13 වන කථාංගය : (සත්‍යය, ප්‍රමාද වැඩිය)
ඔන්න දහතුන්වෙනි කොටසත් අරගෙන ආවා. (“Go Go 99”) වැඩසටහන ටෙලිකාස්ට් වෙන අතරතුරදී තිරය කළු වෙලා එකපාරට ම 1999 දී සිද්ද වුණ අත්හඳා බැලීම ගැන විකාශය වෙන්න පටන් ගත්තා. මේක බලන් ඉඳපු විකාශන මධ්‍යස්ථානයේ අයත් සභාපති වගේම හියුන් ගී පුදුමෙනුත් පුදුම වුණා. සභාපතිටත් හියුන් ගී ටත් පුදුම එදා සිද්ද වුන හැමදේම විඩීයෝ කරපු හැම කැමරාවක් ම විනාශ කළත් කොහොම ද දොන්ග් චන්ග් මේ දේවල් හොයාගත්තේ කියලා. දොන්ග් චන්ග් හැමදේකට ම පස්සේ රැකියාවෙන් අස් වෙන්න තීරණය කළා. ඔය අතරතුර දොන්ග් චන්ග්ගේ ගෙදර නාන කාමරේ අලුත් වැඩි කරන්න ගත්තා. ඔහුට නවතින්න තැනක් හොය හොය ඉන්නකොට මි රන්ගේ වහල උඩ ගෙදර හිස් කියලා දැනගත්තා. ඔහු එහේ පදිංචියට ගියා. මි රන් දැනගත්තා ජී හුන් කියන්නේ එයාගේ මිතුරියගේ පුතා කියලා. ජී හුන්ගෙන් එයාගේ තාත්තා හ්වාන්ග් බියුන් සිම් ද කියලා ඇහුවම ජී හුන්ට පුදුම හිතුණා. ඇය එයාගේ තාත්තවත් දන්නවනේ ඒත් ඒ කොහොම ද කියලා. මේ සියලු දේ වෙන අතරේ සිද්ධියට සම්බන්ධ අය පොලිසිය අත්අඩංගුවට ගත්තත් ඝාතකයා පැනලා ගියා.
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ Drama එක උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් චෝදනා තියෙනව නම් පහළින් දාගෙන යන්න.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
දෙවි පිහිටයි!
ස්තූතියි!
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)