MENU

Scooby-Doo and Guess Who? [S01 : E12] | පළිගැනීම

Scooby Doo and Guess Who එකත් එක්ක ගෙවෙන අවසාන එපිසෝඩ් දෙකෙන් එකක් තමා මේ විදිහට ඔයාලට ඉදිරිපත් කරන්නෙ. මේ අරගෙන එන්නෙ මේ කතාමාලවේ දොළොස්වන දිගහැරුම. අද කතාව නිර්මාණය කරලා තියෙන්නෙ රූපවාහිනී නාලිකා මැදිරියක සිදුවෙන අද්භූත සිදුවීමක් වටා. එම නාලිකාවෙ රාත්‍රී පුවත් විකාෂනය වන වෙලාවේ සිදුවුනු සිදුවීමකින් තමා මේ කතාව ආරම්භ වෙන්නෙ. සජීවි පුවත් විකාෂනයට බාධා කිරීමක් සිදුවෙනවා අද්භූත විකටයෙක් නිසා. ඒ විකටයා හරියට අර Stephan King කියන සුප්‍රසිද්ධ හොල්මන් කතා රචකයා විසින් නිර්මාණය කරපු Pennywise කියන විකටයා වගේ කෙනෙක්. පෙනිවයිස්ගේ චරිතය පාදක කරගෙන තමා IT කියන චිත්‍රපට පෙළ හෙමත් නිර්මාණය උනේ. ඉතින් මට හිතෙනවා මේ කතාවටත් නිර්මාණය කරන්න ඇත්තෙ ඒ මූලික පදනම මත කියලා. ඉතින් කොහොමෙන් හරි මේ විකටයාගෙ කඩාකප්පල්කාරී වැඩ නිසා මේ රූපවාහිනි නාලිකාව වැහෙන තැනටම එනවා. මැරෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනේ.. අන්න ඒ නිසා මේ රූපවාහිනී නාලිකාවෙ කළමනාකාරීත්වය තීරණය කරනවා තියෙන අන්තිම තුරුම්පුවත් ගහලා බලන්න. එයාලා වාර්ෂිකව කරන සජීවී වැඩසටහනක් තියෙනවා ටෙලිතෝන් කියලා. මේ වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයා ලෙස ඔවුන් ගේනවා කීනන් තොම්සන් කියන කෝමීඩියන්ව. එයා තමයි මේ කතාවෙ ආගන්තුක චරිතය. එයා වaතීමය වශයෙන් කොමීඩියන් කෙනෙක්. කීනන් තොම්සන්ව මේ වැඩසටහනට එක්කගෙන එන්නෙ ස්කූබි සහ එයාගෙ යාලුවො ටික. ඔතනදි අර විකටයා ගැන මෙයාලට දැනගන්නට හැකියාව ලැබෙනවා..ඔතන ඉඳලා ඉතින් සෙට් එක පුරුදු පරිදි වැඩ…

ඉතින් මම මුලදි සඳහන් කලා වගේ මේ තමයි Scooby Doo And Guess Who එකේ අවසාන එපිසෝඩ් දෙක. ඉතින් අනිත් ඔක්කොමත් බලලා මේ දෙක බැලුවේ නැත්නම් වැඩක් නෑනේ….

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.3GB | Complete S01|


Direct Download

| WEB | x264 | 720p | 276MB |

| WEB | x264 | 720p | 3.4GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scooby-Doo and Guess Who? [S01 : E12] | පළිගැනීම

  • Machan watchmen tv series ekt sub danne nadda?..danw nn loku udauwk mchn…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *