MENU

Joan of Arc (1948) | ප්‍රංශය ගලවා ගත් වීරවරිය, ජෝන් ඔෆ් ආර්ක්

පහලොස් වන සියවසේදී ප්‍රංශය, සියවසක් පුරා එංගලන්තය සමග කල යුද්ධයෙන් පරාජිත සහ විනාශයට පත් ජාතියක් බවට පත්ව තිබින. ප්‍රංශයේ සිටි වයස 14 ක් වූ ගැමි ගොවි කෙල්ලකි “ජෝන් ඔෆ් ආර්ක්” ( 1412 – 1431). ඇය කියා සිටියා, ඇයට දිව්‍යමය හඬවල් ඇසෙන බව. එමගින් ඇයට දෙවියන්ගේ හමුදාවක් සංවිධානය කරගෙන ඔර්ලියන්ස් නගරය ආක්‍රමනය කර, ඉන් ජයගෙන, එවකට ඉතා දුර්වල තත්වයක සිටි “හත්වන චාල්ස්” කුමරා ප්‍රංශයේ රජු බවට පත් කරන ලෙසත් ඉල්ලා සිටින බවයි.

ජෝන් ඇයගේ අනුගාමිකයින් රැසක් සමග හමුදාවක් ගොඩනඟා ඔර්ලියන්ස් නගරය සමග සටන් කර ජය ගෙන චාල්ස් කුමරා ප්‍රංශ රජු ලෙස ඔටුණු පලඳවයි. ඉන්පසු ඇගේ හමුදාව පැරිසියද ආක්‍රමනය කිරීමට සුදානම් වේ. එහෙත් මුදලට ගිජුව, දූෂිත බවට පත්ව සිටි චාල්ස් රජු, තම රාජ්‍යය එංගලන්තයට විකුණා දමා, තම හමුදාවද විසුරුවා දමයි. එහෙත් ඇය නැවත සේනාව රැස්කර, ඉංග්‍රීසින් හා සටන් වදින අතර, “කොම්පියන්” හීදී සිදුවන සටනේදී ඉංග්‍රීසින්ට උදව් කරන ප්‍රංශ ජාතික හමුදාවක් වූ “බර්ගන්ඩියන්ස්”ලාගේ අත් අඩංගුවට පත් වේ. “බර්ගන්ඩියන්ස්” වරු ඇයව පවුම් 10000 ක මුදලකට පාවාදෙයි. ඉන්පසු ඉංග්‍රීසින් විසින් රොවන් මාලිගයේදී (Rouen castle) ඉතිහාසයේ සිදුවූ අසාධාරනම හා ලැජ්ජා සහගත නඩු විභාගයක් ඇයට විරුද්ධව පවත්වනු ලබයි.

ඉන් දරුණු දඬුවමකට පත්කර ඇයව මරා දැමෙන විට ඇගේ වයස අවුරුදු 19 කි. පසු කාලිනව ඉංග්‍රීසින්ගෙන් රට නිදහස් කරගැනීමේ යුද්ධයේදී, ඇය ප්‍රංශ ජාතිකයින්ගේ යුධ විඥානය පිබිදීවීමේ තීරනාත්මක සාධකයක් බවට පත්විය. එසේම ඇය ප්‍රංශයේ ආගමික සංකේතයක් බවටද පත් විය. ඇගේ මරණයෙන් වසර 25 කට පසු 1456 දී පාප් වහන්සේගේ අනුදැනුම ඇතිව පැවැත්වූ නැවත නඩු විභාගයකදී, ඇයට නඟා ඇති චෝදනා අසත්‍ය බවත්, ඇය සර්වනිර්දෝෂී බවටත් ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම ඇය 1803 දී ප්‍රංශ ජාතික වීරවරියක් සේ නම් කෙරුනු අතර, 1920 මැයි මස 16 වන දා ඇයව රෝමානු කතෝලික පල්ලිය මගින් ශාන්තුවරයට පත් කරනු ලැබීය. මෙම සිනමා පටය, මා මීට පෙර උපසිරැසියක් ලබා දුන් Gone With The Wind නිර්මාතෟ Victor fleming නම් කෟතහස්ත සිනමා කරුවාගේ අවසාන නිර්මානය වන අතර සම්මාන රැසකට නිර්දේශ වී ඉන් කිහිපයක්ම දිනා ගැනීමටද සමත් විය.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 1GB |    

8f0b390d546c652b4bf588be12b8bb5a3735dc35

Direct Download

| BluRay | x264 | 720p | YTS | 1GB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *