MENU

Dracula (2020-) [S01 : E02] | අන්ධකාරයේ කුමාරයා සහ ඩෙමීටර් නෞකාව…

කොහොමද යාලුවො හැමෝටම, ඔන්න ගොඩ දෙනෙක් බලන් හිටපු මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම ටීවී සීරීස් එකක දෙවෙනි කොටස තමයි අරන් ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන. වැඩ රාජකාරි අස්සේ නොවැ මේවත් කොටන්නේ. :p

Netflix කිව්වම ඉතිං ආයේ හොයන්න බලන්න දෙයක් නෑ බැලිල්ලක් තමයි තියෙන්නේ. බ්‍රෑම් ස්ටෝකර්ගේ Dracula නව කතාව ඇසුරින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. පලවෙනි කොටසේ මේ සීරිස් එක ගැන විස්තරයක් කවිශල් මල්ලි දීලා තියෙනවා, ඔබ Horror කැටගරි එකට ආස කෙනෙක්නම් අනිවාර්යයෙන් මේක බලන්න කියලා බය නැතුව කියනවා.

ඉතිං පළවෙනි කොටස අපේ කවිශල් මල්ලි ගෙනාවනේ. ලේ පිපාසිත ඩ්‍රැකියුලා එංගලන්තයට ඇවිල්ලා තමන්ගේ සුපුරුදු රාජකාරිය පටන් ගන්න තමයි උත්සහ කරන්නේ. ඉතිං මෙයා එංගලන්තයට එන්න තෝරගන්නේ ඩෙමීටර් කියන රුසියානු නෞකාව. ඩ්‍රැකියුලා කියන්නේ බොහෝම සට කපට පුද්ගලයෙක් නොවැ. ඉතිං මෙයා මේ එංගලන්තයට එන ගමනත් බොහෝම හොදින් සැලසුම් කරලා තියෙනවා. ඩෙමීටර් නැවේ මෙයත් එක්ක තවත් වංශවතුන් පිරිසක් එනවා. තවත් වැඩි විස්තර කියන්නේ නෑ ඉතිං ඩ්‍රැකියුලා ඇයි එංගලන්තයට එන්න මේ නැවම තෝර ගත්තේ ? නැවේ ඉන්න අනිත් මගීන් අහම්බෙන් මේ නැවට ආවද? අන්ධකාරයේ කුමාරයා ඩ්‍රැකියුලත් එක්ක ඩෙමීටර් නැවේ එංගලන්තයට යන පිරිසට මොනවා වෙයිද කියලා බලලම ඉන්නකෝ. මේකට පස්සේ තව එක කොටසයි තියෙන්නේ අන්තිම කොටස හිරාන් සහෝ ඔයාලට අරන් එයි. ඒ වගේම කවිශල් මල්ලිට ස්තූති කරන්න ඕන මාව මේකට සම්බන්ධකර ගත්තට. සමුගන්නවා එහෙනම්. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. 😀

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 460MB |  

Direct Download

| HDTV | x264 | 480p | 310MB |

| HDTV | x264 | SD | 460MB |

x265

| HDTV | x265 | 720p | 220MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Dracula (2020-) [S01 : E02] | අන්ධකාරයේ කුමාරයා සහ ඩෙමීටර් නෞකාව…

  • Lahiru Oshan Dahanayake

    Thanks for all.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *