MENU

The Blacklist [S05 : E01] | දුම්බොන පට්නම්

හොදයි ඔන්න මාස කිහිපයක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත ආරම්භ කරන්නයි හදන්නේ. කතාව පටන් අරගන මේ වෙනකොට අවුරුදු 4ක් අවසන්, මේ වෙනකොට imdb දර්ශකයේ 8.1 අගයක් ලබාගන සාර්තකව පස්වන වසර දක්වා පියවර තියන්නයි මේ හදන්නේ. සුපුරුදු පරිදි  James Spader ගේ අති විශිෂ්ට රංගනයෙන් සහ විචක්ෂණශීලීළි කතාබහින් හැඩ ගැන්විලා, Megan Boone ගේ සුන්දර රූපශ්‍රීයෙන් සහ ක්‍රියාදාම වලින් ඔපමට්ටම් වෙච්ච කළු ලැයිස්තුවේ පස්වෙනි කතාමාලාවේ ආරම්භයයි මේ සනිටුහන් කරන්නේ. . හොදයි පසුගිය මතකයන් ටිකක් අලුත් කරගනම අද කතාව බලමු එහෙමනම් නේද?

කළු ලැයිස්තුව ආරම්භයේදී රෙඩින්ටන් FBI මූලස්ථානයට ඇවිදගන ඇවිත් බාරවෙනවා එයා කතා කරන්නේ එලිසබත් කීන් කියන කෙනා එක්කම විතරයි කියලා. එදා ඉදන් අපි හැමෝටම තිබුනු සැකයක් තමයි රෙඩින්ටන් සහ කීන් අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. සමහර අවස්ථා වල රෙඩින්ටන් තමයි ලිස්ගේ තාත්තා කියලා අපිට 100%ක්ම විශ්වාස වෙන විදියට කරුණු පෙන්නුම් කලත් සමහර අවස්ථාවල රෙඩ් ලිස්ගේ තාත්තා නම් වෙන්න බැහැ කියලා තහවුරු කරලාම කියන්න පුළුවන් සිදුවීමුත් පසුගිය අවුරුදු 4 කතාවේදී නොඅඩුව දකින්න ලැබුනා. කොහොම උනත් අවසානයේදී රෙඩින්ටන් තමයි ලිස්ගේ තාත්තා කියලා අපිට හරියටම දැනගන්න ලැබුනේ හැරල්ඩ් කූපර් සාක්ෂි පෙට්ටියක අවුරුදු ගනනාවකට කලින් එකතු කරලා තිබුන සාක්ෂියකින් ලබාගන්න DNA සාම්පලයක් පරීක්ෂා කරලා බලලා ලැබුනු වාර්තාවෙන්.

ඒ වගේම තමයි මේ වෙනකොට රෙඩ් බංකොලොත් වෙලායි ඉන්නේ. තුන්වෙනි සීසන් එක අවසානයේදී ලිස් මිය ගියේ බොරුවට කියලා දැනගත්තට පස්සේ ඒකට උදව් කරලා ලිස් ගේ ජීවිතය අනතුරේ දාපු එකට සහ තමන්ව පාවලා දුන්න හේතුවට රෙඩින්ටන් මිස්ටර් කැප්ලන්ව පාළු වනානත්රයකට ගෙනිහින් වෙඩිතියලා මරලා දානවානේ. හැබැයි ඒ අවස්තාවේ ඇත්ටම කැප්ලන් මැරෙන්නේ නැහැ. එයා පණ බේරගන්නවා, ඊට පස්සේ නැවත ඇවිල්ලා රෙඩ් ව නැත්තටම නැති කරලා දැම්මා මතක ඇති කියලා හිතනවා. ඉතිං මේ වෙනකොට රෙඩින්ටන් අන්තිම දුප්පත්. ජීවත් වෙන්න තැනක් නැහැ. එයාගේ ව්‍යාපාර සම්බන්ධතා හැමදෙයක්ම මේ වෙනකොට බිද වැටිලා. එයාට නැවත එයාගේ අපරාධ අධිරාජ්‍ය ගොඩ නගන්න වෙනවා. ඒ වගේම තමයි අර සූට්කේස් එක. මිස්ටර් කැප්ලන් තමන්ගේ ජීවිතය නැති කරගත්තේ, ලිස්ට රෙඩින්ටන් ගැන හැම ඇත්තක්ම එලිවෙන විදියට වැඩ කටයුතු සලස්වලානේ. මේ වෙනකොට ඒ සත්‍ය සැගවිලා තියෙන සූට් කේස් එක තියෙන්නේ ටොම් කීන් ගාව. රෙඩින්ටන් ගොඩක් බයයි ලිස් මේ ගැන දැනගන්නවට. ඒ සූට් කේස් එක ඇතුලේ තියෙන්නේ නම් මිනිස් ඇටකටු ටිකක් බව අපි දන්නවානේ. හැබැයි ඒවා කාගෙද, මොකද්ද ලිස්ට තියෙන සම්බන්ධතාවය කියලා අපි තාම දන්නේ නැහැ.

ඒ වගේම තමයි ඩොනල්ඩ් රෙස්ලර් ගැනත් මතක් නොකරම බැහැ. මේ වෙනකොට ලෝර්ල් හිචින් ඩොනල්ඩ් රෙස්ලර්ගේ අතින් මියගිහින්නේ. ඒක හැබැයි හිතා මතා කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම අනතුරක්. එයා කරපු පව් පලදීමක් වෙන්නත් පුලුවන්. මේ කතාවේ හිටපු දුෂ්ට කාන්තාව, රෙවන් රයිට්ව මරලා දාපු මායා කාරිය වන ලෝරල් හිචින් මෙලෙස සමුගනීවි කියලා නම් අපි බලාපොරොත්තු උනේ නැහැ. කොහොමහරි රෙස්ලර් රෙඩින්ටන්ගේ උදව්වෙන් රේවන් රයිට්ගේ මළ සිරුර හොයාගත්තා මතක ඇති කියලා හිතනවා. හැබැයි අවසානයේදී රෙස්ලර් රේවන් රයිට්ගේ මළ සිරුර සඟවන්න ලෝරල් හිචින්ට උදව් කරපු පුද්ගලයාගේ උදව් ගන්න වුනා ලෝරල් හිචින්ගේ සිරුර විනාශ කරලා දාන්න. මීට අමතරව සතුටුදායක කොටස, අපි පුල පුලා බලා සිටි අරාම් සහ සමාර් යුවළගේ එකතුවීමත් මෙතන සඳහන් නොකලොත් ඒක ලොකු අඩුපාඩුවක් වේවි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 211MB |    

d1d9d8191bdc0231a1966913029b552cc7b06375

| HDTV | x264 | SVA | 292MB |    

c935672032d5807095ceadaaa1074ffc1b289c4c

| HDTV | x264 | 720p | 1GB |    

271634e9ec9e72818773596db9555d767c2fce6e

| HDTV | x265 | 720p | 200MB |    

a52288e0f0cac2ff3e70503760d787021ea8da59

Direct Download

| HDTV | x264 | 480p | 159MB |       

   

| HDTV | x264 | SVA | 262MB |        

   

| HDTV | x264 | 720p | 1GB |         

   

| HDTV | x265 | 720p | 200MB |         

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Blacklist [S05 : E01] | දුම්බොන පට්නම්

  • content is prohibited kyla wetena hashtag ekak copy krnna gyama. annika eka episode eken anik ekata maru wenna next episode button ekak danna.copy paste krnna denneth nethi nisa tv series ekaka sub tika hoyanna gyama heta peyak ynwa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *