MENU

Alien Invasion: S.U.M.1 (2017) | ඔබේ සුපරික්ෂාකාරීත්වය අපගේ පැවැත්මයි

හරි. ආයුබෝවන් යාලුවනේ, මේ මගෙ පලවෙනි ෆිල්ම් එක. බයිස්කෝප් වෙබ් අඩවියට සබ් හදන්ඩ අලුතෙන් තමයි එකතු උනේ. මන් තෝරගත්තෙනන් 2017 අලුතෙන් නිකුත් වුන English ෆිල්ම් එකක්. උපසිරැසියේ සමහර වචන ඔයාලට අවුල් වගේ ඇති. ඒක එච්චර ගණන් ගන්ඩ එපා ඉතීම්. පලවෙනි එක හින්ද බාර අරගෙන ටික දවසක් ගියා ඔයාලට සබ් එක අරගෙන එන්න. මේ ෆිල්ම් එකේනං මම දක්කෙ නෑ කව්රුවත් දැනට සිංහල උපසිරසියක් නං කරලා තියෙනව. ඔයාලට බලන්ඩ මිස් වුන හොඳ ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් මන් හිතනව දැනට බයිස්කෝප් වෙබ් අඩවියෙන් විතරයි මෙකට සබ් එක දීල තියෙන්නෙ කියල.

ෆිල්ම් එක ගැන කියද්දි මේක IMDB එකට අනුවනන් ලොකුම රේට් එකක් ගන්න බැරිවෙලා තියෙනව. ඒ කියන්නේ 3.8ක් වගේ තමයි. ඒත් එහෙමයි කියල ඔයාල ෆිල්ම් එක අතාරින්න එපා. මන් බලපු ෆිල්ම් වලින්නන් ගොඩක් හොඳ එකක් කියල මට කියන්න පුළුවන්. මේක Sci-Fi ෆිල්ම් එකක්. දැන් රිලීස් වෙලා ටික කාලයක් (2017දෙසැම්බර් 7). මේක ප්‍රයිවට් S.U.M.1 කියල සොල්දාදුවෙක් වටේට තමයි යන්නෙ. පිටසක්වල ජීවින් පහර දීල මේ වෙනකොට පෘථිවියෙන් 95%ක්ම මනුෂ්‍යයන් විනාෂවෙලයි තියෙන්නෙ. ඉතින් මේ ජීවින් හඳුන්වන්නෙ “නන්සච්” කියල. මෙයාලගෙන් බේරුණ ඉතුරු අයව ආරක්ෂාකරගන්න එක්සිලියම කියල මුරපොලක් පොලොව යට මෙයාල හදල තියෙන්නෙ. මෙතන SUM1 ඇතුළු තවත් සෙබළු කීප දෙනෙක් දවස් 100 බැගින් පොලොව පතුපිට ඉදිකරලා තියෙන මුරපොළවල් වල ඉඳන් මේ නන්සච් උන් ගැන අවධානයෙන් ඉන්න ඕනෙ. ඒත් මේ අය ඒ ඒ මුරපොලවල ඉන්නෙ තනියම. ඒ වගේම කවුරුවත් මේ කියන නන්සච් ජීවින් නං තවම ඇහැට දැකලනන් නෑ. මොකද ඒකෙක් දැකපු කෙනෙක් මේ වෙද්දී ජිවත් වෙලා නෑ. ඉතින් අන්න ඒකම අපේ මේ SUM1 ට ලොකු සැකයක් වෙනව. ඒ වගේම එයාට කලින් මේ බංකරයේ හිටපු කෙනා ගැනත් මුලස්ථානයෙන් මෙයාට හරියට විස්තරයක් කියන්නේ නෑ. තව මෙයාට හමුවෙන සමහර දේවල් හින්දත් මෙයාගෙ සැකය තහවුරු වෙනව. මෙතනදි පෘතුවියේ සම්පත් මේ වෙද්දී ගොඩක් අඩු නිසා වරප්‍රසාද ලැබෙන අයට වැඩි සැලකිල්ලක් දක්වන්න අනික් අය පොලොව යටට බොරුවක් කරල යවනව කියල තමයි හිතන්නෙ. ඒ කියන්නෙ මේ නන්සච් කියන්නෙ මේ අයගේ මවාපෑමක් කියල. ඉතින් ඒකෙන් මිනිස්සුන්ව බේරගන්න මෙයා ආරක්ෂක චක්‍රය බිඳල දානව. ඒත් මෙතනදි තමයි කතාව වෙනස් වෙන්නෙ. කව්රුත් හිතුවේ නැති අවසානයක් තමයි අන්තිමට සිද්ද වෙන්නෙ. ඉතීම් මේකෙන් අන්තිමට සිද්ද වෙන්නෙ මොකක්ද කියල ඔයාලම බලන්න.

කතාවෙ වෙන ගොඩක් දේවල් කිව්ව හින්ද ෆිල්ම් එක බලදදී ඒක අවුලක් වෙයිද මන්ද. කෝම උනත් ඔයාල බලන්ඩ ඕනෙම ෆිල්ම් එකක් තමයි මේ. එහෙනං දෙවෙනි උපසිරසියෙන් හම්බවෙමු.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | MkvCage | 720p | 750MB |

2D3B5175508761E81B2CA72A9CB69795B5478957

| WEB-DL | x264 | iExTV | 700MB |

69a22ebf4b81e7d5a6cd3249b5c46048d6b631c5

 Direct Download

| WEB-DL | x264 | 480p | 324MB|

| WEB-DL | x264 | iExTV | 699MB|

| WEB-DL | MkvCage | 720p | 750MB |

| WEB-DL | x265 | 720p | 598MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Alien Invasion: S.U.M.1 (2017) | ඔබේ සුපරික්ෂාකාරීත්වය අපගේ පැවැත්මයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong