20 කොටස
හැම වෙලාවෙම රෝහලෙන් ලාභ ලබන්න වගේම තනතුරු ගැන හිතන අධ්‍යක්ෂකතුමාට ඇමතිතුමාගෙන් එන මේ යෝජනාව ලොකු සතුටක් ගේනවා වුනත් තමන් ගත්ත තීරණය ආපස්සට හරවලා හන් වූ ජින්වයි ලී හේ සන්ග් වයි ආයෙමත් ගෙන්වන්න ඔහුගේ කැමැත්තක් නැහැ. එහෙම කලොත් තමා ඒ දෙන්නට පරාද වුනා වගේ හැඟීමක් ඔහුට දැනෙනවා. ඒත් බලයට තනතුරු වගට කෑදර අධ්‍යක්ෂකතුමා අන්තිමට හිත වෙනස් කරගන්නවා. ඒත් තවත් ප්‍රශ්ණයක් ඇති වෙලා. මේ ඇතිවුන හදිසි අවස්ථාවෙදි තමන්ට තමන්ගෙම රෝහල සලකපු හැටි දැකපු ප්‍රධානීතුමා රෝහල රජයට පවරල දෙන්නයි හදන්නේ. තමන් මෙච්චර කල් දියුණු කරපු රෝහල රජයට දෙන එක රෝහල් අධ්‍යක්ෂකට දරාගන්න බැරි ලොකු කම්පනයක් වෙනවා. මේ අතර දිග කාලයක් නින්දක හිටපු ලී හේ සන්ග් ගේ මව අවදි වෙනවා. ඒත් ඇස් ඇරපු ගමන්ම ඇය දකින්නේ තමන්ගේ පොඩි පුතා මියගිහින් ඇති බවයි…….
Direct Download
| HDTV | x264 | 540p | 215MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)