MENU

The Spy (2019) [S01 : E01] | සංක්‍රමණිකයා…

The Spy යනු ප්‍රංශ රහස් පරීක්ෂක Mini Tv Series එකක් වන අතර එය ඊශ්‍රායල් ජාතික Gideon Raff හා Max Perry විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙම මාලාව Canal+ සහ Netflix සඳහා ප්‍රංශ සමාගමක් වන Légende Entreprises විසින් නිෂ්පාදනය කරන ලද්දකි. 2019 සැප්තැම්බර් 6 වන දින Netflix විසින් නිකුත් කරන ලද කථා මාලාව කොටස් 6 කින් සමන්විතයි. මෙම කථාංගය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිපදවූවකි.

මෙයට පදනම් වී ඇත්තේ Uri Dan සහ Yeshayahu Ben Porat විසින් රචිත L’espion qui venait d’Israël (The Spy Who came from Israel) නම් පොතය. මෙම කථා මාලාව ඵෛතිහාසික නිරවද්‍යතාවයේ අඩුපාඩු නිසා විවේචනයට ලක්වෙලා තියෙනවා. ඒත් ඒක කථාවේ රසවින්දනයට බාධාවක් වෙලා නෑ.

Imdb rating 7.9 ක් ලබාගෙන තියෙන තවත් සුපිරිම කථා මාලාවක්. Netflix කථා වල මම කැමතිම දේ තමයි නළුවන්ගේ තාත්වික රංගනය. ඔවුන් රඟපානවා කියලා මොහොතකටවත් හිතෙන් නෑ. ඒ තරම් තාත්විකයි.

හරි එහෙනම් මේ කථාව ගැන කියනවා නම්, Eli Cohen (Eliyahu Ben-Shaul Cohen ) කියන සුපිරි ඊශ්‍රායල් ඔත්තු කරු ගැන වටා තමයි මේ කථාව ගෙතිලා තියෙන්නේ. 1924 දෙසැම්බර් 6 දින උපත ලබා 1965 මැයි 18 දින මරණයට පත්වන Eli Cohen ගේ මරණය ස්වභාවික මරණයක් නම් නෙවෙයි. සිරියාවේ ඔත්තු බැලිමේ වරදට සිරියානු ආණ්ඩුව විසින් ප්‍රසිද්දියේ එල්ලා මරණවා. අවුරුදු 4 ක පමණ සිරියාවේ ඔත්තු බැලිමේ කාලය තුළ ඉතා වැදගත් යුධ රහස් Eli Cohen විසින් ඊශ්‍රායලය අතට පත්කරලා තියෙනවා.

පලවෙනි කථාවෙන් Eli Cohen රහස් නියෝජිතයෙක් ලෙස සේවට එක්වන ආකාරය සහ ඒකට යොමු වෙන්නේ ඇයි කියලා දැන ගන්න පුළුවන්. එහෙනම් බයිස්කෝප්එල්කේ වටා එක්වෙලා ඉන්න සියළු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මේ කථාව රසවිදින්න කියලා. මේ මගේ පළවෙනි සබ් එක නිසා අඩුපාඩුත් ඇති. වැරැද්දක් තිබුණොත් අනිවාර්යයෙන්ම පෙන්නලා දෙන්න.

එහෙනම් ඉක්මනින්ම දෙවැනි කොටසින් හමුවෙමු.

ස්තුතියි.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 480p | 340MB |

Direct Download

| WEBRip | x264 | SD | 250MB | 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව

English – Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *