MENU

Vikings [S05: E07]| පුරහඳ…

ඔන්න හත්වෙනි කොටස. මතක ඇතිනේ අප්‍රිකාවේ හිටිය බියෝන් සහ හැරල්ඩ් රජතුමාගේ සහෝදරයා කැටගට් බලා එනවා. ඒ වගේම අයිවර් සහ හැරල්ඩ් රජාගේ සැලසුම ගැන ඇස්ට්‍රිඩ් ලගතට දන්වනවා. ඒකට සැහෙන මිලක් ගෙවන්න වෙනව. මං හිතන්නේ ඒ මිලයෙහි තරම අද කතාවෙන් බලාගන්න පුළුවන් වෙයි. ඉතිං ඒ වගේම ජුඩිත් සහ ඇතෙල්ස්ටන්ගේ පුතා තමන්ගේ සැබෑ පියා වෙන පුජකවරයෙක් වෙන්න ඉගෙනගනිමින් හිටිය ඇතෙල්ස්ටන් අඩිපාරේ යන්න තීරණය කරලා වෙසෙක්ස් රජ මාලිගයෙන් පිටවෙනවා. ඒ වගේම මේ වෙනකොට පැහැදිලිවම වයිකින් රටම හරියටම දෙකට බෙදිලා ඉන්නවා පවුල් භේදයකින් තොරව. හැරල්ඩ් රජාගේ පැත්තෙන් අයිවර් බිෂොප් හෙහ්මන්ඩ්, හිට්සර්ක් සහ ඇස්ට්‍රිඩ්. ලගතගේ පාර්ශවයෙන් ඌබෙ, බියෝන් සමග හැරල්ඩ් රජතුමාගේ සහෝදරයා වීශාල හමුදාවක් සහ වැඩි වාසියක් කියන කාරනා දෙක සලකා බලනකොට මේ වෙනකොට හැරල්ඩ් රජාගේ පැත්තට පිරිස් බලය අතින් වැඩි වාසියක් තියෙනවා. ඒ වගේම ලගත බියෝන් සහ ඌබෙ කියන රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය සහ උපන් භුමිය වන කැටගට් නිසාත්, රැග්න කියන්නේ වයිකින්ලට පුරාවෘතයක් නිසාත් තවම මිනිස්සුන්ගේ කැමැත්ත ලගතගේ පැත්තට තියෙන පාටයි. ඒ අතරවාරයේ මාග්‍රත් හෙමින් සැරේ ඌබෙගේ ඔලුවට රජවීමේ විෂබීජය දානව ලගතට එරෙහිව කතා කිය කිය. ඒ වගේම හොඳ සටන්කාමියෙක් රණශුරයෙක් වෙච්ච බිෂොප් හෙහ්මන්ඩ් අයිවර්ගේ පැත්තට ඉන්නවා, මේ වෙනකොට බිෂොප්ට මුණගැහුනේ අයිවර් සහ හිට්සර්ක් විතරයි ඒ නිසා බිශෝප්ගේ පක්ෂපාතිත්වය ඉදිරියේදී කොහොම වෙයිද කියල තීරණය කරන්න බෑ, කොහොම උනත් බිෂොප් හොඳ යුධ සැලසුම්කාරයෙක් බව තේරෙන්න ඇතිනේ පහුගිය කතා වලදී. ඒතල්වුල්ෆ්ගේ මෝඩ තීරණ නිසා පරාජය උනාට බිශෝප්ගේ සැලසුම් වල කිසිම අඩුවක් තිබ්බේ නැහැ ඇත්තටම. ඒ අවගේම අයිවර් කියන්නෙත් ඊට නොදෙවෙනි සැලසුම්කරුවෙක් බවත් දන්නවනෙ. ඉතිං මේ වෙනකොට කැටගට් සහ ලගතා පවතින්නේ ද්‍රෝහින්ගෙන් සහ යටත් කරගන්න බලන් ඉන්න ආක්‍රමණිකයින්ගේ තර්ජනය ලක්වෙලා. අටවෙනි කතාංගය මේ වෙනකම් මෝදු වෙච්ච යුද්ධයේ ආරම්භය සනිටුහන් කරයි කියල හිතනවා. ඒ වගේම මේ වෙනකොට ෆ්ලොකි කැටගට්වල හිටිය පිරිසක් අරගෙන එයා හොයාගත්ත දෙවියන්ගේ අඩවියට ගිහින් තියෙන්නේ. නමුත් ඒ පිරිසට තවමත් බලාපොරොත්තු වෙච්ච දේවල් නම් දැකගන්න ලැබුනේ නැහැ. ඒ නිසා කලකිරීමකින් ඉන්නේ. අද කතාංගයට එයාල දිපු නමත් Full Moon, ලබන සුමානේ නම The Joke එහෙමත් නැත්නම් විහිලුව. ලබනසුමානේ විහිළුව මොකක්ද කියල බලමු එහෙනම්.

 

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 231MB |

271F2794FA0BD71C5FEEC285B9ECE131DD0C696A

| HDTV  | 720p | x264 | 289MB |

20977A9EA346CBF15A4485C733DFE9251106F7E5

Direct Download   

| HDTV | x264 | KILLERS | 231MB |

     

| HDTV | x264 | 720p | 289MB |     

         

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Vikings [S05: E07]| පුරහඳ…

  • ravindu lakshan

    athi yantham

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *