MENU

Don’t Kill It (2016) | මරන්න හිතන්නවත් එපා!!

ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2016 අගොස්තු විසිහත්වෙනිදා ජර්මනියේදී. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 මාර්තු තුන්වෙනිදා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Mike Mendezඅධ්‍යක්ෂකවරයා විසින්. තිරපිටපත් නිර්මාණය Dan Berk සහ Robert Olsen විසින්. අපි කවුරුත් දන්නUniversal SoldierUniversal Soldier: RegenerationThe ExpendablesThe Expendables 2,Universal Soldier: Day of Reckoning වැනි සිනමා නිර්මාණ වලට තම රංගන දායකත්වය ලබා දීපුDolph Lundgren තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. Kristina Klebe, Elissa Dowling, Michael Aaron Milligan, Billy Slaughter වැනි නළු නිළියනුත් රංගනයෙන් දායක වෙලා තියනවා.

චිත්‍රපටයේ රූගතකිරීම සිදුකරල තියෙන්නෙ ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේදී. Archstone Picturesසහ Burning Sky Films කියන සමාගම් දෙක තමයි මේ සිනමාපටයේ නිෂ්පාදන කටයුත්තට දායකත්වය ලබාදීල තියයෙන්නෙ. ඉතින් මිනිත්තු 83ක් පුරාවට ගලායන කතාවකින් යුත් මේ සිනමාපටය IMDb දර්ශකයේ 5.2/10ක් වගෙම තක්කාලි දර්ශකයේ 100%ක් ලබාගෙන තියනවා.

ඉතින් කතාව ගැන කියනව නම් හැම දෙයක්ම පටන්ගන්නෙ තමන්ගෙ සුරතල් බල්ලා ”ටයිටස්” එක්ක මුව දඩයමේ යන ”ග්‍රේබ්‍රියෙල්” කියන චිකරි ක්‍රීක් නගරයේ පුද්ගලයෙක් මුහුණ දෙන සිදුවීමකින්. ග්‍රේබ්‍රියෙල් මුව දඩයමේ ගිහින් මුවෙකුට වෙඩිතියලා එයාගෙ බල්ල ටයිටස් ව මුවාගෙ පස්සෙන් යවනවා. ඒත් ටයිටස් ආපහු එන්න පරක්කු නිසා ග්‍රේබ්‍රියෙල් ටයිටස් හොයන්න ගියාම එයා දකිනවා ටයිටස්ට පොඩි ඇන්ටික් රත්තරන් මංජුසාවක් වගේ එකක් හම්බවෙලා තියනවා.මේ මංජුසාවෙ පියන ඇරිල තමා තියෙන්න.ඉතින් ග්‍රේබ්‍රියෙලුත් මේක දැකලා වාසියක් වෙන්න ඇති කියල සතුටු වෙනවා. ඒත් එයාගෙ සුරතලා ටයිටස් නම් ටිකක් වෙනස් වෙලා කියල ග්‍රේබ්‍රියෙල්ට තේරෙනවා. ග්‍රේබ්‍රියෙල් හිතුව හරි, එක පාරටම ටයිටස් ග්‍රේබ්‍රියෙල්ගේ ඇඟට කඩාපැනල එයාව මරන්න උත්සහ කරනවා. ඉතින් ග්‍රේබ්‍රියෙල්ට වෙන තේරීමක් නැති නිසා එයා ආදරෙන් හැදුව සුරතලාට වෙඩිතියල මරන්න සිද්ද වෙනවා. ටයිටස් ව මැරුවට පස්සෙ එතනින් නැඟිටලා යන්නෙ කලින් හිටපු ග්‍රේබ්‍රියෙල් නම් නෙවෙයි. ලේ පිපාසයෙන් වියරු වැටුණු අමනුශ්‍යයෙක්!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 608MB |    

54489b8f10041a50c3090256ec8d8aad28b8b6ff

| BluRay | x264 | 1080p | YTS | 1.3GB |    

c163debf78c357155f62fbef589f3f78508d9757

Direct Download

| BluRay | x264 | 480p | 286MB |                    

| BluRay | x264 | 720p | YTS | 605MB |         

| BluRay | x264 | 1080p | YTS | 1.3GB |         

| BluRay | x265 | 720p | 450MB |                      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Don’t Kill It (2016) | මරන්න හිතන්නවත් එපා!!

  • Udaya Fernando

    බොහොම ස්තූතියි

    Reply
  • pasan sundeep

    link expired

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *