ආයුබෝවන්..!
සමාවෙන්න ඕනෙ ඉතිං ටිකක් ප්‍රමාද වුණා මේ කතාංගය අරගෙන එන්න. ඒකට හේතුව වුණේ කලින් කරල ඉවර කරපු සබ් එක ඩිලීට් වුණු නිසා. ඊට පස්සෙ වැඩ රාජකාරි එක්ක කාර්‍යබහුල වීම නිසා මේක ආයෙත් අත ගහන්න වෙලාව හොයාගන්න ටිකක් අපහසු වුණා.
ඉතිං අපි ගිය සතියෙ දැක්ක ලගතා වගේම රැග්නා තරුණ කාලෙ සිදුවීමක්, බියෝන් මතක් කළා. එහෙම මතක් කරල තමයි හිට්සර්ක් මරණයෙන් ගලවන්නෙ. තමන්ගෙ මව මරා දැම්මට පස්සෙ වුණත්, බියෝන් ඒ අවසථාවෙ රජෙක් විදියට හොඳ තීරණයක් ගන්නව. ඒ තීරණය පසු කාලීනව බලපෑම ගැන ඔන්න අද බලාගන්න පුළුවන්. ඒ වගේම බියෝන් තමන්ගෙ පියාගෙ නැත්තං රැග්නගෙ අඩිපාරෙම යමින් දෙවැනි විවාහයකට සූදානම් වෙනව. හැබැයි මේ අවස්ථාව තුළ, ගුන්හිල්ඩ් හැසිරෙන්නෙ එදා ලගතා හැසිරුණා වගේ නෙවෙයි. ඊට වඩා දරදඬු නමුත් ශක්තිමත් මුහුණුවරකින් ගුන්හිල්ඩ් කටයුතු කරනව. ඒ අතරෙ ඌබේ අයිස්ලන්තයට ගියා, කෙටිල් එක්ක. ඒ අලුත් භූමි ගවේෂණය කිරීම සහ, ෆ්ලෝකි ගැන සොයා බැලීම අරමුණු කරගෙන.
ඉතිං අද කතාංගය ගැන ලොකුවට ලියන්නෙ නෑ මම. අද ඔක්කොම යන්නෙ සැලසුම් එක්ක. ලඟ එන මහා ලේ හැලීමක පෙරමඟ සලකුණු ශීත කාලෙ පුරාවටම දැකගන්න පුළුවන්. කැටගට් වලින් පිටුවහල් කරපු හිට්සර්ක්, අයිවර් ලඟට යනව. මේ සුසංයෝගය ඒ තරම් හොඳ වෙන එකක් නම් නෑ. මොකද ලගතා මැරුවට පස්සෙ, හිට්සර්ක්ගෙ පිස්සුව දැන් හොඳ වෙලා තියෙන්නෙ. ඉතිං එහෙනම් ඊලඟ අවස්ථාව මේ කතා මාලාවේ උච්ඡතම අවස්ථා ගොනු කරගෙන ඒවි කියල බලාපොරොත්තු තියාගෙන සමුගනිමු. ජය වේවා!
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 160MB |
| WEB | x264 | SD | 330MB |
HEVC – x265
| WEB | x265 | 1080p | 450MB |
One thought on “Vikings [S06: E09] | පිඹුරුපත්..!”
Hi ,
Viking වල season 1 , එකේ ඉදන් බලන්න මේකේ නැහැනේ අනේ pz , කොහෙන්ද අපි බලන්නේ ඒක