MENU

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E01 | “කැටි ගැසුණු යෞවනයින්”

Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් 16කින් සමන්විතයි. ලස්සන කොරියානු කතා අධ්‍යක්ෂනය කරන Shin Woo Cheol විසින් මෙම කතාවත් අධ්‍යක්ෂනය කර ඇති අතර විවිධ කතා තිර රචනය කරන Baek Mi Kyeong ගේම සමාගමක් වන ස්ටෝරි ෆීනික්ස් විසින් නිෂ්පාදනය කරන ලදී. මේ වෙනකොට IMDB අගය 6.3/10 අගයක් අරගන්න සමත් වී තිබෙනවා. රටපුරා සියයට 2.4 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර, එය පෙර විකාශනයෙන් පසුව එහි ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කළා. කොරියානු කතා බලන රසිකයින් අතර ජනප්‍රිය වුනු නළුවෙක් තමයි මේ කතාවේ ප්‍රදාන චරිතයෙන් දායක වෙන්නේ. Ji Chang Wook 2017 අගෝස්තු 14 වන දින දකුණු කොරියානු හමුදාවට බැඳිලා 2019 අප්‍රේල් 27 වන දින සිය තෙවසරක අනිවාර්ය හමුදා සේවය නිමවා නැවත පැමිණ පළමුවෙන් ම තම රංගනයෙන් දායක වන කතාව තමයි Melting Me Softly (날 녹여주오) කතාව. Ji Chang Wook මෙහි Ma Dong Chan ලෙසත් Rain or Shine සහ The Age of Shadows කතාවලින් ජනප්‍රියට පත් වුනු Won Jin A මෙහි Ko Mi Ran ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

පැය 24ක් කැටි ගැහිලා නැවත ජීවමානව නැගිටින ක්‍රයෝජනික් ව්‍යාපෘතියට සහභාගි වන දෙදෙනෙක් වටා ගෙතුණු රහස් අභිරහස්, ආදරය, වෛරය, දුක, සතුට මේ හැමදේකින්ම පිරිච්ච ලස්සන කතාවක් තමයි මේ.

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDTV | x264 | 480p | 175MB |

| HDTV | x264 | 720p | 350MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E01 | “කැටි ගැසුණු යෞවනයින්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *