. ඒ දේ ලබාගන්න තමන් ඕනෙම දෙයක් හරි කරනවා. මං මේ කියන්නෙ කතාවට. කොහොමහරි ක්ලයිව්ගෙ මරණය ආරංචි වෙනවා. ඉතින් ඇය ඇත්තටම මොවුන්ව මරයිද ඒ තියෙන උමතු ආදරය වෙනුවෙන්?

ඒවගේම තමයි සාහසික චරිතයක්. මොකද බොනී කුඩා කාලයෙ ඉඳලම මුහුණ දුන්නෙ ඒ වගේ දේවල් වලට. ඉතින් ඇයට එහෙම සිද්ධ වෙලා තියෙන එක සාධාරණයි. කොහොමහරි බොනී යන්නෙ ජේම්ස්වයි ඇලීසාවයි ඝාතනය කරන්න. මොකද බොනී ක්ලයිව්ගෙ බොරු ආදරයට උමතු වෙලා ඉන්නෙ. අනික තමයි ක්ලයිව් අන්තිම මොහොතේදී බොනීව මෝඩයට අන්දනවා. ඒකෙන් වෙන්නෙ බොනීට හිරේ යන්න වෙන එක. හැබැයි එයා එනකොට ක්ලයිව් මේ ලෝකෙන් ගිහින්. ඊට පස්සෙ ඔහුව මරපු කෙනා පස්සෙන් යනවා. ඔන්න අද කොටසේදී දැකගන්න පුළුවන් වෙනවා පළවෙනි කතා සමය අවසන් වෙච්ච ස්ථානය ඉඳල සිද්ධ වෙන හැමදෙයක්ම. ජේම්ස් මැරුණාද? බේරුණාද? එහෙම නැත්තම් මෙයාලගෙ ජිවිතෙ ඉස්සහරට මුහුණ දීමට සිදු වෙන දේවල් එහෙම. එහෙනම් ඉතින් මම ඒ ගැන කිසි දෙයක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 1.3GB | Complete S02 |

Direct Download

| WEB | x264 | 720p | 113MB | E01

| WEB | x264 | 720p | 102MB | E02

x265 – PSA

| WEB | x265 10bit | 720p | 114MB | E01

| WEB | x265 10bit | 720p | 115MB | E02

Complete S02

| WEB | x264 | 720p | 825MB |

| WEB | x265 10bit | 720p | 875MB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *