MENU

The Walking Dead [S10 : E07] | සිඩ්ඩික්..!

ආයුබෝ වේවා..!

ඉතිං ඔන්න හිර කරගෙන හිටිය TWD අවසාන කතාංගයත් අරගෙන ආව. ඒ කියන්නෙ හෙට දිනයේ නිකුත් වෙන 8 වෙනි කතාංගයට කලින් මේක බලන්න පුළුවන්. ඉවසීමෙන් ඉඳපු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි! මේ කතා සමයේ මේ වසරේ නිකුත් වෙන අවසාන කතාංගය වෙන්නෙ, ඊලඟට නිකුත් වෙන්න තියෙන 8 වෙනි කතාංගය. ඒක ඉතිං පරක්කු නොකර ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වෙනව. හරි එහෙනම් මතක් කරගමු කලින් කොටස ගැන පොඩ්ඩක්.

ඇල්ෆා සමඟ ඇවිල්ලෙන්න යන සටනේ පළවෙනි අදියරේ වැඩ පටන් කැරොල්, ඩැරල් එක්ක ඇල්ෆගෙ සීමාවට ගියා මතක ඇති. ඒ ගිහින් ඇල්ෆගෙ සගයෙක් අල්ලගෙන හොරෙන්ම ආයෙ ආව. ඒ වගේම නීගන් තමන්ගේ වටිනාකම ඔප්පු කරල ඇල්ෆා ලඟ තැනක් හදා ගත්ත. මේක තවත් වැදගත් කාරණාවක් වේවි කතාව ඉදිරියේදී. මේ දේවල් මෙහෙම වෙනකොට තමයි හිල්ටොප් තුළ වසංගත තත්වයක් පැතිරිලා යන්නෙ. ඒකෙන් රොසිටා පවා අසනීප වෙලා ඉන්නෙ. මතක ඇතිනෙ රොසිටා උණ විකාරෙන් වගේ ඉයුජින් එක්ක කතා කළා. ඉයුජින් ගැන කතා කරනකොට පහුගිය කතාංගය තුළ අපිට නාඳුනන අලුත් හඬක් අහන්න ලැබුණ. මේ කාරණාවත් ඉදිරි කතා මාලාවක දොරටු විවර වීමක් විය හැකියි. ඒ වගේම ඇරොන් සහ ගැමා අතරෙ යම් ආකාරයක යාළුකමක් දළුලා වැඩිල කියලත් දකින්න ඇති. හැබැයි මේක පිටිපස්සෙ ඇල්ෆා සූක්ෂම දැලක් එළල තියෙන්නෙ.

අද කතාංගය බොහෝ දුරය හිල්ටොප් වල වසංගත තත්වය සහ සිඩ්ඩික්ගේ අතීතාවර්ජනය ප්‍රතිබිම්බ එක්ක තමයි ගතවෙන්නෙ. ඇල්ෆා තමන්ගෙ සීමාව සටහන් කලේ හිල්ටොප් වල හැම කෙනෙක්ම ආදරේ කරපු, හෙන්රි, ටාරා සහ එනිඩ් කියන අයගෙ ඔළු, රිටි වල අමුණල. මේ සාපරාධී ඝාතන සිද්ධවෙන හැටි ඇස් දෙකෙන්ම දකින්න සිඩ්ඩික්ට සිද්ධ වුණා. මේ සිදුවීම නිසා සිඩ්ඩික් තාම ඉන්නෙ පියවි සිහියෙන් නෙවෙයි. ඒ වගේම ඇල්ෆා කියන්නෙ අපිට පේන තරම් ඇල්මැරුණු ගැහැණියක් නොවෙන වගෙ ඔන්න අද සක්සුදක් වගේ පැහැදිලි වේවි. ඒ කරුණු කාරණා එක්ක අද කතාංගයේ එක් අතිශය ප්‍රබල චරිතයක අවසානය ඇතුළුව මරණ තුනක් දැකගන්න පුළුවන්. ඉතිං අද කතාංගයෙන් සමු ගන්නා ඒ ආදරණීයයාට “ඔබේ සටන අවසන්!” කියල සමුදෙමින්, නැවත Mid Season Finale කතාංගය සමඟ හමුවෙන තෙක්, හැම කෙනෙකුටම ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 470MB |

Direct Download

| WEB | x264 | 480p | 140MB |

| WEB | x264 | SD | 470MB |

| WEB | x264 | 720p | 830MB |

HEVC – x265

| WEB | x265 | 720p | 230MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *