MENU

Marvels Runaways [S01 : E09] | කල්යල් බලා කල එලි බැසීම..

දැන් නම් කතාව සුපිරියට ගලාගෙන යනවා නේද? ඔව් මාත් මුලින් හිතුවෙ කතාව බෝරිං කියලා. ඒත් බැලුවම තමා තේරුණේ කතාව සුපිරියි කියලා. එහෙනම් පහුගිය කොටස දිහාට හැරෙමු..

කලින් කොටසෙදි අපිට මතකයි චේස්ගෙ තාත්තට ඒ කියන්නෙ වික්ටර්ට වෙඩි තියෙනවා. ඒ චේස්ගෙ අම්මා. ඔය සිද්දියත් එක්ක PRIDE එකේ හැම කෙනෙක්ම චේස්ගෙ ගෙදරට එකතු වෙනවා. හැබැයි කවුරුත් ඒ ගැන ජෝනට කියන්නෙ නැ. හැමෝම එකතුවෙලා වික්ටර්ව බේරගන්න උත්සහ කරනවා. ඔය අතරෙ චේස්ගෙ යාලුවො ටිකත් එයාගෙ ගෙදරට එකතුවෙනවා.

මේ අයට වික්ටර්ව හොද කරගන්න බැරිම තැන තමයි ෆ්රෑන්ක්ට කතා කරන්න තීරණය කරන්නෙ. එයාටත් මොකක්හරි සුව කිරීමෙ බලයක් ජෝනගෙන් ලැබුනා. ඒ කොහොමද කියන්න නම් දන්නෙ නැ හැබැයි. හැබැයි එයාටත් ඒක කරගන්න බැරිවෙනවා. ඔය වෙලාවෙ තමයි එතෙන්ට ජෝනා එන්නෙ. ජෝනට මේ සිද්දිය කියලා තියෙන්නෙ නීකොගෙ අම්මා. කොහොමහරි වික්ටර්ව ගොඩක් වටින නිසා එයාව බේරගන්න නම් බිලි දීමක් කරන්න වෙනවා ජෝනා කියන විදිහට. ඒත් කවුද මේකට දාන්නෙ කියන්න ප්‍රශ්නයක් මතුවෙනවා. අන්තිමට විකටර්ගෙ බිරිද එහෙමත් චේස්ගෙ අම්මා මේකට ඉදිරිපත් වෙනවා. ඒත් ඔයාලා දන්නවා චේස්ගෙ අම්ම සහා නීකොගෙ තාත්තා අතර සම්බන්ධයක් තියෙන විත්තිය. ඉතිං නිකෝගෙ තාත්තා බලෙන්ම වගේ මේකට ලෑස්ති වෙනවා.ඒත් තමන්ගෙ මනුස්සයව බිලි දෙන්න මොන ගැණිද කැමති.

අපිට පහුගිය කොටසෙ ඇමි ගැන පොඩ්ඩක් දකින්න ලැබුනා එයා WIzard සර්වර් එක මුලින් හැක් කරලා මොනා හරි විස්තර අරන් තියෙනවා. කොහොම හරි ඒ නිසා එයාට මැරෙන්නත් වෙලා. අපේ යාලුවො ටිකත් සර්වර් එක හැක් කරලා විස්තර අරගත්තා මතකනෙ. හැබැයි තාම ඒ ටික විකේතනය කරගන්න පුළුවන් වෙලා නැ. ඔය දේවල් වලට කලින් මොලීව එයාගෙ හදාගත්ත දෙමව්පියො එයාව වෙන දිහාවක නතර කරනවා. එහෙදි තමා මොලීට එයාගෙ ඇත්තම අම්මයි තාත්තයි එයා වෙනුවෙන් තියලා ගිය ලියුමක් ලැබෙන්නෙ. ඒකත් එක්ක එයාට යතුරක් හම්බෙනවා. ඒ යතුර නිසා මොලීට ලැබෙන්නෙ එයාගෙ ඇත්තම දෙමව්පියො එයා වෙනුවෙන් තියලා ගිය VHS පටියක්. ඒකෙ තියෙන දේවල් මේ කොටසින් බලා ගන්න පුළුවන්.

ඔය වෙනකොට සර්වර් එකෙන් ගත්ත ඩේටා විකේතනය වෙලා ඉවරයි. එතන තියෙන දේවල් වලින් මේ අයට පුළුවන් කමක් තියෙනවා මෙයාලගෙ දෙමව්පියො නතර කරන්න. හැබැයි චේස් ඒ සේරෙම විනාශ කරලා දානවා. මොකද PRIDE එක නැති වුනොත් එයාගෙ තාත්තට මැරෙන්න වෙන නිසා. ඔය විදිහට තමා කලින් කොටස ඉවර වුනේ.

අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් PRIDE එක මොකක්ද මේ කරන්න හදන්නෙ කියලා. මොකද මෙයාලා මේක අවුරුදු ගානක ඉදන් සැලසුම් කරන දෙයක්. මේ දේ වෙනුවෙන් ඩොඩ දෙනෙක්ගෙ ජීවිත පවා නැතිවෙලා තියෙනවා. ඒ වගේම මොලීගෙ ඇත්තම අම්ම තාත්තගෙන් එයාට පණිවිඩයක් ලැබෙනවා, ඒකෙ තියෙන දෙයින් අද ගොඩක් දේවල් වලට උත්තර ලැබෙයි. එහෙනම් මම ගියා අන්තිම කොටස අපේ චාමර සහෝ අරගෙන ඒවි.

#Hail Marvel.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 274MB |    

869EC7FD97C2581BBAC59416338B1C02EC598AA6

Direct Download

WEBRip | x264 | 480p | 170MB |  

   

| WEBRip | x265 | 720p | 167MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *