MENU

Marvels Runaways [S01 : E01]| මිතුරු කල්ලියේ එකතු වීම

කොහොමද කට්ටියට? ඔන්න ඉතිං මේ ලෑස්ති වෙන්නෙ තවත් සුපිරි කතා මාලාවකට උපසිරැසි අරගෙන එන්න. දැන් නම් කතා මාලාවම විකාශනය වෙලා අවසන්. කොහොම නමුත් කතාව හොදයි කියලා හිතුන නිසා උපසිරැසි ලබා දෙන්න තීරණය කලා. දැන් නම් ඉතිං මේ ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ වුනත් මම ඔයාලට මේ ගැන විස්තර ටිකක් කියලම ඉන්නම්.

මුලින්ම අපි මේ කතා මාලාවෙ කොමික් පැත්ත ගැන ටිකක් බලමු. Runaways කියන්නෙ Marvel Comics විසින් පබ්ලිෂ් කරපු superhero comic කතා මාලාවක්. කතා මාලාව පාදක වෙලා තියෙන්නෙ තමන්ගෙ දෙමව්පියන් PRIDE කියලා හදුන්වන නපුරු සංවිධානයක සාමාජිකයො කියන කාරණේ හොයාගන්න තරුණ ළමයි හය දෙනෙක් වටා. Brian K. Vaughan සහා Adrian Alphona කියන දෙන්නා අතින් නිමවුනු මේ කතා Marvel Comics වල කොටසක් විදිහට 2003 ජූලි මාසෙ Tsunami මුද්‍රණයෙන් එළි දක්වනවා. ඒ වුනත් මේ සීරියස් එක 2004 සැප්තැම්බර් මාසෙ කැන්සල් වෙනවා යම් යම් හේතු කරණා නිසා. හැබැයි ඉහල වෙළදාම හේතුවෙන් Marvel සමාගම 2005 පෙබරවාරි මාසයෙ ආයෙත් මේ කතා මාලාව ආරම්භ කරනවා.


Runaways කතා මාලාවෙ තරුණ ළමයි හයදෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් වටා තමයි ගෙතිලා තියෙන්නෙ. මේ අයගෙ දෙමව්පියන් හැම වසරකම පාහෙ පුරුද්දක් හැටියට පුණ්‍යායතන රැස්වීමක් කරගෙන යනවා. එක අවුරුද්දක මේ ළමයි ටික එයාලගෙ දෙමව්පියො ගැන ඔත්තු බලන්න ගන්නවා. පස්සෙ තමා එයාලට දැන ගන්න ලැබෙන්නෙ එයාලා PRIDE කියන සංවිධානයේ ඉන්න අපරාධකාරයො, කාලය හරහා යන අය, අදුරු මායාකාරියො, පිස්සු විද්‍යාඥයො, පිටසක්වල ජීවි සහා මානසික බලයන් තියෙන විකෘතිකයො [Marvel විශ්වයෙ අපි mutants නමින් හදුන්වන] ටිකක් කියලා. හැබැයි ඉතිං රූපවාහිනි කතා මාලාව තුල මේ ටික මෙහෙම් නම් තියෙන එකක් නැ. මම මේ කියන්නෙ කොමික් පැත්ත ගැන සාරංශයක් විතරයි. මේ ළමයි ටික එයාලගෙ දෙමව්පියො ලග තියෙන ආයුධ සහා සම්පත් ටික හොරකම් කරලා එයාලගෙ දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච බලයන් ඉගෙන ගන්නවා.

Alex Wilder (ඇලෙක්ස්) තමයි මේ ටීම් එක මෙහෙයවන එහෙම නැත්තං මොලේ පාවිච්චි කරන කෙනා, Nico Minoru(නීකො) එයා දැන ගන්නවා එයා බලගතු මායාකාරියක් කියලා, Karolina Dean(කැරොලීනා) දැන ගන්නවා මෙයා පිටසක්වල කෙනෙක් කියලා, Gertrude Yorkes(ගර්ට්) හොයා ගන්නවා එයාට ඩයිනසෝර් කෙනෙක් එක්ක මානසික සම්බන්ධයක් තියෙන විත්තිය, Chase Stein(චේස්) එයාගෙ තාත්තා ලග තිබුන රොබෝ අත් දෙකක් හොරකම් කරනවා. හැබැයි ටිවි සීරියස් එකේ නම් එහෙම නෙවෙයි. Molly Hayes(මොලි) දැනගන්නවා එයා අසීමිත ශක්තියක් උරුම විකෘතිකයෙක් කියලා. මේ හයදෙනා තමයි තමන්ගෙම දෙමව්පියන්ට එරෙහිව නැගි සිටින්නෙ වගේම එයාලව පරද්දන්නෙ.

කොහොමහරි මේ සීරියස් එක ආපහු සැරයක් 3 වෙනි වෙළුමෙ 14 වෙනි නිකුතුවට පස්සෙ 2009 නොවැම්බර් මාසෙ කැන්සල් කරලා තියෙනවා. ඊට වසර 8 ට පස්සෙ නැවත වරක් නිවේදනය කරනවා Rainbow Rowell සහා Kris Anka කියන දෙන්නා යටතේ මේ කතා මාලාව ආපහු සැරයක් කරලියට ගේන්න හදන විත්තිය. ඒ වසරෙම සැප්තැම්බර් මාසෙ ආපහු කතා මාලාව කරලියට එනවා. ඊට පස්සෙ තමා Runaways TV series එක Hulu සමගින් එක්ව මාවල් පුංචි තිරයට එක්කහු වෙන්නෙ තවත් සුපිරි වීර කතාවක් විදිහට.

Runaways වසර ගානක් පුරාවට විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් විවිධ මාතෘකා යටතේ ඉදිරියට ආවාත්, රූපවාහිනි කතා මාලාව ගොඩක් පාදක වෙලා තියෙන බව කියවෙන්නෙ 2003 නිකුත් කල පළවෙනි වෙළුම එක්ක කියලා තමයි සදහන් වෙන්නෙ. කොහොම වෙතත් විචාරකයො කියන විදිහට බැලුවාම නම් රූපවාහිනි කතා මාලාවෙ ඉන්න චරිත ටික කොමික් චරිත ටිකත් එක්ක සුපිරියටම ගලපලා තියෙනවා.


ආයෙ ආපහු වතාවක් මේ අයට තියෙන හැකියාවන් බලයන් පිළිබඳව කියන එකේ තේරුමක් නෑනෙ. මම කොමික් පාර්ට් එක ගැන හැදින්වීමක් කරද්දි ඒ ගැන ලාවට කිව්වා. ඉතිං ඔයාලට කතා මාලාව තුලත් ඒ හැකියාවන් ඒ අයුරින්ම දකින්න පුළුවන්. හැබැයි පිටසක්වල ජීවියො, විකෘතිකයො ගැන නම් කතා වෙන වගක් පෙනුනෙ නැ.

කතාව මේකයි, අපි මේ කතා වෙන ලමයි හයදෙනා පුංචි කාලෙ ඉදලම යාලුවො. එහෙම වෙන්නෙ එයාලගෙ දෙමව්පියො යාලුවෙ නිසා. හැබැයි නීකොගෙ සහෝදරි වෙන ඇමීගෙ මරණයත් එක්ක මේ හයදෙනාගෙ මිතුරුකම සීසීකඩ විසිරිලා යනවා. හැමෝම තම තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා. ඒ වුනත් ඇලෙක්ස්ට ලොකු උවමනාවක් තියෙනවා ආපහු කට්ටිය එක්කහු කරන්න. මේ කාලෙ වෙනකොට PRIDE සංවිධානයේ වාර්ෂික හමුවත් යෙදිලා තියෙනවා. ඉතිං ඇලෙක්ස් කල්පනා කරලා එයාගෙ අම්මගෙන් අවසරය ගන්නවා ඒ දවසෙම එයාගෙ යාලුවො ටික ගෙදරට ගෙන්න ගන්න. ඉතිං ඒ අය මෙයා කියපු ගමන් එයිද, කොහෙත්ම නැ. ගොඩක් සිදු වීම් වලින් පස්සෙ යාලුවො ටික ඇලෙක්ස්ගෙ ගෙදරට එකතු වෙනවා. හැබැයි කිසිම සතුටක් කාගෙවත් ලග නැ. ඔය අතරෙම මේ අයගෙ දෙමව්පියො ටික වෙනම එයාලගෙ හමුව කරගෙන යනවා. මිනිස්සු හැමෝම එක වගේ නෑනෙ, ඉතිං මෙතන යාලුවො ටිකත් එකිනෙකාට වෙනස් අය. චේස් කොහොම හරි ඇලෙක්ස්ගෙ තාත්තගෙ ඔෆිස් කාමරේට යනවා මොනා හරි බොන්න. ඒ පස්සෙන් අනික් අයත් එතෙන්ට එනවා. එතනදි තමා ඇලෙක්ස් අතින් වෙන දෙයක් නිසා රහස් දොරක් ඇරෙන්නෙ. ඉතිං මේ දොරෙන් යන්නෙ කොහෙටද, ඇතුලෙ මොනවද තියෙන්නෙ මොනවද වෙන්නෙ වගේම තමන්ගෙ දෙමව්පියො මොන වගේ පිරිසක්ද කියන කාරණෙත් මෙයාලට දැන කියා ගන්න ලැබෙනවා. ඉතිං ඔයාලටත් ඒක දැන ගන්න ඕනනම් කොටස් 10 පුරාවට දිවෙන Runaways කතා මාලාව සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | EzTv | 305MB |    

3BDF427B776BAB3E4753B39958ECC23F238061BD

Direct Download

| WEB-DL | x265 | 720p | 176MB |  

   

| WEB-DL | x264 | EzTv | 305MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *