MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E07-08 | කිම් දන්ගේ ඉල්ලීම් තුන…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා ආයෙමත් යොං සෝට අණතුරක් සිදු වෙන එකෙන් කිම් දන් ඇයව බේරගන්නවා. ඒ වගේම ඒ වෙලාවෙදි ඇය කිම් දන්ගේ පියාපත් දැක්කත්, යොං සෝ ඒ බොරු පියාපත් කියා හිතන නිසා කිම් දන්ට තමන්ගේ රහස රැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පළවෙනි වතාවට ජී කන්ග් වූට යොං සෝව හමු වෙන්න පුළුවන් වෙනවා. ඔහු නැවතත් ඇයට බැලේ වලට එන්න ආරාධනාවක් කලත් යොං සෝ එය ප්‍රතිශේප කරනවා. යොං සෝගේ පවුලේ අය යොං සෝට නැවතත් ඇස් පෙනීම ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමේ මුවාවෙන් ඇගේ නිවසට ඇවිත්, යොං සෝගේ අක්ෂි කාච බද්ධ සැත්කම ප්‍රමාද කරන්න බලපෑම් කරා කියන්න තියෙන සාක්ෂි හොරකම් කරනවා. පවුලේ අයට නරක විදියට සැළකීම ගැන යොං සෝ එක්ක රණ්ඩු වෙලා කිම් දන් යන්න ගියත්, යොං සෝ ආයෙමත් තනි වෙන එක ගැන දුක් වෙන ඔහු ආයෙමත් යොං සෝ ලඟට එනවා…

අද කතාවෙන් කිම් දන් බීමතින් කියන කතා වලට යොං සෝගේ ප්‍රතිචාරය කුමක් වෙයිද? කිම් දන්ට වැරදි චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන් වේවිද? ඇත්තටම යොං සෝගේ නිවසට හොරෙන් ඇතුළු වුණේ කවුද? නැවත යොං සෝ ලඟ රැකියාවට එන්න කිම් දන්ට අවශ්‍ය වෙන්නෙ මොනවද? ජී කංග් වූට යොං සෝව නැවතත් බැලේ වලට පැමිණෙන්න කැමති කරවාගන්න හැකි වේවිද? ආයෙමත් යොං සෝට තනියම ඇවිදින්න උදව් කරන්න කිම් දන්ට හැකි වේවිද කියන දේවල් බලාගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

Direct Download

| WEB | x264 | 720p | 1.3GB |

HEVC – x265

| WEB | x265 | 720p | 390MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E07-08 | කිම් දන්ගේ ඉල්ලීම් තුන…

  • sub kooo baiscop eke ne ne..help ekak dennko ekko link ekak hari dennko mata plz

    Reply
  • Pardesi babu govinda ge film eka dannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *