MENU

Shadowhunters: The Mortal Instruments [S02 : E19] | රසීල්ගෙ පැමිණීම, ඔහුගෙ නික්මයාම…

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි අවසාන කොටස දක්වා ආවා. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඔයාලා දන්නවනෙ මේක මග නැවතිලා තිබුන කතාවක්. මග කියන්නෙ කතාවෙ කොටස් හතරකටයි උපසිරැසි දීලා තිබුනෙ. ඉතින් මම මගේ උපසිරැසි ගමන පටන් ගත්තෙත් මේ කතාවෙන්ම තමා. ඉතින් මෙච්චර දුරක් වෙනකන් මම ඒ කතාව ඇදගෙන ආවා. දකින්න ඇතිනෙ අන්තිම වෙනකොට මට ලැබුන තරු ප්‍රමාණය එහෙම. ඒකත් මං හිතන්නෙ ඇඩ්මින්ලා දීලා තිබුනෙ නොදී බැරි කමට. ඒ තරමටම පරක්කුයි. එහෙම කියලා කතාව මග නතර කලේ නැ. නවත්වන්න ඕන තරම් හේතු තිබ්බා. වැදගත්ම එක අඩු ප්‍රේක්ෂක ප්‍රමාණය. වැඩිය කට්ටිය මේ කතාව බලන්නෙ නෑනෙ. අඩුම 300 විතර බලන්නෙ. ඒ මම මේ දක්වා කරගෙන ආවෙ පිරිසක් හිටියා කොච්චර පරක්කුවෙලා සබ් එක දුන්නත් කමෙන්ට් එකක් දාලා සප් එකක් දුන්නා. අඩුම 18 විතර හිටියා. ඒ අතර සමහරක් මම උපසිරැසි කරන්න පටන් ගත්ත මුල් දවසෙ ඉදන් කමෙන්ට් දාන අය. ඔව් කමෙන්ට් දාන හැමෝම මට මතකයි. නොදැම්මොත් අරු තාම කමෙන්ට් එකක් දාලා නෑ කියලා හිතනවා. නම් වශයෙන් කියන්න යන්නෙ නැ. මොකද එකක් හරි මිස් උනොත් කියලා. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. මෙච්චරයි කියන්න තියෙන්නෙ මට මේ කතාව මෙතනින් ඉදිරියට කරගෙන යන්න අමාරුයි. ඇත්තටම ආයෙ මේක කරන්න කිසිම අදහසක් නෑ. ඉතින් ඒ ගැන කණගාටුයි.

මතකනෙ ගිය සතියෙ ක්ලැරි එයාගෙ බලයයි ජේස්ගෙ බලයයි පාවිච්චි කරලා ජොනතන් ඉන්න තැන හොයාගන්නවා. ඒත් එයාලා එතනට යනකොට එයාලා පැනගෙන. ඉතින් වැලන්ටයින් හදන්නෙ ඉඩ්‍රිස් එකට යන්න මොකද මිනිහා දන්නවා ලෙන් විල තමා කැඩපත කියලා. ඒත් මායාකාරයො නිසා ඒක කරගන්න බෑ. කොහොම හරි සීලි රැජින එක්ක එකගතාවකින් පස්සෙ වැලන්ටයින් ඉඩ්‍රිස් එකට යන්න විදිහක් හොයා ගන්නවා. ඔය අතරෙ ජේස්, ක්ලැරි, ඉසි, ඇලෙක් ජොනතන්ව හොයන් එනවා. එතනදි ජොනතන් ජේස්ව අල්ල ගෙන යනවා. එතන වෙන සටනකින් ජොනතන් මැරෙනවා. ඇත්තටම මැරෙනවද කියලා අද බලාගමු. ඔය අතරෙ සීලි රැජින සයිමන්ට මොකක් හරි යෝජනාවක් කරනවා. එයා එකට කැමති වෙන්නෙ නැ. ඒ නිසා රැජින මායව පැහැරගෙන යනවා. ඔහොම තමා පහු ගිය කොටස ඉවර වුනේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download 

| HDTV | x264 | FLEET | 320MB |    

be01c048653a66bd5cb774fe2ed71144b8d2a334

| HDTV | x264 | 720p | 1.2GB |    

98a3fa2b65c3bbd37ebb5a5a087474525083274b

Direct Download

  | HDTV  | x264 | 480p | 156MB |      

     | HDTV  | x264 | FLEET | 320MB |       

     | HDTV  | x264 | 720p | 1.2GB |             

     | HDTV | x265 | 720p | 204MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *