ඔන්න පහළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මහාචාර්ය හ්වාන්ග් සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ආපහු ගන්න ප්‍රතිනාශක ඖෂධය හොයාගත්තා. දොන්ග් චන්ග් අවශය වෙනවා මේ එන්නත මි රන්ට නොකියා ලබා ගන්න. හැම තිස්සෙම මි රන් ඉස්සර වෙන නිසා මේ පාර දොන්ග් චන්ග් ඉස්සර වෙන්න හිතුවා. ඒ අතරතුර දී මි රන් ඝාතකයට කොටු වෙනවා. නමුත් දොන්ග් චන්ග් මි රන්ට දුන්නු කරන්ට් වදින උපකරණේ නිසා ඇය බේරුණා. දවසින් දවස දොන්ග් චන්ග්ගේ බෙහෙත වැඩ කරනවයි කියලා එයාට තේරුණා. ඔහු හැම දවසක් ම විඩියෝ කළා. අන්තිමේ දී දොන්ග් චන්ග් සාමාන්‍ය ශරීර උෂ්ණතවයක් ලැබුණා. ඔහු සම්පූර්ණයෙන් ම සාමාන්‍ය මිනිසෙක් වුණා. මි රන්ටත් එන්නත ගන්න කියලා දොන්ග් චන්ග් කිව්වත් ඇයට රූගත කිරීම් තියෙන නිසා ඊළඟ දවසේ ගන්න සැලසුම් කළත් ඝාතකයා කො මි රන් පහර දුන්නා. ඇයගේ ජීවිතය බේරගන්න නම් ඇයට නැවතත් කැප්සියුලක් තුළට යවන්න වෙනවා.
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)