කොහොමද යාළුවනේ, ඔන්න ඉතින් මම අද අරගෙන ආව ටිකක් පැරණි චිත්‍රපටයක්. පැරණි චිත්‍රපට රස විඳින්න කැමති යාලුවො නම් ගොඩක් කැමති වෙයි. Ms.45 – 1981 වර්ෂයේ දී තමයි තිරගත වෙලා තියෙන්නේ. Crime | Drama | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙම චිත්රපටය IMDb දර්ශකයේ 6.8 ප්‍රේක්ෂක මනාපයක් දිනා ගෙන තියෙනව, ඒවගේම කුනු තක්කාලි දර්ශකයේ 85% ප්‍රේක්ෂක මනාපයක් දිනා ගෙන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 1992 වසරේදී තිරගත වූ Bad Lieutenant චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂ Abel Ferrara විසින්. මෙහි ප්‍රධාන චරිතයට රඟපාන නිළිය තමයි Zoe Lund. මෙය ඇයගේ ප්‍රථම චිත්‍රපට රඟපෑම වනවා. වයස අවුරුදු 19 දී තමයි ඇය මෙම චිත්‍රපටය සඳහා සම්බන්ධ වී තිබෙන්නේ. 1999 අප්‍රියෙල් 16 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී වයස අවුරුදු 37 දී ඛේදජනක ලෙස තරුණ වියේදී ඇය මත්ද්‍රව්‍ය සම්බන්ධ හෘදයාබාධයකින් මිය යනවා. Zoe Lund කියන්නේ තදින්ම හෙරෝයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි නිළියක්. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මම කතාව ගැන ටිකක් කියල ඉන්නම්…
මෙහි ගොළු චරිතයකට රඟපාන “තැනා” කියන්නේ උපතින්ම ගොළු ගෑණු ළමයෙක්. ඇය ඇඟලුම් සේවිකාවක්. “තැනා” වැඩ කරන්නේ අළුත් ඇඳුම් මහන විලාසිතාගාරයක. පිටතට පේනවට වඩා හරිම අත්භූත, භයාණක තරුණියක් තමයි මේ “තැනා” කියන්නේ. චිත්‍රපටය නරඹන කොට ඔයාලටම තේරෙයි ඒක. ඉතින් මේ “තැනා” රැකියාව කරන ප්‍රදේශයේ දවසක් වැඩ නිම වෙලා නවාතැනට යන අතරතුරේ වීදියක දී ඇයව දූෂණය කිරීමකට ලක් වෙනවා, උමතු වැටී ඒ සිද්දියෙන් පසු නවාතැනට ගිය “තැනා” එහිදීත් එදිනම නැවතත් දූෂණයට ලක් වෙනවා. ඉතින් එක් දිනකදී දෙවරක් මෙසේ දූෂණය වූ “තැනා” මේ සිද්දියෙන් වියරු වැටෙනවා. ඇය පිරිමි පාර්ෂවයට වෛර කරන්න පටන් ගන්නවා. පසුව ඇය නිව් යෝර්ක් නගරයේ වීදිවලට ගොස් අහඹු ලෙස මිනිසුන්ව මරන්න පටන් ගන්නවා….
හරි එහෙනම්, ඉතින් මීට වඩා කතාව මම කියන්න යන්නේ නෑ, ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් නැවත හමුවෙනතුරු හැමෝටම ජය…!
Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| BluRay | x264 | 720p | 700MB |
Direct Download
| BluRay | x264 | 720p | 700MB |
| BluRay | x264 | 1080p | 1.2GB |