His Dark Materials කතාමාලාවේ 4වැනි කොටසත් සමගිනුයි ඔන්න එහෙනම් එකතු වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
කලින් සතියේ කොටස ගැන කතා කළොත් කට්ටියට මතක ඇතිනේ කෝල්ටර් නෝනාගේ ගෙදරින් පැනලා ගිය ලයිරාව පැහැරගෙන යද්දි ගොබ්ලර්ලට පහර දීලා අහිකුන්ඨිකවාසීන් විසින් ලයිරාව එක්කන් ගියා. ඉතින් මේ අය ලයිරාට හොදින් සළකනවා, ඒ වගේම ලයිරාගෙන් ඔවුන්ට දැනගන්න ලැබුනානේ කෝල්ටර් නෝනා උතුරුකරයේ සැලසුම් කරන දේවල් ගැනත්. ඒක හොයන්න ගිහිල්ලා අහිකුන්ඨිකවාසීන්ගේ කෙනෙක් ජීවිතෙන් සමු දුන්නා කියන එකත් මතකයිනේ. ඒ වගේම තමා ලයිරාට දැනගන්න ලැබුනා එයාගේ අම්මා කවුද කියන එකත්. ඉතින් ඒ වෙන කවුරුත් නෙවේ කෝල්ටර් නෝනා කියන එකත් මතකයිනේ. ලයිරා පැන යාම නිසා කෝපාවිෂ්ඨ වෙන කෝල්ටර් නෝනා ජෝර්ඩන් විද්‍යාලයට ගිහිල්ලා විද්‍යාලය විනාශ කරලා දැම්මා.
ඒ වගේම මහා සභාවේ නීතිරීතිවලටත් පටහැනිව යමින් ඔත්තුකාර මැස්සන්ව එහෙමත් පාවිච්චි කළා. ඔය අතරේ බොරියල් හාදයා ලෝක අතර තරණය කරලා ගිහින් ගෘමන්ව හොයනවා. හැබෑවටම මේ හාදයා ගෘමන් පසුපස මෙහෙම යන්නෙ ඇයි කියන එක දැනට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම බොරියල් ඒ දේ පවා සිද්ධ කරන්නෙ මහා සභාවටත් හොරෙන්, කොටින්ම කීවොත් හැමෝටම හොරෙන් වීම තවත් ලොකු රහසක්. ඉතින් ඔය කරුණු කාරනා ඔහොම වෙද්දි ලයිරාට සත්‍යමාපකය කියවලා තේරුම් ගන්න හැකියාව ලැබුනා. ඉතින් ග්‍රන්ථ නැතුව ලයිරා මේ සංකේත කියවා තේරුම් ගන්න එක හැමෝටම පුදුමයක්.
ඉතින් ගිය සතියේ කොටහා අවසානයේ අහිකුන්ඨිකවාසීන් උතුරුකරයට, ඒ කියන්නෙ ට්‍රොලසන්ඩ්වලට යන්න ලන්ඩන්වලින් පිටත් උනා නෙව. ඔන්න අද කට්ටිය එහාට ළගා වෙනවා. ඉතින් මෙයාලා යනවා එක්කම තවත් පුද්ගලයෙකුත් එහාට යනවා. ඉතින් ෆාඩර් කොරම් මෙහාට ඇවිල්ලා තියෙන්නෙ මායාකාරියන්ගේ උදව් ලබාගන්නයි. ඉතින් ලයිරාගේ හැකියාව නිසා ඒක තවත් ලේසි වෙනවා. ඒ වගේම තමා මෙහෙදි සන්නද්ධ වලහෙක් එහෙමත් හම්බ වෙනවා.හොදයි එහෙමනම් මායාකාරියන් කට්ටියට ළමයි බේරගන්න උදව් කරයිද? එතකොට කෝල්ටර් නෝනා ලයිරා පසුපස හඹා ඒවිද? ඒ වගේම වංශාධිපති ඇස්රියෙල්ට මොනා වෙලා ඇතිද? එසේම ලයිරාගේ සහය සදහා අද අලුතින්ම එකතු වෙන දෙන්නා කවුරු වෙන්න පුලුවන්ද කියලා බලලම දැනගන්නලා.
එහෙමනම් මම මේ කතාමාලාවේ මගේ වගකීමෙන් සමුගන්නවා. ඉතුරු කොටස් ටිකට වෙනත් සහෝදර උපසිරසිකරුවන් කීපදෙනකු උපසිරසි රැගෙන ඒවි. ඒ වගේම මේක තමා ඔන්න මේ වසරට මගේ අවසාන උපසිරැසිය වෙන්නෙ. අධ්‍යාපන කටයුතු වගයක් නිසා මාස කීපයකට මම උපසිරසිකරණයට තාවකාලිකව සමු දෙනවා. එසේනම් ඔබට ජයෙන් ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 360MB |
Direct Download
| HDTV | x264 | SD | 360MB |
x265
| HDTV | x265 | 720p | 300MB |
3 thoughts on “His Dark Materials (2019-) [S01 : E04] | යොරෙක් බර්නිසන්!!”
ඉතුරු කොටස් ටික නෑනි.කවද්ද add කරන්නේ?
තවම episode 4ක් විතරයිද add කරලා තියෙන්නේ?
Sub ekt hugk thanx bro….watchmen tv series ektath sub denn briweid mchn?