MENU

Treadstone [S01 E06] | අතීතාවර්ජනය…

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.

කලින් කොටස අවසානෙදි සෝයුන්ට තවත් සිකේඩා කෙනෙක් වෙඩි තියනවා. ඩග් තමන්ගෙ ඉලක්කය ඝාතනය කරනවා, ඒ අතරෙදි තමන්ගෙ යාළුවවත් හම්බෙනවා.පෙට්‍රාව හොයාගෙන යන ජෝන්ට තමන් නැවතිල හිටිය හෝටලේදි වීඩියෝවක් හම්බෙනවා තමන්ගෙ යාළුවෙක්ව ප්‍රශ්න කරන.

අද කොටසෙදි සෝයුන්ට තමන්ගෙ ජීවිතය බේරගන්න පූළුවන් වෙයිද, ජෝන්ට තමන්ට අමතක වුන අතීතය ආයෙ මතක් කරගන්න පුළුවන් වෙයිද, හේන්ස් එක්ක යන මැට් ට මොකද වෙන්නෙ කියලා බලාගන්න පුළුවන්. මීලඟ කොටසෙන් හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 5GB | Complete S01 |

Direct Download

| WEB | x264 | 720p | 370MB |

| WEB | x264 | 720p | 3.1GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *