MENU

Lost in Space (2018-) [S02 : E09] | කැප වෙමි මිත්‍රත්වය උදෙසා!

කොහොමද කට්ටිය… සෑහෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් සබ් එකක් අරගෙන ආවා. හොදයි එහෙමනම් අපි බලමු කතාව ගැන. ඉතින් මේ කතාව මම බලලා තිබ්බ එකක් නෙවේ ඔන්න. නමුත් ඉතින් අපේ ඇඩ්මින් හසන්ත සහ අශාන් දෙන්නගේ කරදරේ නිසාමයි මේක කොලේ ඈ.

ඉතින් අද කොටසින් වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනවා. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන විල් ඇතුළු රොබින්සන්ලා හතුරෝ විදිහට නම් කරනවා. ඒ වගේම යානාවෙන් පිටතට යන මොරීන් සහ ජෝන් දෙන්නව ප්‍රවේශය අවහිර කරලා මැරෙන්න දාලා යන්න තමයි හේස්ටින්ග්ස් ලොක්කගේ කල්පනාව. කොහොමින් හෝ මේකට බෙන් ඇඩ්ලර් ඒ වගේම ස්මිත් එහෙමත් සහය දෙනවා.

ඉතින් තමන්ගෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලාවේ රොබෝටයි ස්කෙයාක්‍රෝටයි උදව් කරන වගකීම පැවරෙන්නේ ජූඩි, පෙනී සහ විල් තුන්දෙනාට තමා ඔන්න. කොහොමින් හෝ සමස්ත ආරක්‍ෂක නිළධාරින් සේරම මේ තුන් කට්ටුව හොයද්දි එයාලට උදව් ගන්න තියෙන හැම පාරක්ම අවහිර කරලා දාලා තියෙද්දී තමයි මිත්‍රත්වයේ නාමයෙන් කපටි උපායක් යොදලා රොබෝටයි ස්කෙයාක්‍රෝටයි සහය දෙන්න රොබින්සන්ලා අර අදින්නෙ. ඔය අස්සෙ අභ්‍යවකාශයේ ඉන්න මොරීන් ජෝන් දෙන්නත් ලොකු හටනක් කරනවා ජීවිත බේරගන්න.

එහෙමනම් පුංචි රොබින්සන්ලගෙ සැලැස්ම මොකක්ද කියලා මන් කියන්න යන්නේ නෑ. එයාලා කොයි විදිහට රොබෝට සහය දක්වාවිද කියලා ඔයාලම බලාගන්න. ඒ වගේම ජෝන් සහ මොරීන් දෙන්නා දිවි බේරාගනීවිද කියන එකත්. එහෙමනම් ඉතින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 480p | 340MB | 

Direct Download

| WEB | x264 | 480p | 340MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *