MENU

Vikings [S05: E10]| එය එසේ සිදුවිය!

අද තමයි වයිකින් පස්වෙනි කතා සමයේ මැදි විරාමය. අද කතාංගය නම්වෙලා තියෙන්නේ Moments of Vision කියල. ඒ තමයි අනාගතය දකින්නා, එහෙමත් නැත්නම් වයිකින්ලගේ සීයර් කියනවා  රැග්නගේ මරණයේ සැබෑම ප්‍රථිපලය තවම හරියට ඇවිල්ල නැහැ ඉදිරි දවසක ඒ හැම දේම දකින්න ලැබේවි කියල. ඉතිං ගිය සුමානේ ඉතාම අධිවේගී කතාංගයක් තමයි අපිට ලැබුනේ. මම ලිපිය ලිව්වේ කතාංගය එන්න කලින් දවසේ රෑ ඉතිං සබ් එක හදන්න එපිය බලනකොට එච්චර ඉක්මනට වෙයි කියල හිතුව නැති දේවල් ගොඩක් සිද්දවුනා. අද මම මේ ලිපිය ලියන්න කලින් දහවෙනි එපිසෝඩ් එකේ ප්‍රිවිව් එක බැලුවා ඒ බලපු විදිය අනුව නම් ලගතගේ පාර්ශවයට වෙන්න ඕන විනාසය ලඟා වෙලා වගේ. ගිය සුමානේ බියෝන් කිව්වා වගේ බියෝන් ලගතා පාර්ශවය නැහැ කියන්නේ තව දුරටත් රැග්නගේ සිහින කිසිම දෙයක් නැහැයි කියන එකයි. මොකද අයිවර්ට තියෙන්නේ ලෝකය භීතියෙන් හොල්ලන වියරු ආසාවක් විතරයි. ඒ මදිවට දැන් රොලෝ අයිවර්ගේ සහයට ප්‍රංශ සෙබළු එවල. මේ වෙනකම් වයිකින්ලා සන්නාහ ඇඳගත්ත ප්‍රංශ සෙබලු එක්ක ද්වන්ධ සටනකින් දිනලා නැහැ. මේ තත්වයන් සේරම දැන් ලගතගේ පාර්ශවයට අවාසි දායක විදියටයි පවතින්නේ. ඒ වගේම මේ වෙනකොට බිෂොප් හෙහ්මන්ඩ් සෙල්ලම් කරන්නේ මොන විදියේ සෙල්ලමක්ද කියල දැන්ම තීරණය කරන්නත් බැහැ. අනික් අතට ෆ්ලොකිගේ කණ්ඩායම ජනාවාසයේ එකිනෙකා ඇණකොටා ගන්නා තත්වයට පත්වෙලා තියෙන එකත් එක්තරා අන්දමකට අවාසනාවක්. එක අතකට ගිනිකඳු වලින් ඝහණ ඒ දුපතේ කොයි වෙලාවක හරි මැරෙන එකේ කලින් කොහොම මලත් මොකෝ :p අදත් ලිපිය ලියන්නේ මේ කලින් දවසේ රෑ ඉතිං හෙට එන එපියේ මොනා වෙයිද කියල කියන්න දන්නේ නම් නැහැ නිකම් වෙයි කියල හිතෙන දේවල් තමයි මේ විදියට කියාගෙන ගියේ.

නෝවේ රටේ ඒ දේවල් වෙනකොට වෙසෙක්ස් වල තමයි මම වැඩිපුරම ආසාවෙන් හිටිය දේ වෙන්නේ. ඒ තමයි රැග්න විසින් එංගලන්තයට පහර දෙන වෙලාවේ අල්ලාගෙන පැහැරගෙන ගිය ඇතෙල්ස්ටන්ගෙයි එතල්වුල්ෆ්ගේ බිරිඳ ජුඩිත් ගෙයි ළමයා ඇල්ෆ්‍රඩ්ට රජකම ලැබෙනවා. ඒ නියම උරුමක්කාරයා එතල්රෙඩ් ඉන්නකොට. කට්ටියට මතක ඇති මං හිතන්නේ මේ සැබෑ වෙන්නේ ඇත්තටම එක්බර්ත් රජතුමාගේ සැලැස්මක්. මතකනේ පොඩි කාලෙදිම එක්බර්ත් ඇල්ෆ්‍රඩ්ට හැම දේම උගන්වනවා. ඇල්ෆ්‍රඩ් රණශුරයෙක් නොවුනට අනාගත එංගලන්තයට අවශ්‍ය නායකයා ඔහු බවට පත්වෙලා ඉවරයි. අයිවර් ඇතුළු වයිකින්වරුන්ගේ අවසානය උදා කරවන එංගලන්ත පාලකය බවා පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ්. ඉතිහාසයට අනුව ඇල්ෆ්‍රඩ් කියන්නේ වයිකින්වරුන්ව සමුල ඝාතනය කරපු රජකෙනෙක්. ඉතිං ඒ දේවල් වෙන්නේ කොහොමද අද සටන කොහොම නිමා වෙයිද කට කවුරු අහිමි වෙයිද කියල දැක බලාගෙනම මේ අවුරුද්දේ අවසාන භාගයේදී වගේ සීසන් 5B එහෙමත් නැත්නම් සීසන් 5 දෙවන අර්ධය සමග හමුවෙමු. මෙතෙක් රැඳී සිටිය අදහස් දක්වල දිරිමත් කල ඔබ සියලු දෙනාටමත්. නොයෙක් වැඩ රාජකාරි නිසාවෙන් යම් පමාවිමක් සිද්දවුනා සමහර සතිවල එහෙම උනත් ඉවසගෙන හිටිය ඒ හැම දෙනාටමත් බොහොම ස්තුතියි. අද ඉඳන් වයිකින් නිවාඩු ඒ කියන්නේ මාත් නිවාඩු ? සීසන් 5A වෙතින් නිමාව සටහන් කරමින් සීසන්  5B තුලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ගිහිල්ල එන්නම්….

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 333MB |

96AB8C5D20FF195EE9DE26010ADC024D69CECF53

Direct Download   

| HDTV | x264 | 480p | 177MB |

     

| HDTV | x264 | SVA | 332MB |     

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Vikings [S05: E10]| එය එසේ සිදුවිය!

  • pethum

    ai me tv series wala viking1k season 1,2 walata ahema back wenna beri

    Reply
  • direct download karanna bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *