MENU

Fast And Furious Movie Collection

1.The Fast and the Furious (2001) | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..

Fast and the Furious කතා මාලාවේ පළමු ෆිල්ම් එක වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ. විනාඩි 106 පුරා දිවෙන මේක ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.3 ක අගයක් අරගෙන තියෙනවා. පෝල් වෝකර්, වින් ඩිසෙල් ඇතුළු ජනප්‍රිය නලුනිලියන් රැසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන අතර කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන්. මෝටර් රථවලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පිළිබද කතාවක් තමයි මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නේ. කතාව ගැන නම් මම වැඩිපුර කියන්නේ නෑ මොකද හැමෝම දන්නවා ඇතිනේ කලින් කිවුව වගේම  මේක කාර් රේස් එහෙම තියෙන බව.

ඉතින් මෙවැනි තරඟ වලින් සපිරිණු මෙවැනි ආකාරයේ ක්‍රියාදාම ෆිල්ම්ස් වලට කැමති හැමෝටම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

2.2 Fast 2 Furious (2003)| වාහනයද ? රියදුරාද

මේ කතාව නිකුත් වන්නේ 2003 වර්ෂයේ ජූනි 6 වන දින ඇමෙරිකාවෙදි. 87,437 කගේ මනාපයෙන් අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයේ 5.4ක අගයක් ලබාගෙන තියෙනවා. මං හිතන්නේ මේ වර්ගයේ චිත්‍රපටයක් හැටියට ඒ ලබාගෙන තියෙන රේටින් ප්‍රමාණය හොදටම ඇති. මේ චිත්‍රපටය අධ්‍යෂණය කරලා තියෙන්නේ John Singleton, ඒ කියන්නේ ඔයාලා බලන්න ඇති 2011 වසරෙදි ආවා Abduction කියලා බයිස්කෝප් එකක්. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයා තමයි. තව මෙහි රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නලුවෝ සෙට් එකක් තමයි. ඒ තමයි පලවෙනි කොටසේ ඉදපු Paul Walker සහ Tyrese Gibson, Eva Mendes වගේ ප්‍රසිද්ධ නලු නිලියෝ ටිකක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ බ්‍රයන් ඕ කෝනර් ඒ කිවුවේ Paul Walker සහ රෝමන් පියර්ස් Tyrese Gibson යන දෙන්නා තමයි. පලවෙනි කොටස නැරඹුවනම් කට්ටිය දන්නවනේ බ්‍රයන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා නමුත් මේ කථාව වෙද්දි බ්‍රයන් ඇවිල්ලා පොලීසියෙන් වැඩ තහනම් කරපු පාරේ රේස් පදින පුද්ගලයෙක්. මෙයා රේස් එකක් පැදලා යද්දි පොලියෙන් මෙයාව අල්ලගන්නවා. ඒ මොහොකටත් නෙමී මෙයාට කියලා වැඩක් කරවගන්න. මෙයාලා ඉන්න පලාතට කුඩු ගේන පුද්ගලයව බඩුත් එක්කම මාට්ටු කරගන්න තමයි මෙයාලට ඕනා වෙලා තියෙන්නේ. මේ වැඩේ බ්‍රයන්ට තනියම කරන්න බැරි නිසා මෙයා රෝමන් පියර්ස්වත් සෙට් කරගන්නවා. මේ දෙන්නා යාලුවෝ වෙලා හිටියට කාලයක් මේ මෙහෙයුමට කතා කරනකොට දෙන්නා තරහකාරයෝ. ඉතිං කොහොමද බ්‍රයන් මේ රෝමන් ව මේ වැඩේට සෙට් කරගන්නේ ? කොහොමද බඩුත් එක්ක අරුව මාට්ටු කරගන්නේ. ඒවා දැනගන්න මේක බලන්නම වෙනවා. කිසිම අඩු පාඩුවක් නැතිව සුපිරි කාර් රේස් ටිකක් නරඹන්න පුලුවන් ඔයාලට. 2003 වසරේ හැටියට ආයේ සුපිරිම වාහන ටිකකුත් තියෙනවා හොදේ මේකේ.

3.The Fast and the Furious: Tokyo Drift (2006) |වේගයේ හා ත්‍රසයේ තෙවන දිගහැරුම.

“ෂෝන්” කියලා අවුරුදු 18ක විතර කොල්ලෙක් එයාගේ අම්මත් එක්ක ජිවත් වෙනවා. මෙයා වාහන රේස් ආදිය පිළිබද ටිකක් උනන්දුයි. හැබැයි මෙයාට රේස් ගිහින් පොලිසියෙන් කේසුත් වැටිලා තියෙන්නේ. ඔය අතරේ මෙයා ඉස්කෝලේ කොල්ලෙක් එක්ක රේස් එකක් යනවා. කොහොමහරි ඕක නවතින්නේ අනතුරකුත් වෙලා පොලිසිත් ගිහින්. ඉතින්, ශෝන්ව අම්මට බලාගන්න අමාරු නිසා එයාව ජපානේ ඉන්න තාත්තා ගාවට යවනවා. අම්මගේ අරමුණ වෙන්නේ මෙයාව රේස් වලින් ටිකක් ඈත්කරලා තියන්න. නමුත් එහේ ගිහින් ෂෝන් කරන්නෙත් කලින් කරපු එකම තමයි. ජපනේදී ෂෝන්ට කාර් රේස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා වගේම පොඩි ලව් එකකුත් සෙට් වෙලා කරදර ගොඩක ෂෝන් පැටලෙනවා.”

මම ඔයාලට කිවුවේ ෆිල්ම් එකේ පළවෙනි විනාඩි කීපය විතරයි. ශෝන්ට ජපනේදී මොකද වෙන්නේ?? කාර් ගැන මොනාද එයා ඉගෙන ගන්නේ?? කවුද ඩිකේ කියන්නේ?? මේ සියලුම දේවල් දැනගන්න චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා..

4.Fast & Furious (2009)  | වේගය හා ත්‍රාසයේ හතරවන දිගහැරුම.

විනාඩි 107ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට IMdb රේටින් වල 6.5ක අගයක් ලැබිලා තියෙනවා. කලින් කතා වල හිටපු සෙට් එකම තමයි මේකෙත් රගපාන්නේ. කොහොමහරි මම ෆිල්ම් එකේ කතාව නම් කියන්න යන්නේ නෑ. කතාව කියන්නේ නැත්තේ වෙන මොනාත් හින්ද නෙමෙයි, කතා කියන්න මම දන්නේ නෑ. ෆිල්ම් එකට සබ් දාන්නත් පුළුවන් හැබැයි පොස්ට් එකේදී කතාව පොඩ්ඩක් ගලපලා කියන එක තමයි මට එපාම වෙන වැඩේ. ඒවගේම මම කතාව නොකිවුවා කියලා ෆිල්ම් ඒක නොබලා ඉන්නවත්, කම්මැලි ෆිල්ම් එකක් කියලා හිතන්නත් එපා. කලින් කතාවල තිබ්බේ රේස් විතරමනේ නමුත් මේකේ ඊට වඩා දෙයක් තියෙනවා. (ආදරය/ ආදරයේ වේදනාව වගේ දේවලුත් අඩංගුයි ?

5.Fast Five (2011) | වේගයේ හා ත්‍රාසයේ පස්වන දිගහැරුම.

Fast Five… නම ඇහුව ගමන් race තමයි මතක් වෙන්නේ. Fast and Furious 2001 බැලුවනම් අනිත් චිත්‍රපට ටිකත් එක දිගටම බලාගෙන යන්න හිතෙනවා. ඒ තරම් මේ වගේ stunt action තියෙනවා. ඇත්තටම කිනවනම් දැනට Fast n Furious චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටය වෙලා තියෙන්නෙ Fast Five. කලින් Fast n Furious 2009ට තමයි කලින් හොඳම IMDb මීටරේ තිබුණේ 6.3ක් විදිහට. නමුත් මේකට IMDb මීටරේ 7.3ට rate වෙලා තියෙනවා. තව හොඳම ක්‍රියාදාම චිත්‍රපටය, හොඳම සංගීතයට මේකට සම්මාන ලැබිලා තියෙනවා. මේ විදිහට සම්මාන 7කුත්, 18 සැරයක් නාම යෝජනාවලටත් නම දීලා තියෙනවා..

දැන් බලමු කතාවේ මොනාද වෙන්නෙ කියලා. ඇත්තටම කියනවනම්. මේක තමයි Fast n Furious චිත්‍රපට මාලාවේ පට්ටම film එක. ඒකයි ‍IMDb වලත් අනිත් ඒවට වැඩියෙන් rate වෙලා තියෙන්නේ. Fast n Furious 2009 ඉඳන් චිත්‍රපටය එක කතාවක් වගේ කරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. 2009 එක බැලුවනම් අන්තිමට ටොරේටෝ එයාගේ කෙල්ලව මරපු ෆීනික්ස් පස්සෙන් ගිහිල්ලා අන්තිමට පොලීසියට මාට්ටු වෙනවා බ්‍රයන් එක්කම. අන්තිමට හිර ගෙදරටම යවනවනේ.

Fast Five පටන් ගන්නෙ එතන ඉඳන්. හිරේට ‍ටොරේටෝව ගෙනියන බස් එකට බ්‍රයන්, මියා එකතුවෙලා ගේම දීලා, ටොරේටෝව නිදහස් කරගන්නවා. පස්සේ එයාලාගෙ පස්සෙන් FBI, CIA පන්නන නිසා රියෝ ද ජනයිරෝ වලට පැනගන්නවා. මෙහේ තමයි කලින් Fast n Furious 2001 හිටිය වින්ස් ඉන්නේ. එයත් එක්ක කෝච්චියකින් කාර් වගයක් පන්නන වැඩක් set වෙනවා. මේක රියෝ පාලනය කරන රීයස් කියලා කෙනෙක්ගෙ වැඩක්. එතනදි පොඩි අවුලක් ගිහිල්ලා මෙයාලා විශේෂ කාර් එකක් පන්න ගන්නවා. මේක ඇතුලේ චිප් එකක් තියෙනවා. චිප් එකේ රියස් ගැන තොරතුරු, එයාගෙ සල්ලි තියෙන තැන් ගැන තොරතුරු අතුලත් වෙනවා. රීයස් ළඟ ඩොලර් මිලියන 100ක සල්ලි තියෙනවා. මේකක ගන්න එක වටා තමයි fillm එක යන්නෙ. මේක ගන්න මේ කතා මාලාවේ මුල ඉඳලා හිටපු අය තව හය දෙනෙක් එකතු කරගන්නවා. කලින් කතා බලපු අය ඒ අය දන්නවත් ඇති.. මේ කණ්ඩායම අල්ල ගන්න FBI එකෙන් තව කණ්ඩායමක් එවනවා.

FBI කණ්ඩායම ටොරේටෝව අල්ලගන්නවද? අර මිලියන 100 අර ගන්නවද? රීයස් කියන්නෙ කවුද? එයා මොනාද කරන්නේ? රීයස්ගෙ සල්ලි කොහෙද තියෙන්නෙ? ඒක පන්නන්නෙ කොහොමද?? මේ හැම දෙයක්ම film එකේ තියෙනවා.

6.Fast and Furious 6 (2013)  | හයවන මාරාන්තික ධාවනය

ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.5 ක ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. අදායම් වියදම් ගැන පොඩ්ඩක් මතක් කලොත් වියදම් වශයෙන් ගිය ඇමෙරිකානු මිලියන160 මේ වන විට අදායම විදිහට ඇමෙරිකානු මිලියන 233 බවට පත් කරගන්න සමත්කම් දක්වලා තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය කලින් චිත්‍රපට වල වගේම Justin Lin නම් දක්ෂයා අතින් තමා නිම වෙලා තියෙන්නේ. නළු නිලියෝ ගැන කියනවා නම් සේරම අපි දන්නා පිරිසක් තමා මෙහි රඟ පාන්නේ. එහෙමනම් සේරම ගැන කියන්න වෙනවා.ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දෙන්නේ Vin Diesel, Paul Walker, Dwayne Johnson වගේම Jason Statham ඉන්න කොටසකුත් තියෙනවා. ඒ මෙහි හත්වැන්නට පූර්විකාවක්. ක්‍රියාදාම, ත්‍රාසය කැටිකරගත් මේ සලරුව කලින් වතාවට වඩා ක්‍රියාදාම වලින් සන්නද්ධ වෙලා තමයි මේ වතාවේ අප වෙතට ඇවිත් තියෙන්නේ. එහෙනම් මම පොඩ්ඩක් කියන්නම් වෙන්නේ මොකද්ද කියලා.

කලින් වතාවේ වෙච්ච සිද්ධිය මතකනේ විශේෂ නියෝජිත හෝබ්ස්ව අන්දලා කරපු වැඩේ. මේ වේගවත් කණ්ඩායම කලින් සැරේ මිලියන 100කට වගකියන්න සමත් උනා. කාටවත් ඔප්පු කරගන්න බැරිඋනා මිලියන 100ට උනේ මොකද්දකියලා. කොහොමහරි හෝබ්ස් නම් දැන ගත්තා මේ සෙට් එක එසේ මෙසේ එවුන් ටිකක් නම් නෙමෙයි කියලා. මේ සැරේ දකින්න වෙන්නේ වෙනදට වඩා වෙනස් දෙයක්. හොරා පොලිස් වෙන කතාවක්. තවත් මේ වගේ දරුණු වැඩකාරයෙක් කරලියට ඇවිල්ලා. එයා මේ සේරටම වඩා දරුණුයි වගේ. හෝබ්ස්ට හිතා ගන්න බැරුව ඉන්නේ මේ සැරේ එකට මොකද කරන්න යන්නේ කියලා. මේ සැරේ වේගවත් කණ්ඩායමට අලුත් රාජකාරියක් පැවරෙනවා.ඒක අකමැත්තෙන් හරි භාර ගන්න ටොරෙටෝ ප්‍රමුඛ කණ්ඩායමට සිද්ධ වෙන්නේ තවත් හේතුවක් නිසා. කලින් කොටසකදී මැකී ගිය චරිතයක් නැවත කරලියට එන්න නියමිතයි. ඒ වගේම මිලියන 100 ක සැප භුක්ති විඳින මේ කාර වලින් වැඩ දාන කණ්ඩායමට මේ සැරේ නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ප්‍රතිවිරුද්ධ පක්ෂය සමන්විත වෙලා තියෙන්නේ එසේ මෙසේ කණ්ඩායමකින් නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලට බාර කරනවා මාරාන්තික වේගයේ හය වැන්නේ වේගයේ රස විඳින්න මෙතැන් සිට.

7.Furious 7 (2015) | මරණයට පමණක් දෙවෙනි වූ වේගය….

ඩොමිනික් ටොරෙටෝ?  ඔහේ මගේ ගැන දන්නේ නැහැ. එත් දැනගන්නයි යන්නේ.

ඒ තමයි මේ කතාවේ ප්‍රධාන දුෂ්ඨයාගේ මාරක ධාවනයේ ආගමනය. ඒ කවුරුත් නෙමේ ඔවෙන් ශෝගේ සහෝදරයා. හැබැයි ඔවෙන් වගේ නෙමේ මෙයා ඊටත් වඩා දරුණු ඉංග්‍රීසි නරකාදියෙක්. බ්‍රිතාන්‍ය රජයේ පුහුණු උන් විශේෂ සෙබලෙක්. එයාලටත් මෙල්ල කරගන්න බැරුව අවතාරයක් වගේ ජීවත් වෙන දරුණු මිනිහෙක්. ඒ වගේ කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට තමයි කලින් කොටසේදී ඩොමිනික් ටොරෙටෝ, බ්‍රයන් සහ හොබ්ස් ඇතුළු පිරිස අතපය කඩලා එකතැන් කලේ. දැන් මල්ලිගේ පලිය ගන්න අයියා ඇවිදින්. ඒ එන්නේ හාන්ව පළමු බිල්ල විදිහට අරගෙන. ඉතින් මෙදා සැරේ කට්ටියට සිද්ධ වෙලා තියෙන්නේ අපරාධකාරයෙක් හොයන්න නෙමේ. මේ සැරේ වෙලා තියෙන්නේ තවත් ගොදුරක් නොවී මේ ඩෙකාර්ඩ් ශෝගෙන් පණ බේරගන්න.  ඒ තමයි කතාව ගැන මම ඔයාලට කියන විස්තරය.

දැන් කියන්නම් චිත්‍රපටය ගැන විස්තර ටිකක්. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය මම තිරගත වීම ආරම්භ කල දවසෙම කන් දෙවනත් වෙන චිත්‍රපට ශාලාවක ඉඳගෙන බැලුවා ? මොකද මේක එනවා කිව්වම ඉවසීමේ සීමා වැටකඩොලු බොහොම අමාරුවෙන් අප්‍රේල් 2 වෙනකන් බේරාගෙන හිටියේ. මේ වගේ එකක් එහෙම බලන්න තරම් වටිනවා. ඔයාල දන්නවා ඇතිනේ ලෝකේ දැනට තිරගත උන චිත්‍රපට වලින් ඇමෙරිකාව තුල ඇරෙන්න වෙනත් රටවල් වල ලැබූ අදායම් සැලකිල්ලට ගත්තොත් Furious 7 චිත්‍රපටයට කලින් ඩොලර් මිලියන්  1000 පැන්නුවේ චිත්‍රපට දෙකක් පමණයි. එකක් Avatar අනික Titanic. කියන්න සතුටුයි මේ කණ්ඩායමේ නවතම සාමාජිකයා තමයි Furious 7. ඒ වගේම මේ වනවිට සමස්ථ අදායම ඩොලර් මිලියන 1467ක් හිමි කරගෙන Avatar, Titanic සහ Avengers කියන චිත්‍රපට තුනට පමණක් දෙවෙනි වෙමින් දැනට ලෝකයේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපට වලින් හතරවන ස්ථානය ලබාගෙන සිටිනවා. මේ මොහොත වනවිට එහෙම උනත් මට විශ්වාසයක් තියෙනවා Furious 7 තුන්වෙනි තැනට හිමිකම් කියන දවස වැඩි ඈතක නම් නෙමෙයි කියල.

ඒවගේම කලින් චිත්‍රපට වල රංගනයෙන් දායක උන පිරිසට අමතරව අලුත් මුහුණු කීපයක් මේ චිත්‍රපටය තුල දැක ගන්න ලැබේවි. ඒ අය මේ චිත්‍රපටයට අලුත් උනාට චිත්‍රපට ලෝකයට නම් අලුත් නැහැ.  සුපුරුදු පරිදි  Vin Diesel, Paul Walker, Tyrese Gibson, Dwayne Johnson, Ludacris, Michelle Rodriguez, Jordana Brewster රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Jason Statham, Kurt Russell, Nathalie Emmanuel සහ Tony Jaa  නළු නිලියන් මේ චිත්‍රපට මාලාවට එකතු වෙනවා. ඒ තමයි රංගන දායකත්වය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය James Wan විසින්. හොල්මන් චිත්‍රපට සඳහා ප්‍රකට අධ්‍යක්ෂකවරයෙක් වූ ඔහු මේ චිත්‍රපටය සඳහා දායක වීම තරමක් සැකමුසු දෙයක් උනා. මොකද ඒ වගේ කෙනෙක් මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටයක් කොහොම නිර්මාණය කරාවිද කියන පැනය නිසා. හැමෝගෙම තර්ක බිඳ දමමින් මේ නිර්මාණය මෙතෙක් පිළිගත් භෞතික විද්‍යා මූලධර්ම බොරු කරවමින් ? සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කරවනු ලැබුවා. එහි සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ ලැබුන අදායම ගැන බැලුවොතින්.

එත් මේ වගේ ඉහල අදායමක් ලබන්න හේතු උන ප්‍රධානම පුද්ගලයා වෙන කවුරුත් නෙමේ ඒ තමයි හදිසියේ සිනමාලෝලි අප අතරින් සමුගත් පෝල් වෝකර්. මේ චිත්‍රපටය නරඹන්න පැමිණි බොහෝ දෙනෙක් සිනමා ශාලාවල අසුන් වලට බර උනේ මියගිය පෝල් වෝකර් ජීවමාන උනේ කොහොමද කියලා දැක ගැනීමේ අශාවෙන්.  හැමෝම දන්නවා වගේ පෝල් වෝකර්ගේ චරිතය සඳහා මේ චිත්‍රපටයේ ඉතිරි දර්ශන වෙනුවෙන් දායක උනේ පෝල්ගේ සහෝදරයා කෝඩි වෝකර් විසින්. ඉතින් ඒ දේ දැන දැනත් බොහෝ පිරිසක් සිනමාහල් කරා ඇදුනා පෝල් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමක් වශයෙන්. ඉතින් මේ හැම හේතුවක් නිසාම Furious 7 සාර්ථක ආදායමකට හිමිකම් කියනවා. ඒ වගේම මේ චිත්‍රපටය තිරගත වෙද්දීම මෙහි අටවැන්න තිරගත වන දින වකවානු පවා තීරණය කර තිබෙන්නේ. මේ ගැන ඇත්තටම පෝල් වෝකර් ඔහු සිටින ලෝකයක ඉඳන් සතුටු වෙනවා ඇති. එත් අටවැන්න මේ වගේ ප්‍රධාන චරිතයක් නැතුව කොහොම වේවිද කියන එකත් අපි හැමෝටම තියෙන තවත් ප්‍රශ්ණයක්. ඉතින් ඒ  දේවල් ගැන හිතන්න කලින් මේක බලල ඉන්න එපැයි ? එහෙනම් ඔන්න හැමෝටම බාරයි මාරාන්තික ධාවනයේ හත්වැන්න සමඟ නොකඩවා පෙළ ගැස්වෙන ක්‍රියාදාම සමඟ එකතු වෙන්න.

8.The Fate of the Furious (2017)  | දෙලොවකට මැදිවූ මාරක ධාවනයේ ඉරණම..

ඉතින් 2001 වසරේ ආරම්භ උන මේ චිත්‍රපට මාලාවට එකතු වෙන අටවැන්න තමයි The Fate of the Furious (2017) කියන්නේ. ඔයාලට මතක ඇති Furious 7 (2015) චිත්‍රපටය ලොකු පෙරලියක් කරලා ලෝකයේ වැඩිම ආදායම්ල බාගත් චිත්‍රපට අතර සයවැනි  ස්ථානයට හිමිකම් කියුවෙ මේ චිත්‍රපටයේ නම ඉදිරියේ ඩොලර් මිලියන 1516ක් සනිටුහන් කරගනිමින්.  නමුත් බොහෝ දෙනා පැවසුවේ පෝල් වෝකර් රඟපෑ අවසන් චිත්‍රපටය මෙය වූ නිසා බොහෝදෙනා චිත්‍රපටය නැරඹීම නිසා මෙවන් ආදායමක් ලබාගත් බවයි. හැබැයි ඒ කතාව මේ චිත්‍රපටය මගින් පුස්සක් බවට පත් කරලා තියෙනවා අද වෙනකොට ලැබී ඇති ආදායම් සලකා බැලුවම මාසයක් යන්නත් මත්තෙන් මේ චිත්‍රපටය ඩොලර් බිලියනය පසු කර ඇති අතර මේ වනවිට සමස්ත ආදායම ඩොලර් මිලියන 1163ක් ලබා ගනිමින් දැනට ලෝකයේ වැඩිම අදායම් ලබාගත් චිත්‍රපට ලැයිස්තුවේ 13 වෙනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. මේ විස්තර බලනකොට ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ආදායම් ලැබීම අතින් නම් ඉතාමත් වේගවත් කියල දැන් තහවුරු කරලා අවසානයි. ඒ වගේම IMDbඅගය වාර්තා වෙන්නේ 7.2 විදිහටයි.
එහෙනම් මම පොඩ්ඩක් යටගියාව මතක් කරලම පටන් ගන්නම්. කතා මාලාවක් වශයෙන් එකින් එකට සම්බන්ධයක් තියෙන නිසාවෙන් මම කියන්නම් හත්වෙනි චිත්‍රපටයේදී මොකද්ද උනේ කියල. මතකනේ ඔවන් ෂෝ සහ ඩෙකඩ් ෂෝ දෙන්නා. මල්ලි වෙනුවෙන් පලිගන්න ආපු ඩෙකඩ් ෂෝ එක්ක තමයි කලින් චිත්‍රපටයේදී ගැටුනේ. අවසානයේ මල්ලිට වගේම අයියට සිද්ධ උනෙත් බිත්ති හතරකට කොටු වෙන්න. ඉතින් අවසානයේ බ්‍රයන් කණ්ඩායමෙන් වෙන්වෙලා ගියා දකින්නත් ලැබුනා. මේ චිත්‍රපටය කියුබාව තුලදී රූගත කිරීම් සිදුකරලා තියෙනවා. කියුබාවට මෙවැනි චිත්‍රපට රූගත කිරීමක් සඳහා යොදාගත්තේ බොහොම කාලයකට පස්සේ. ඉතින් මුලින්ම ඔයාලට දැකගන්න ලැබෙයි කියුබාවේ දර්ශන පෙළක්. කතාව ආරම්භ වෙන්නේ ඩොම් සහ ලෙටි දෙන්නා මධුසමය වෙනුවෙන් කියුබාවේ කරන සංචාරයක් සමගින්. ඉතින් මේ සංචාරය අතරේදී ඩොම්ට කාන්තාවක් මුණ ගැහෙනවා. හැබැයි ඒ මුණ ගැසීම අහම්බෙන් සිද්ධ උන එකක් නෙමේ කියල දැනගන්න කොට ඩොමිනික් ටොරෙටෝ  මොන දේටත් කලින්  පවුල මුලින් කියන සංකල්පය දෙවිදිහකට බලපාන්න පටන් ගන්නවා. ඉතින් මෙදාපාර මුණ ගැහෙන සතුරා එසේ මෙසේ කෙනෙක් නෙමේ. ලෝකයේ ඉන්න දක්ෂම සයිබර් අපරාධකාරියක්. නමින් සයිපර්. ඉතින් ඩොමිනික් ටොරෙටෝ සහ කණ්ඩායම මේ අලුත් සතුරා සමඟ ගැටෙන්නේ කොහොමද බලන්න ඔයාලට ඉතුරු කරන්නම්. ඒ වගේම මේ චිත්‍රපටයේ අපට කලින් දකින්න නොලැබුන චරිත කීපයක් එකතු වෙනවා. ඒ චරිත ගැන නොකියා ඒ වෙනුවෙන් රංගනයේ යෙදෙන්නේ කවුද කියල කියන්නම්. ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ  Kristofer Hivju, Scott Eastwood,  Charlize Theron තමයි අපිට අලුතෙන් මුණ ගැහෙන නළු නිලියන් වෙන්නේ. ඒ වගේම අන්තිමේ ඔයාලට අලුත් බ්‍රයන් කෙනෙකුත් මුණ ගැහේවි. මේ බ්‍රයන්ට නම් ඔයාලට ආස හිතෙනවා කියන කාරණය නොඅනුමානයි.
මේ චිත්‍රපට මාලාවේ හත්වැන්න අවසානයේ සහ පෝල් වොකර්ගේ නික්ම යාමත් සමඟ මේ චිත්‍රපටයේ ප්‍රධන නිෂ්පාදක වින් ඩීසල් ප්‍රකාශ කලා මේ කතා මාලාව තව චිත්‍රපට තුනකින් අවසන් වෙනබව. ඉතින් මේ තමයි ඒ චිත්‍රපට තුනේ පළමු වැන්න. ඒ වගේම දැනටමත් නමවෙනි චිත්‍රපටය සඳහා පෝස්ටර් පවා නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟ චිත්‍රපටයේදී මැට් ඩීමන් මේ කතා මාලාවට එකතු වෙන බවට පොඩි පොඩි ආරංචි එහෙම ලැබිලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේ චිත්‍රපට මාලාව ආදායම අතින් නම් පසුබෑමකට ලක්වෙලා නැති බව ඇත්තක් වෙලා නිෂ්පාදක වරයට සතුටු වෙන්න කාරනා තිබ්බට, සල්ලි දීල චිත්‍රපට බලන අපිටත් සතුටු වෙන්න කරුණු කාරණා තිබිලා චිත්‍රපටය ගොඩක් සාර්ථකයි කියල දෙපිරිසටම සතුටු වෙන්න පුළුවන් උනොත් එතන තමයි සාර්ථකත්වය රැඳී තියෙන්නේ.

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.The Fast and the Furious (2001)

Torrent Download

| Bluray | x264 | 720p | 650MB | YIFY |

E2E8994ABCD885C44C3B5B1DA5B0D0254AE29FBA

Direct Download

| Bluray  | x264 | 720p | 650MB | YIFY |

2.2 Fast 2 Furious (2003)

Torrent Download

| Bluray | x264 | 720p | 650MB | YIFY |

D45024BCD32E1B714E558A84C4538AB62EE04DC7

Direct Download

| Bluray  | x264 | 720p | 650MB | YIFY |

3.The Fast and the Furious: Tokyo Drift (2006)

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YIFY |

04B8E318E8A6AF5C4747B58B9D5A7470C71B9CEC

Direct Download

| Bluray  | x264 | 720p | 750MB | YIFY |

4.Fast & Furious (2009)

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YIFY |

4296D57C1AFE1414920388F6794CA8A5539807A7

Direct Download

| Bluray  | x264 | 720p | 750MB | YIFY |

5. Fast Five (2011)

Torrent Download

| Bluray | x264 | 720p | 850MB | YIFY |

49C81CB2C8E9030182D6D1F65D7DCF5C07311739

Direct Download

| Bluray  | x264 | 720p | 850MB | YIFY |

6.Fast and Furious 6 (2013)

Torrent Download

| Bluray | x264 | 720p | 922MB | YIFY |

 13D012AFD8D6674AB836614A387ABAC89A47E129

Direct Download

| Bluray  | x264 | 720p | 922MB | YIFY |

7.Furious 7 (2015)

Torrent Download

| Bluray | x264 | 720p | 930MB | YIFY |

62AA7295177FB56FE95311E45C588821DF670F64 

Direct Download

| Bluray  | x264 | 720p | 930MB | YIFY |

8.Fate Of  The Furious  (2017)

Torrent Download

| Bluray | x264 | 720p | 1GB | YIFY |

 BBE2CCBB81E647039787D75BAA7A42B50F25035E

Direct Download

| Bluray  | x264 | 720p | 1GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

13 thoughts on “Fast And Furious Movie Collection

  • Nuwan nimesh

    එල… සුපිරී…… Resident Evil Movie Collection එකත් දෙන්නකෝ…………..

    Reply
    • කොහොමද download kale, link weda nane

      Reply
  • Sub fill waradi ne hunger games ne thinne sub…mona unath movi collection wade patta

    Reply
  • Ishan adeksha

    Dan openload wada nane komada ganne

    Reply
  • Dinesh Priyankara Lamahewa

    Right Clik කරන්න බැරි නිසා හැශ් කෝට් එක කොපි කරන්න බෑ

    Reply
  • Aiye Fast and Furious 9 Movie eka ikmanata daanawada ?

    Reply
  • links poddak aayeth daanna baridooooooooooooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *