MENU

Marvels Runaways [S01 : E08] | සුනාමිය

මට නියමිත වෙලා තියෙන්නේ රනවේස් කතාමාලාවේ අටවන කොටස, ඔයාලට දවසෙන් දවස කොටස් ගෙන්න ඇඩ්මින් මණ්ඩලය තීරණ කරපු නිසා, බොහොම අමාරුවෙන්, ඇඩ්මින්ලගේ මරණ තර්ජන මැද්දේ තමයි සබ ගෙනාවේ ?. කතාව ගොඩක් ආස හිතෙන පැත්තකට තමයි දැන් ඇදිලා යන්නේ. ඔයාලා බලනවා ඇති අද කතාවට සුනාමිය කියලා දාලා තියෙන්නේ ඇයි කියලා. මේ කොටසේ ඇත්ත නමත් එයාලා දාලා තියෙන්නේ සුනාමි කියලා. මොකද මේ කතාව විකාශණය උනේ දෙසැම්බර් විසි හයවෙනිදා, ඒ දවස කාටවත් අමතක නැතුව ඇති. අනුස්මරණයක් විදිහට එයාලා මේක දාලා තියෙනවා. ඔයාලට කලින් කතාවේ පොඩි විස්තරක් ගේන්න ඕනි නිසා ළහිරු සහෝදරයාට කියලා පොඩි ලිපියක් ලියවගත්තා. ඒක මම පහතින් සඳහන් කරන්නම්.

කලින් කතාවේ ඔයාලා දකින්න ඇති, පසුගිය කොටස පටන් ගත්තෙ වසර 25 ට පෙර මතකයක් අවදි කරලා. ඒ චේස්ගෙ අම්මා තාත්තා ඒ කියන්නෙ වික්ටර් සහා ජැනට් හමුවුන විදිහෙන්. එතන ඉදන් ඔවුන්ට දරුවෙක් ලැබීම ඔහුගෙ කුඩා කාලයෙ පුංචි සිදුවීමක් වගේ දේවල් ටිකක් අපිට පසුගිය කොටසින් දකින්න ලැබුනා. හැබැයි වික්ටර් චේස්ට පුංචි දවස් වල ඉදන්ම තදින් හිටිය කෙනෙක් වග තමයි ඒ ටිකෙනුත් අපිට දකින්න ලැබුනෙ. හැබැයි පහිගිය ටිකේ වික්ටර් තමන්ගෙ බිරිදටත් චේස්ටත් ගොඩක් ආදරෙන් ඉන්න ගත්තා. මේ දෙන්නා එකතුවෙකා ෆිස්ටිගොන් එකත් හදනවා අපිට දකින්න ලැබුනා මතක ඇති. තව දෙයක් ඔයාලට මතක එති වික්ටර් අනගතේ ගැන බලන්න මොකක්ද උපකරණයක් හදලා තිබ්බා. ඒක එක වැරම වැඩ කරන්න පටන්ගෙන තිබුනා. ඒකෙන් එකම පණිවිඩයක් වරින් වර ඇහෙන්න ගත්තා. ඒක ලැබුනෙ අනාගතෙන් ඒකත් චේස්ගෙන් වීමයි වැදගත්.

මොලි ගැන දැන ගත්තායින් පස්සෙ කැතරිනා එහෙමත් නැත්නම් ඇලෙක්ස්ගෙ අම්මා එයාගෙ කාමරේ සෝදිසි කරන්න ගන්නවා මොලි මෙයාලට මොකුත් කියලද හොයාගන්න. හැබැයි ඉතිං මේ වෙනකොටත් ඇලෙක්ස් විසාඩ් සර්වර් එකෙන් ගත්ත ඩේටා විකේතනය කරන ගමන් ඉන්නෙ කියලා ඔයාලා දන්නවනෙ. ඊලග කාරණේ තමයි ජෝනගෙ බෙහෙත් හන්දා සම්පූර්ණයෙන්ම වගේ වික්ටර්ව වෙනස්වෙලා තියෙන එක. මේ චේස්ටවත් ජීන්ටවත් හිතා ගන්න බැරි දෙයක්. ඒත් ඉතිං වික්ටර්ගෙ පිලිකාව හොදවෙලා මේ බෙහෙත් එකෙන් කොහොම හරි. වික්ටර්ට ජෝනා ඒ බෙහෙත් එක විදලා ඉතුරු වුන ටික ඔයාලට මතක ඇති ඩේල් සාක්කුවෙ දාගන්නවා. මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙවෙයිනෙ. ඩේස් සහා ස්ටේසි මේ බෙහෙත් එක එයාලගෙ විද්‍යාගාරයෙ පරික්ෂා කරන්න ගන්නවා. මෙයාලටත් මේ ගැන හිතාගන්න බැරි වෙනවා.

ඊලග කාරණේ තමා රොබට් එහෙම නැත්තං නීකොගෙ තාත්තා, මතකනෙ මෙයාගෙයි ජැනට් අතරෙයි නියම් සම්බන්ධයක් තියෙන විත්තිය. ඔය කාරනේ හෙලිදරව් වීමත් එක්ක රොබට් ගෙදරින් යන්න හදනවා. මෙයාගෙ කල්පනාව ජැනට්ව විවාහ කරගන්න එක. ඊලග සිද්දිය තමා ලෙස්ලිගෙ එහෙම නැත්තං කැරොලිනාගෙ අම්මාගෙ දේවස්ථානයෙ කෙනෙක් අවසන් හුස්ම හෙලනවා. ඔය වෙලාවෙ තමයි ඔතෙන්ට ෆ්රෑන්ක් එන්නෙ. එයා ඇවිත් කරන දේකින් මැරෙන්න ඔන්න මෙන්න උන්නු කෙනා පණ ගහලා එනවා. මේ මේ වීරකම කලේ ජෝනගෙන් ලැබුන අත්වැසුම් දෙකක් යොදාගෙන. හැබැයි ලෙස්ලි මේ ගැන වැඩි සතුටක් දක්වන්නෙ නැ. ඒ වුනත් ජෝනා සහා ලෙස්ලි අතර සම්බන්ධකමක් තියෙනවා වගේම ජෝනා සහා ෆ්රෑන්ක් අතරත් මොකක් හෝ සම්බන්ධයක් තියෙන බව පැහැදිලි වෙනවා. ඇත්තටම ඉතිං ලෙස්ලි කියන්නෙ ජෝනගෙ බිරිදනෙ. ප්‍රයිඩ් සංවිධානයත් මෙයාගෙ නිර්මාණයක්.

මොලීගෙ වැඩ නිසාම මොලී ගැන වයිල්ඩර්ලා දැන ගන්නවා. ඊට පස්සෙ තමා ඩේල් සහා ස්ටේසි හම්බවෙලා මොලීව වෙන දිහාවකට යවන්න කියලා වයිල්ඩර්ලා මේ අයගෙන් ඉල්ලීමක් කරන්නෙ. ඒ ජෝනගෙන් මොලීව බේරගන්න ඕන නිසා. පහිගිය කොටසෙ වුන තවත් වැදගත් දෙයක් තමයි ෆ්රෑන්ක් එහෙම නැත්නම් ලෙස්ලිගෙ දැං සැමියා දැනගන්නවා කැරොලීනා කියන්නෙ එයාගෙ දුව නොවන විත්තිය. ඔය පිළිබඳව ෆ්රෑන්ක් සහා ලෙස්ලි අතර පොඩි කතාබහක් ඇතිවෙනවා. මතකනෙ ලමයින්ගෙ ඉස්කෝලෙ උත්සවයක් තිබුනා. ඒකෙන් පස්සෙ සිදුවීම් දෙකක් වුනා. එකක් තමයි: රොබට් හිතන් හිටියෙ ජැනට් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. හැබැයි ඒක මෙතනින් ඉවර වෙනවා. තේරෙන බාසාවෙන් කිව්වොත් ජැනට් රොබට්ට පොල්ල තියනවා. දෙවනි කාරණේ: චේස්ගෙ තාත්තා ඉස්කෝලෙ ලාක්‍රෝස් ගුරුතුමාමාට තර්ජනය කරනවා චේස්ට කරපු දේට පොදුවෙ සමාව ගන්න ඕන කියලා. ඔතනින් පස්සෙ තමා වික්ටර් ආයිමත් වෙනස් වෙන්න ගන්නෙ.

අන්තිමට මතක ඇති චේස් සුපුරුදු පරිදි එයාගෙ තාත්තගෙ විද්‍යාගාරෙට වෙලා ෆිස්ටිගොන් ගැන බල බල ඉන්නකොට තමයි වික්ටර් එහෙම නැත්තං චේස්ගෙ තාත්තා එතෙන්ට එන්නෙ. මෙතන වෙන සිදුවීමක් නිසා වික්ටර්ට චේස්ගෙන් පාරක් වදිනවා.මෙතනින් පස්සෙ තමා වික්ටර්ගෙ තත්ත්වය දරුණු වෙන්න ගන්නෙ. ඒ තරහව නිසාම වික්ටර් ෆිස්ටිගොන් පාවිච්චි කරලා චේස්ට පහර දෙනවා. එකක් නම් හිරිවැටෙන්න වදිනවා. වික්ටර් චේස්ව මරන තැනටම කිට්ටු වුනාම ජැනට් එහෙම නැත්තං චේස්ගෙ අම්මා වික්ටර්ට වෙඩි තියෙනවා. ඔහොම තමා පසුගිය කොටස අවසන් වුනේ.

අද කතාව ආරම්භ වෙන්නේවෙඩි තැබීම පස්සෙනුයි..පුතාව බේරගන්න වෙඩි තිබ්බනිසා එතනට කොහොමෙන් කොහොමහරි රැස් වුන කණ්ඩායම කල්පනා කරනවා කරන්නේ මොනවද කියලා. චේස්ව එයාගේ තාත්තව බේරගන්නවා කියලා පොරොන්දුවක් දීලා ඩේලුයි ස්ටේසියි ගෙන්නගන්නවා වික්ටර්ට උදව් කරන්න..ඒත් ඒදෙන්නටත් බැරිවෙනවා එයාව බේරගන්න. ඊට පස්සේ එනවා ෆ්‍රෑන්ක්. ෆ්‍රෑන්ක් එන්නේ ලෙස්ලි කරපු ආයාචනය මත. ඒත් අවාසනාවකට ෆ්‍රෑන්ක් වික්ටව සුවකරන්න ගිහින් එයා අතින් වික්ට මැරෙනවා. හැමෝම බයෙන් තැති ගැහිලා කරගන්ම දෙයක් නැතුව ඉද්දී අවසාන බලාපොරොත්තුවක් විදිහට ජොනා එනවා. එයා ඇවිත් වික්ටර්ව ගේන්න උත්සහ කරනවා. නමුත් ඒකට තව කෙනෙක්ගේ සිරුරක් අවශ්‍ය නිසා එයා කෙනෙක්ව තෝරනවා..ඒ කවුද එතනින් එහාට මොකද උනේ කියලා දැනගන්න අද කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම සමුගන්නවා. ඊළඟ උපසිරැසියෙන් මුණගැහෙමු.

*-*ජය ශ්‍රී*-*

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 286MB |    

E0C6077FB5916377BEABE779C98DBBD892765AEE

Direct Download

WEBRip | x264 | 480p | 166MB |  

   

| WEBRip | x265 | 720p | 206MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *