මුත්තු! ආදරණීය නමක්. මුත්තු සාමාන්‍ය සේවකයෙක්. සේවකයින් පිරිසක් සමඟින් ඔහු ජමින්දාර් වරයෙකුගේ නිවසේ සේවය කරනවා. අම්මා තාත්තා වගේ මුත්තුව බලාගත්ත ගෙදර නෝනාටත්, ජමින්දාර්ටත් මුත්තු තමන්ගේ පණටත් වඩා ගොඩක් ආදරෙයි. ඒ වගේම කාගේවත් හිත රිදවන්න බැරි ලාමක හිතක් මුත්තුට තිබුණා. ජමින්දාර් ගමන් බිමන් යන්නේ මුත්තු එක්කමයි. මුත්තු කවදත් ජමින්දාර් ලඟමයි. ජමින්දාර් නාට්‍ය බලන්න ගොඩක් කැමතියි. ඒ නිසාම ගමක් ගමක් ගානේ නාට්‍ය බලන්න යනවා. මුත්තු නාට්‍යවලට කැමැත්තක් දක්වන්නෙ නැහැ. නාට්‍යයක් බලන්න ගමකට ගිය වෙලාවේ මුත්තු හා නාට්‍යයේ රංගන ශිල්පිනිය අතර රණ්ඩුවක් ඇති වුණා. ජමින්දාර්ගෙ හිතේ නම් නිළිය ගැන ආදරයක් ඇති වුණා.
එක් දිනක් නිළියට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ජමින්දාර් මුත්තුට නියෝග කලා නිළියව ආරක්ෂිත ස්ථානයකට අරගෙන යන්න කියලා. කරදරයකට වැටිලා ඉද්දිත් දෙන්නගෙ රණ්ඩුව නිමක් වුණේ නම් නැහැ. කොහොමින් හරි දෙන්නා රට වටේ ගිහින් නොදන්න පළාතකට ආවා. මේ ගමේ භාෂාවත් වෙනස් එකක්. ආයේ ගෙදර එන්නත් පාර දන්නෙ නැහැ. අතරමං වෙලා හිටියේ…
1995 වර්ෂයේ ඔක්තෝබර් මස 23 වන දිනෙන් ඇරඹී දින 175ක් නොනැවතී ධාවනය වූ මෙම චිත්‍රපටය 1998 වර්ෂයේදි ජපන් බසින් හඬකවා ජපානයේද අති උත්කර්ෂවත් අයුරින් තිරගත වුණා. Nattamai (1994), Padayappa (1999), Thenali (2000), Villain (2002), Varlaru (2006), Dasavatharam (2008), Adhavan (2009), Linga (2014) වැනි අන් දැවැන්ත නිර්මාණ සිනමාවට දායාද කළ කේ. එස්. රවිකුමාර් විසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
මම කොයි වෙලාවෙ එනවද, කොහොම එනවද කවුරුත්ම දන්නෙ නැහැ. හැබැයි එන්න ඕනේ වෙලාවට අනිවාර්යයෙන්ම එනවා.
මුත්තු චිත්‍රපටයේ මේ දෙබස රජිණිගෙ රසිකයෙක් නම් මේ දෙබස අනිවාර්යයෙන් කට පාඩමින් කියන්න දන්නවා. මේ දෙබස හුදෙක් චිත්‍රපටයකටම වෙන් වුණු එකක් නෙවෙයි. රජිණිගේ ජීවිතයත් අර්ථකථනය වන දෙබසක්. Annamalai (1992) චිත්‍රපටයෙන් “මම කියපු දේවලුත් කරනවා. නොකියපු දේවලුත් කරනවා.” දෙබස මහත් ජනාදරයට පාත්‍ර වුණා. අන්නාමලයි හි වඩාත් සුවිශේෂීත්වය වන්නේ මුල් වරට රජිණිට ඉදිරිපත් කළ “SUPER STAR” ග්‍රැෆික් ටයිටල් කාර්ඩ් පතයි. මුත්තු හිද කිසි අඩු පාඩුවක් නැතිව ටයිටල් කාර්ඩ් එකත් එහෙමම ගෙනාවා. පුරා අවුරුදු 28ට පස්සෙ තවමත් ඒ ටයිටල් කාර්ඩ් එකට, BGM එකටත් එක්කම මිනිස්සු ආදරෙයි.
තිලානා තිලානා… , විඩු කතෛයා…, ගුලුවාලිලේ…, 90 දශකයේ මේ සින්දු අහපු නැති අය සීමිතයි. ඒ. ආර්. රහ්මන් සංගීතය ලබා දුන් ජනප්‍රියතම සංගීත ඇල්බම් අතර මුත්තු ඇල්බමයද එකකි. තිලානා තිලානා ගීතය ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණා. එය පසුව විවිධ භාෂාවලට හැඩගැන්වූවා. මෙහි ‘විඩු කතෛයා’ චක්‍ර වකම් රාගය අනුව නිර්මාණය කරන ලද්දක්. ජපානයේ තිරගත වීමෙන් ඉමහත් කීර්තියක් රහ්මන්ට හට අත් වුණා. තිලානා තිලානා ගීයට මීනා ඉදිරිපත් කරන Belly dance නර්තනය වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වුණා. ආරම්භයේ ඉඳන්ම ගොඩක් ලස්සනට ගෙතී ගෙන යන කතාව ආදරය, හාසය පුරවාලමින් විටෙක කඳුලක් දෙනවා. ජීවිතයට ආදර්ශමත් කතාවක්, රසවත් කතාවක්. ඉතිරිය බලන්න කියලා ආරාධනා කරනවා. කලින් සබ් වලට සුභ පැතුම් එක් කරපු හැම කෙනෙක්ටම ස්තූතියි! හැමෝටම බුදු සරණයි!
“දෙබස් නම් ඕනේ නළුවෙක් ගැම්මට හැඩට කියයි. ඒත් ඒක රජිණි කියද්දි එන ගැම්ම වෙන කාටවත් දෙන්න බැහැ. ගන්නත් බැහැ.” (උපුටා ගැනීමක්)
Direct Download
| HDRip | x264 | 360p | 650MB |